Friday, May 27, 2011

මතක මංපෙත - 5


"ඇයි යාළුවා ඇහුවද නැන්දම්මා සැරද කියලා?"
තරූට පොළොව පලාගෙන යන්නට සිතුනි. කෙදිනකවත් ඇයට එතරම් ලැජ්ජා සිතී නැත. ඔහු ඔහුගේ මව නැන්දම්මා කරද අවසානය.
තරිඳු අයියා සහ සඳුනි අතර ඇති වූ කතාවේ සෑම වචනයක්ම දැන ගැනීමට තරූට අවශ්‍ය විය.
"දැන් බලන්න යොහාන්. ගිහින් දැන් කොච්චර කල්ද? තවම එක කෙල්ලනෙ දා ගත්තෙ. මං ගියානම් මේ වෙනකොට දෙන්නෙක්වත් දාගෙන."
"ඔන්න ඕකනේ කියන්නෙ. ඔය කියවුනේ ඇත්ත"
"මගේ අරක්කුවලින් මටම ගහනවනෙ"
"... කියන්නෙ අරක්කුත් බොනවා."
"බියර් නම් බීල තියෙනවා. බිග් මැච් එක දවසට අරක්කුත් බීල නැත්තෙම නෑ" එවරනම් තරූගේ හිත කඩා වැටුනි.
"තරුෂි හරිම අහිංසකයි. එයාගෙ හිත රිදුනොත් ඒකම හිතනවා, හිත හදන්න අමාරුයි." තමා අහිංසක බවක් තරූ දැන සිටියේ නැත. 'හරි ෂෝක්නෙ...මන් අහිංසකලු', තරූ සිතුවාය. කතාවට තරිඳු අයියාද හොල්මන් වන්න ඇතුවාට සැක නැත. ඔවුන් දැන සිටියේ අහිංසක තරුෂියෙක් නොවෙයි. ඔවුන් දැන සිටියේ බසයට ගොඩ වූ විගස බසය සිසාරා ඇන්ටනාව කරකවා බලන තරුෂියෙකි. මොනවා උනත් කුමක් හෝ හිතට වැටුන විට එය කල්පනා කරන බවනම් ඇත්තය.
"එයාට ඉගෙන ගන්න දෙන්න"
"හරි එහෙනම් ඔයාලා විභාගේ කරලා ඉන්නකෝ"
'මේ මොන විකාරයක්ද? අයි එයා කිව්වෙ නැත්නම් මන් විභාගේ කරන්නේ නැද්ද?'තරූට සිතුනි.
මොනවා කිව්වත්, නොසිතනා බව පෙන්නුවත් හිතේ මල් පොහොට්ටු හට ගන්නා බව තරූට දැනෙයි. මේ පිස්සව දැක්කොත්නම් මොලේට පොහොට්ටුව පිපිලා මලක් වෙන එකනම් නවත්තන්න බැරි වෙනවා. ඒත් මේකා මොන වගේද? 'කොහොම හරි පොත පෙරලලා සඳුනිගෙන් අහන්න ඕන'තරූ හිතුවා...
"අනේ මන්දා.. එහෙම කියන්න බෑ...ටිකක් ඉන්ද්‍රචාප වගේ..."
හුටා...හෙන ලොකු dial 1ක්නෙ...
"අයියෝ...කසුන් කල්හාර වගේ උනානම් සලකලා බලන්නවත් තිබුනා..."
ලංකාවෙම එක්තරා වයස් කාණ්ඩයක ළමයින්ට රුබෙල්ලා විදින්න දවසක් ආවා. දවසම ක්ලාස්. 'මාර කේස් 1. රුබෙල්ලද...ක්ලාස්ද...ඕක පස්සෙ විද ගන්න පුලුවන්.' තරූ ක්ලාස් ගියාය.
"ළමායි, දැන් රුබෙල්ලා විදලා නැති ළමයි එළියට ගිහින් විදගෙන එන්න" සර් යකඩ කටෙන් කීවා. තරූ සමින්දිත් එක්ක එළියට යනකොට ක්ලාස් 1ටම නර්ස් අක්කල ටිකක් ඇවිත් බෙහෙත් විදිනවා. ඒකට දිග පෝලිමක්... එදා එහෙම කළේ නැත්නම් ළමයි 2000කට විතර ජර්මන් සරම්ප හැදෙනවා. හොඳම කතන්දරේ තරූට දැන ගන්න ලැබුනෙ පසු දිනයේදිය.
"රුබෙල්ලා විද්දද?"සඳුනී උදේම කතාවක් පටන් ගත්තාය.
"නෑනේ...දැන් මැරෙයිද දන්නෙ නෑ නේද..." තරූ කීවේ ඇය ගිය පන්තියට සඳුනි නොපැමිණෙන නිසා තරූ රුබෙල්ලා විද ගත් බව ඇය නොදත් බැවිනි.
"ඊයේ තරිඳු අයියා කෝල් කරලා මගෙන් අහනවා ගොළුබෙල්ලා විද්දද කියලා"
තරූට හිනා ගියාය.
"තරිඳු අයියාට මාර වැඩේනෙ වෙලා තියෙන්නේ. එයාගේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවලු, ඒකාගෙ try කරන girl කොහේ ගියත් ඒකා පස්සෙන්මලු. ඉතිං ඊයේ girl රුබෙල්ලා විදින්න යනකොටත් මල්ලි බලන්න ගිහින්. තනියට තරිඳු අය්යත් එක්ක ගිහින්"  සඳුනී ත්‍රාසජනක චිත්‍රපටයක් විස්තර කරන්න පටන් ගත්තාය.
"ඉතිං"
"තරිඳු අයියා අදුරන aunty කෙනෙක්ලු බෙහෙත් විදින්න හිටියේ... ඉතින් aunty තරිඳු අය්යට ඇතුලට ඇවිත් වාඩි වෙන්න කිව්වලු. ඉතින් ඉතින් අදුරන කමට කතා කරන්න වෙන්න ඇති කියලා එයත් ගිහින් හොඳට වාඩි උනාලු. වාඩි වෙලා කතා කරන්න පටන් ගන්න බලනකොට අර ඇන්ට්ය් ෂර්ට් එකේ අත උස්සලා බෙහෙත් 1ක් විදලා පුළුන් කෑල්ලක් තියලා අල්ලා ගන්න කියලත් ඉවරලු. පොර හොල්මන් උනාලු මොකද උනේ කියලා. එයා හිතුවේ අඳුරන කමට වාඩි වෙන්න කිව්වා කියලලු."
තරූට හිනාව නවතා ගත නොහැකි විය. 'කෙල්ලෙක් බලන්න ගිහින් වෙච්චි දෙයක්' තරූ බඩ අල්ලන් හිනා වූවාය.
"අම්මා හොඳටම බය වෙලා කෝල් කර කර විස්තර හොයනවලු පුතාට විදපු බෙහෙත ගැන"
"ඉතින් එයාට වයස හරිද කියලා අහලවත් නැද්ද?"
" aunty දන්නවලු එයාගේ වයස... විදලා හෙමින් කිව්වලු පුතේ අර ළමයටත් විද ගන්න කියන්න කියලා.."
"මොන ළමයටද?"
"කලින් කුරුණැගල ළමයට වෙන්න ඇති"
"ඉතින්"
"තරිඳු අයියා ඊයෙම මෙහේ ඇවිත්"

4 comments:

පිස්සු පුසා said...

කලින් එකත් එක්කම අද තාම බැලුවෙ...

සාතන් said...

මන්තරකාරිගෙ බ්ලොගේ මේච්චර දවස් දාපු පෝස්ට් ටික ඔක්කොම කියවල ඉවරයි...

සාතන් මන්තර කියන්න කලින් අලුත් පෝස්ට් එකක් දැම්මොත් මොකද?...

මන්තරකාරි said...

කවුරුහරි මං ලියපු දෙවල් කියවන එක සතුටක්... ඉක්මනටම මන්තර පොතේ අලුත් පිටුවක් ලියන්නම්... :)

සංකල්ප said...

මොකෑ මේ අය කසුන් කල්හාරට මැරෙන්න හදන්නේ. මම් දන්න කියන ගෑනු ළමේකුත් මැරෙන්න හදනවා කසුන් කල්හාරව ඉල්ලලා. :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .