Thursday, May 19, 2011

මතක මංපෙත - 4

"කොණ්ඩෙ දිග, කටකාර, වැඩිය හිනාවෙන්නෙ නැති නංගි..."
තරිඳු අයියා තමා හදුන්වා දී ඇති ආකාරයට තරූට හිනා ගියාය.
“මට කොප්පර මුදලාලි කෙනෙක් බදින්න බෑ.”
බය, තරහා, සතුට... සියල්ල එක්වූ අමුතුම සිතුම් සමුදායක් තරුගේ සිතේ පෙළ හැසෙන්නට විය. තරූ කිසිවිටෙක තරිඳු අයියා දැක නැත. ඔහු ලඟටම ඇවිත් ගියත් ඔහු බව ඇය නොදන්නා බැවින් ඇය බය විය. කලින් කෙතරම් කීවත් සඳුනී ඔවුන් හදුන්වා නොදී ඔවුන් දැක ඇති බවට බොරු කියා ඇත. දැන් කෙසේ හෝ එම බොරුව සඳුනීගේ මඟුල වෙනුවෙන් රැක ගත යුතු බැවින් ඇයට තරහා ගියාය.
කුමක් කෙසේ වුවත් දැන් සඳුනි තරිඳු අයියාට පිළිතුර දී අවසානය. තරූට ඇත්තේ අම්මාත්, තාත්තාත්, සඳුනීත් වෙනුවෙන් එය ස්ථීර කිරීම පමණි. තම අකමැත්ත ප්රකාශ කළ තරූ සඳුනී සමඟ පන්තියට යාමට සැරසුනාය.
Pastry shop 1 ගියත් කෑමට සිත් නොදෙයි. එහෙත් වෙනසක් පෙන්විය නොහැක. ගත් කිරි පැකට්ටුව බීමටද නොහැක. අමාරුවෙන් එය බිව් ඇයට අප්පිරියා සිතුනි. පන්තිය පටන් ගති. සර් ධ්වනිය උගන්වන්නට විය. තරූට කුමන ධ්වනියක්වත් ඇසුනේ නැත. ඇය කල්පනා ලොකයක අතරමං වී සිටියාය.
පුංචි ලොකයක ජීවත් වූ තරූ බාහිර ලෝකය සමග සමාජ ගතව නොසිටියාය. A/L පටන් ගන්නා විටම තමන්ගේ ලෝකයේ දොර අඟුළු වැසුවේ පිටස්තරයෙකු පැමිණීම වැලක්වීමට අවශ් විදිවිදාන සලසමිනි. සෑම විටම ඩෙනිම් කලිසමට එකම ආකාරයේ ටී ෂර්ට් ඇද රබර් සෙරෙප්පු දෙකක් දමා කොණ්ඩය ගොතා සිටි ඇය කිසිවකුගේ අවදානයට යොමු වූයේ නැත. ඇය එසේ කිරීමට හේතු වූයේ වෙන කිසිවක් නොව කලකට ඉහත සඳුනීත් අසංක අයියාත් අතර ඇති වූ ප්රශ්නයක් නිසාවෙන් කිසිවෙක් සමඟ සම්බන්ධයක් ඇති නොකර ගැනීමට තීරනය කර සිටි බැවිනි.
තමාගේ ප්රයත්නය අසාර්ථක වී ඇත. කෙසේ හෝ තමා තරිඳු අයියාගේ අවදානය දිනාගෙන ඇත. එහෙත් ඔහු කියන්නේ තමා ගැනමද? ලඟදී ඇතිවූ පුංචි පුංචි දේ නිසා තරූ මදක් ඈත් වී සිටි අතර සැම විටම එක්ව ගමන් ගියේ සඳුනී හා මධුෂිය. මධුෂිද ලඟදි කොණ්ඩය වවන්නට පතන් ගත් බැවින් ඇගේද කොණ්ඩය දික් වී ඇත. තරිඳු අයියා කියන්නේ මධුෂි ගැන වන්නට නොහැකිද? එසේත් නැත්නම් තරූගේ හොඳම මිතුරියක් නිසාවෙන් ඔයුන් තිදෙනාට එක් වී සිටි සමින්දිද කොණ්ඩය දිග, කටකාරියකි. කෙතරම් සිත රවටා ගැනීමට තැනුවද තරිඳු අයියා කැමැත්ත ප්රකාශ කලේ තමාට බව තරූට දැනුනි. එය බොරුවක් නොවන බවද ඇයට දැනුනි.
සියල්ලටම වඩා තරු පෙනෙනා දෙයක් ඇයට මතක් විය. තරිඳු අයියා හැදින්වීමට යොදා ගත් හස්ත මුද්රවෙන් ගත් photo ටික! ටික දැක්කොත්නම් ඉවරටම ඉවරයි.
මෙහෙම මනෝ ලෝකෙක පා වෙවී ඉදලා හරියන්නෙ නෑ. දැන් පාඩම අසා සිටිය යුතුය, තරූ තීරණය කලාය.
"හරි ළමයි, අපි එතන ඉදලා ඊලඟ දවසේ කරමු" ඇය පාඩම ඇසීමට සිතුවා පමණි පන්තිය අවසන් විය.
හොඳ වෙලාවට මෙම සතියේ අම්මා පුහුනුවකට ගොස් ඇත. නැත්නම් නොකා නොබී කල්පනා ලෝකයක ජීවත් වන තරුගේ වෙනස අම්මාට මොහොතකින් තේරෙයි. බාලිකා පාසලක උගත් ඇය අයියාගේ මිතුරෙක් සමඟවත් කතා කර නැත. කිසි විටෙක දැක නැති තරිඳු අයියා ඇය මෙතරම් කැළඹුවානම් දුටුවහොත් ඇගේ සිතේ ඇති කැළඹීම ආදරයකට පෙරලේයැයි ඇය බිය වූවාය. ඇයට වරින් වර ගණ දෙවි නුවණ පහල වෙන්නට විය.

"මුලින්ම අසංක අයියා ඔයාට කැමති උනා. ඊට පස්සේ සංක අයියා ඔයාගෙ බාප්පගෙ දුවට කැමතියි කිව්වා. ඊටත් පස්සෙ යොහාන් අයියා ඔයාගෙ මාමගෙ දුවට කැමතියි කිව්වා. දැන් ඉතිරි ඔයාගෙ නැන්දාගේ දුව. තරිඳු අයියාට එයාව set කරලා දෙන්න." තරූ සඳුනිට කිව්වේ 7 වසරේ උගත් ඇගේ නැන්දාගේ දුව පෙන්වමිනි.
කෙතරම් සැහැල්ලුවක් පෙන්වා විහිළු කළත් ඇත්තටම තරිඳු අයියාගේ තීරණය දැන ගත යුතුය. බොරු හේතුවක් මවා ගනිමින් තරූ සඳුනිගේ නිවෙසට ගොඩ වැදුනේ තරිඳු අයියා කී දේ දැන ගැනීමටය.
"අපි වගේ නෙවෙයි, තරූ ඉංජිනියරින් යන එක ෂුවර්. එයාට ඉගෙන ගන්න දෙන්න" මළා... සඳුනි තරූව ඉංජිනියරින්ද යවා ඇත.
"හැම කෙල්ලෙක්ම කැමතියි ගෙයක් වාහනයක් රස්සාවක් තියෙන කොල්ලෙක්ට" සඳුනි තරිඳු අයියාට කියා ඇත්තේ නොසිතුනම පැත්තකි.
"රස්සාවක් නැති උනාට වත්තෙ ආදායම තියෙනවනෙ... වාහනයක්... ම්ම්ම්... බාප්පගෙ pejaro 1 මගේ වගේ තමයි... ගෙදර ඉතින් මහගෙදර තියෙන්නේ..."
"ගෙදර කාමර කීයද?"
" මං ප්ලෑන් 1 ඇදලා එවන්නම්කෝ"
ඔවුන් දෙදෙනා අතර ඇතිවූ මෙම පිළිසදර පිළිබද සඳුනී කී විට තරූට ඔහු කෙතරම් සැහැල්ලු සුන්දර තරුණයෙක් නොවේදැයි සිතුනි.
"ඔයා ඔහොම කෙල්ලොත් එක්ක යාලු වෙනකොට අම්මට ආරංචි වෙන්නෙ නැද්ද? අම්ම බනින්නෙ නැද්ද?"

1 comments:

සංකල්ප said...

මේ කෙල්ලෝ පන්ති යන්නේ කොල්ලොත් එක්ක යාලු වෙන්න නෙව. ඉතුරු ටිකත් ඉක්මනටම බලන්න ඕනා. :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .