Thursday, February 2, 2012

මූණුපොතේ ශෙයාර්.....

හුදකලා සිත්සතන් එක්කොට
මකා කඳුළැලි සිනා මුසුකොට
බෙදා තොරතුරුත් සිතුවිලිත් එක්කොට
සැනසුව සිත මූණුපොත පෙරදින

උඩින්ම හම ගැසුව පූසෙක්ය
ඊලඟට ගෙල සිදින හරකෙක්ය
පිරී ඇත අසංවේදී රූප සැමතැන
නොසිතාම සංවේදී අයත් ඇතිබව...

මූණුපොතේ දැන් නැති කෙනෙක් නෑනෙ. මූණුපොත තියෙන එකත් කොච්චර දෙයක්ද කියලා හිතෙන්නේ අවුරුදු ගානකින් මුණ නොගැහෙන යාළුවොත් ලං වෙලා ඉන්නේ මූණු පොතෙන් නිසා.

මං මේක ලියන්න හිතුවේ මේ දවස්වල රැල්ලට ශෙයාර් කරන දේවල් නිසා. හිනා යන දේවල්...  සින්දු... වීඩියෝ... ඒ විතරක්ද?? ඇයි අනුවේදනීය දේවල්???

රූපවාහිනියෙන් අනුවේදනීය දෙයක් පෙන්නනකොට සංවේදී සිත් තියෙන අය බලන්න එපා කියලා මුලින්ම කියලනවා. මේල් එකක් ආවත් ගොඩක් වෙලාවට ටයිටල් එකේ හරි මේල් එකේ උඩින් හරි තියෙනවා සංවේදී අය බලන්න එපා කියලා. ඒත් මූණු පොතේ?? කෙලින්ම සංවේදී කට්ටියට බලන්න අමාරු පින්තූරත් ශෙයාර් කරලා තියෙනවා.

එහෙම ශෙයාර් කරන්නේ ඒ දේවල් කරන එකෙන්, සිදු වෙන එකෙන් මිනිස්සුන්ව ඈත් කරන්න ඕන නිසා බව ඇත්ත. ඒ දේවල් නවත්තන්න පුළුවන් විදියට උත්සාහ කරන එක හොඳයි. ඒත් ඒ රූප බලන්න බැරි කොටසකුත් ඉන්නවනම්?? අපි ඒ අය ගැනත් චුට්ටක් හරි හිතන්න ඕන නේද?? හෝම් පේජ් එක පුරවලා සත්තු මරන එව්වයි, හම ගහපු එව්වයි තියෙනකොට සංවේදී හිත් තියෙන අය???



24 comments:

Janaranga Dewasurendra said...

කතාව නම් ඇත්ත..ඔහොම එක එක කාලෙට රැලි තියනවා..හැබැයි ඒවා රැල්ලෙන් රැල්ලට පාවෙලා නැතිවෙලා යනවා..හරියට හිපොප් කලාව සහ රැප් කලාව වගේ

said...

එක කට්ටියක් පටන් ගත්තා වැඩේ නැගලා ගිය හින්දා දැන් හැමෝම ඒක කොපි කරනවා මන් නම් දිගට හරහට ඒවා ශෙයා කරන උන් Unsubscribe කරනවා

Dinesh said...

මමත් මේ ටිකේ ගොඩක් දේවල් දැක්ක ඔය වගේ.. මමනම් එකක්වත් ශෙයාර් කලෙත් නෑ කවුරුවත් මගේ වෝල් එකට ශෙයාර් කරලා තිබ්බෙත් නෑ..

The තරුවා said...

හ්ම් කතාවෙ ඇත්තක් තියනවා....හැබැයි මාත් ඔය ශෙයාර් කරන ගොඩේම කෙනෙක්...

Nishan de siva said...

කතාව නම් ඇත්ත.

Anonymous said...

අපෝ මළ කරදරේ තමා ඔය එක එක එව්වලින් එන පිංතූරවලින්..අපිටයි ගහන්න ඕනා ඕවට ලයික් කරාට..

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

ශයංගගේ ප්‍රාන්තය said...

අනිවා අක්කා..ලක්ෂ ගානක් පාවිච්චි කරන FB එකේ සංවේදී අය ගොඩාක් ඉන්න පුළුවන් ...ඒ නිසා එහෙම නොකරනවා නං තමයි හොද

සංකල්ප said...

නොටිපිකේශන් වලින් තමා බේරිල්ලක් නැත්තේ.
ඒ අවුල නැත්නම් කමක් නෑ. :)

සිතුවිලි නිහඬයි said...

සම්පුර්ණ ඇත්ත අක්කා...වෙලාවකට මහම මහා ඇණයක්....සමහර ඒවා බලන්නත් බයයි....

මන්තරකාරි said...

ජනරංග: මේ බලන්න බැරි රූප කලාවත් ඉක්මනට නැති වෙනවනම් හොඳයි

ම: මොකාද ශෙයාර් කරේ කියලවත් මටනම් බලන්න බෑ...

දිනේශ්: වෝල් එකේ නැතුවට හෝම් පේජ් එකේ උඩින්ම තියෙනවනෙ මල්ලි...

තරූගේ ලෝකය: හ්ම්ම්... :(

නිකමා: ඒකනේ...

හරී: ගුටි කාපු පින්තූර බලන්නත් බැරියෝ...

ශයන්ග: අනිවා මල්ලි...

මධුරංග: අනේ ඉතින් අපිට කොහෙන්ද ඔහොම හිතක් අවුලක් නැතිව බලන්න...

සිතුවිලි නිහඬයි: දැක්කම ඔළුවත් කැරකෙනවා....

Raj said...

ඔය රැලිවල එල්ලෙන් නැතුව හිටපන් නගේ

හිතහොඳ පිස්සා said...

ඕක මහ වයිරස් එකක්...අදයි ආවෙ ඔන්න..ජය වේවා...!!!

පැණි දොඩම් said...

ඔබ මේකට කැමතිනං ෂෙයා කරන්න.. නැත්තං කමෙන්ට් කරන්න.. ලයික් කරන්න. එතකොට ඔක්කොම හරි.
අපිට වෙන වැඩ නෑ.

හිතුවක්කාර කෙල්ල said...

කාලෙකින් අක්කිට බ්ලොග් එක මතක් වෙලා..:D

ඇත්ත කතාව අක්කෙ.. ඔය ශෙයාර් කරන සමහර එව්වා නම්..හෆ්ෆෝ!!! කතා කරලා වැඩක් නෑ,,

පුංචි said...

ඔය ෂෙයාර් කිරිල්ල නම් මහා විකාරයක්. අනික සමහර ඒවා මහා පුදුම කතා.මම නම් ෂෙයාර් කරන්නේ නෑ..ඔයාගේ අදහස හරි. ඒ වගේම තව දෙයක් තියෙනවා..සමහර ෆොටෝ දාල කියනවා ඒ ෆොටෝ දෙකේ වෙනස කියන්න කියලා.ටිකක් වෙලා බලන් ඉන්නකොට යටිගිරියෙන් කෑ ගහගෙන බය හිතෙන රුපයක් එනවා. ඇත්තෙන්ම එක හරිම නරක වැඩක්. මමත් ඒ අත්දැකීමට මුණ දුන්න.මට ටිකක් වෙලා ගිය හුස්ම ගන්නත්. හර්ද රෝගියෙක් එහෙම උනාම මොනා වෙයිද.

Unknown said...

ලිපිය නම් සහතික ඇත්ත නොවැ...ඇයි ඔය විතරක්ද අපි දන්නෙත් නැ ඒ උනාට ගෘප් කියක නම් ඉන්නවද ..ඒවායේ දාන සේරම පොස්ට් වෝල් එකේ ,...කාට කියන්නද එකෙට්වත් පේන්නැති වෙන්න දැම්ම ප්‍රයිවසී...

Unknown said...

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මන්තරයක් ජප කරගන්න කියල අදමයි මේ පැත්තේ ආවේ..මන් එහෙනම් තව ටිකක් ජප කරගෙනම යන්නම්..ජය වේවා...

duliponline said...

එකෙංම අන්සබ්ස්ක්‍රයිබ් තමා . . . ආයෙ දෙක හමාරක් නෑ

වර්ණා said...

sahathika aththa kathaawa

Soda ගුනේ said...

මෙය SHARE කිරීමට මොහොතක් ගත කරන්න....:D

Bunny said...

සිරාවට.. ඕවා දාන උන්ටයි හිතක් පපුවක් නැත්තෙ.. මට නම් බැ බලන්න..
තව මුං හිතන් ඉන්නෙ පනුවො ගහපු පිංතුර දැක්කාම නිකන්ම සෝවාන් වෙනවා කියලා

කල්ප said...

සිරාවටම .....ඇයි දෙයියනේ මිනිහෙක් අනතුරක් වෙලා මැරුණත් ඒකත් share .ඔතන වෙලා තියෙන්නේ ඕන එකයි එපා එකයි දෙකම පටලවගන්නවා....ඒකත් නිකන් කලාවක් වෙලා..."

ධමිමික ස‍‍දරුවන් said...

නිකන් කලාවක් නෙමෙයි.ඕක මහා තිරිසන් කලාවක්.ෆේෂ්බුක් කියන්නේ මහා වසක් අපි පාවිච්චි කරන විදිහට.

කෝරලේ මහත්තයා said...

හ්ම්ම්ම්ම් කතාවෙත් ඇත්තක් තියෙනවා

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .