Wednesday, June 1, 2011

මතක මංපෙත - 6

'ඈං... ඔන්න හිනාව නැති වෙන තැන. කියන්නේ ඊයේ තරිඳු අයියා මෙහේ ඇවිත්...' තරූ බිය වූවාය.
මොන තරම් හිත ගැස්සුනත් තරිඳු අයියාට රුබෙල්ලා විද්ද සීන් 1 තරූට මහත් සිනා සයුරක් වුයේ ඔහු එය ගැහැණු ළමුන්ට පමණක් ලබා දෙන එන්නතක් බව සිතා බිය වී සිටි නිසාය.
අඟහරුවාදා Physics පන්තිය අවසන් වී යෙහෙලියෝ පයින්ම ප්‍රධාන බස් නැවතුමට ගොස් බසයක වාඩි වී යාමට පුරුදුව සිටියහ.
'තරිඳු අයියා ඇවිත් ගියාද තවම මෙහේද දන්නෙ නෑ. මොකෝ ලඟට ඇවිත් පිහියෙන් ඇනලා ගියත් මං දන්නවද...' මග දිගට තරූගේ සිත දෙගිඩියාවෙන්, බියෙන් ගැහෙන්නට විය. එහෙත් ඇය සඳුනීගෙන් ඔහු පිළිබද විමසන්නට මැලි විය.
'මට මෙයාලා හැරුනත් තේරෙනවා. එයාලට මාව ඕන හැම වෙලාවෙම එයාලා එක්ක ඉන්නව. ඇයි මෙයාලට මං බය වෙලා ඉන්නේ කියලා තේරෙන්නේ නැත්තේ?' බයට අමතර කලකිරීමක් තරූගේ හිතට තම යෙහෙළියන් දෙදෙනා ගැන දැනුනේ සුපුරුදු පරිදි ඔවුන් දෙදෙනා එක සීට් එකක වාඩි වී ඈ තනියම වාඩි වීමට ඉතිරි වූ විටය.
'කමක් නෑ. මමමනෙ මේ වැඩේ පුරුදු කරේ' ඇය සිත හදා ගත්තේ සඳුනී තනිව වාඩි නොවිය යුතු බව තීරණය කලේ තමාම බැවිනි. එහෙත් එයට හේතුව තවදුරටත් කෙසේවත් හේතුවක් නොවිය.
රිදී තිබූ හිත තවත් රිදුනේ දිනක් ඇය අසංක අයියාට ලියූ ලිපියක් කියවූ පසුය.
'...තරූ තරිඳු අයියාට කැත කතාවක් කිව්වා. මොකක්ද කිව්වේ කියලානම් කියන්න බෑ. ඒකනම් අමුම අමු කුණුහරුපයක්...'කමක් නැත. අවුරුදු 17ක කෙල්ලෙක් කැත කතාවක් කීවා යන්න විශේෂයක් වේයයි ඇයට හිතුනේ නැත.
'...මධුෂිත් ලොකු අත්තක් අල්ලා ගන්න ඕනලු...දැන් අනුන්ගේ කතා ඇති. ...' තරූගේ හිත මහත් කම්පාවට පත් විය. තමාගේ ආදරණීය මිතුරියට, තමාගේ දකුණු අතට තරූ පිට කෙනෙක් බව කියා ඇත. ඇයට මහා දුකක් දැනුනි.
"මධුෂිත් ලොකු අත්තක් අල්ලා ගන්නවා කියන්නේ දැන් මං ලොකු අත්ත අල්ලගෙන වගේනේ." කලකිරීම නොපෙන්වා ඇය කීවාය.
...
...
"ඊයේ අම්මයි මමයි ටවුන් ගිහින් එනකොට තරිඳු අයියාත් ඇවිත් ඒ බස් එකට නැංගනේ." නැවතත් දිනක් සඳුනි තරිඳු අයියා පැමිණි කතාවක් පටන් ගත්තාය.
"වෙලාවට අම්මාට පිටිපස්සේ සීට් 1ක් ලැබුනා. එතකොට මිනිස්සු පිරුනම අම්මාට මාව පේන්නෙ නෑනේ. මං තරිඳු අයියාත් එක්ක බස් එකේ මැදට ගිහින් කතා කර කර අවා." අනෙක් යෙහෙළියන්ට ඔහු ගැන ඇසුන විට ඒ සඳුනීගේ නැන්දාගේ පුතා වූවාට ඇගේ මවට  එසේ ඥාති පුතෙකු නැති නිසා ඇය හොරෙන් ඔහු සමඟ කතා කර තිබුනි.
"එයා අලුතෙන් මොබයිල් එකක් අරන්,ඒක පෙන්නුවා"
"පිටේ එල්ලන බෑග් එකක් අරන් ආවා"
"ඒකෙ පොල්ලු"
"මොකක්?"තරූ තිෂ්නිම්භූත වූවාය.
"බෑග් එකේ පොල්ගෙඩි තුනක්ලු. පොල් නැති යාලුවෙක්ට ඒක දීලා එහේ නවතිනවා කිව්වෙ"
"මේකා කුරුණෑගල ඉදලා පොල් ගෙඩි තුනක් බෑග් එකේ දාගෙන ඇවිත්ද"සිනාව නවතා ගත නොහැකි වූ තරූගේ ඇස් දෙකෙන් කඳුළු පිටවිය.
"එය මගින් බැස්ස සංක අයියලා නැතුව එහේ නවතින්න බෑ. හවසට ඇන්ටි බලලා එන්න යනවා කියලා. මං කිව්වා මාව සෙනග පිරිච්ච බස් එකේ මැදට එක්ක ආවානම් එක්ක යනවා දොර ලඟට කියල. බෑග් එක මට දීලා මේකා මට කියනවා එහෙනම් මේකත් අරන් පස්සෙන් එනවා කියල. මන් කෑ ගැහුවා මට පොල් මල්ලක් උස්සගෙන එන්න බෑ කියලා. ඒ පාර මට බැන බැන බෑග් එකත් අරන් දොර ලඟට එක්ක ආවා."
ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇදලා රබර් සෙරෙප්පු දෙකක් දා ගත්ත කොල්ලෙක්... සල්ලි තිබුනත් සල්ලිවලින් ඔළුව ඉදිමී නැති පිස්සෙක්... තරූගේ සිතේ පාට පාට මල් පිපී ලස්සන චිත්‍රයක් ඇදෙන්නට විය.

5 comments:

සාතන් said...

අහද්දි නම් පොල්ලෙන් ගැහුව වගේ බෑ ගාන කෙල්ලො මෙහෙම තමයි එහෙනම් ඈ...

මන්තරකාරි said...

ලෝකයක් මිනිස්සු ඉගෙන ගන්නකම් බලාපොරොත්තු තියාගෙන ඉදිද්දි, ජීවිතේට දැකලා නැති කොල්ලෙක් යාළුවෙක් අතේනම් කැමැත්ත අහලා එව්වෙ, යාළුවා බොරුකාරියෙක් කරන්නත් බැරිනම් 'බෑ' කිව්වත් ඒ කොල්ලා හිතේ ඉදපු විදියේ පිස්සෙක් කියලා අහන්න ලැබෙනවනම් කෙල්ල මෙහෙම උන එක වැරදිද...?

සිතුවිලි නිහඬයි said...

ලස්සනයි...අද තමයි මේ පැත්තේ ආවේ...මුල ඉදන් සේරම කතාව එක පාරටම කියවුව...ඉකමනට ඉතිරිය දාන්න

මන්තරකාරි said...

ස්තූතියි... ඉක්මනටම ඉතිරියත් දාන්නම්...

මධුරංග said...

පොල් කිව්වම තමයි මතක් උනේ. අපේ ගෙදරත් යාලුවෙක් ආවා පොල් ගොඩකුත් අරගෙන අපේ ගෙදර නවතින්න. කුලියට දුන්නේ පොල් !!!!

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .