Wednesday, May 4, 2011

මතක මංපෙත - 2

තරුෂි පසුදින පාසල් ගියේ අදවත් සඳුනි කතාව කියාවිදැයි සිතමිනි. පාසල ආරම්භ විය. විවේක කාලයද පසු විය. පාසල නිමා විය. සඳුනි කතාවනම් කියන්නේ නැත. සෑම විටම කුමක් හෝ කියා කතාව නොකියා සිටියාය.
ඊලඟට ඇත්තේ Physics පන්තියට යාමටයි. තවදුරටත් මේ කුතුහලය සමඟ සිටිය නොහැක. තරුෂි නැවතත් කතාව ඇදලා ගත්තා.
"අසංක අයියා call කරා"
තරුෂි එහි කිසිදු වෙනසක් දුටුවේ නැත. අසංක අයියා යනු සඳුනිගේ පෙම්වතාය. වරින් වර අහම්බයෙන් මුණ ගැසුනද ඔවුන්ගේ සම්බන්ධය තිබුනේ දුරකතනයෙන් පමණි. එබැවින් සඳුනිට පෙම්වතෙකු සිටි බව දැන සිටියේ  තරුෂි හා මදුෂි පමණි. එහෙත් ඔවුන් දෙදෙනාද කිසි දිනක අසංක අයියාවත් ඔහුගේ මිතුරන්වත් දැක තිබුනේ නැත. 'හදිස්සියකට කියන්නවත් ඔය මනුස්සයව අපි දන්නෙ නෑනෙ' කිහිප වරක් තරුෂි සඳුනිට කීවද සඳුනි ඔහු හදුන්වා දී නොතිබුණි. මසකට පෙර අසංක අයියාත් සංක අයියාත් උසස් අධ්‍යාපනය සඳහා පිටරට ගියහ. ඉතින් ඔහු call කිරීම දවස් 2ක් කීමට නොහැකිව සිටින්නට තරම් කතාවක් වන්නේ නැත.
"ඉතිං"
"තරිඳු අයියා call කරලා"
එහිද විශේෂයක් නැත. අසංක අයියාත්, සංක අයියාත්, යොහාන් අයියාත්,තරිඳු අයියාත් එකටම සිටි යහලුවන් සිව්දෙනාය. තම පියාගේ මාරුවක් නිසා කුඩා කල ඔවුන් සිටි පාසලට පැමිණ සිටිය තරිඳුගේ නිවෙස පිහිටියේ කුරුණෑගලය. පියාගේ මරණයෙන් පසුවද ඔහු එම පාසලෙම අධ්‍යාපනය හදාර තිබුණි. යොහාන් අයියා පළමුව පිටරට අධ්‍යාපනය සඳහා ගිය අතර අසංක අයියාත් සංක අයියාත් ගිය පසු ලංකාවේ ඉතිරි වූයේ තරිඳු අයියා පමණි. මව සහ තමා සතු ඉඩකඩම් බලා ගැනීමට ඔහු තීරණය කර සිටියේය.
"මොනවද කියලා තියෙන්නෙ?"
"ලියුමකුත් යවලා"
හොඳම යාලුවන් වූ ඔවුන් අතර ලියුමක් හුවමාරු වීමද විශේෂ කතාවක් වන්නේ නැත. එසේනම් සඳුනි කීමට හදන නොකියන කතාව කුමක්ද? අසංක අයියලා ගිය පසුද තරිඳු අයියා මාතර පැමිණ තිබුණි. හොඳම යහළුවන් තිදෙනාම ගිය පසුද තරිඳු අයියා පැමිණියේ කුමකටදැයි ප්රශ්නයක් තරුෂිගේ සිතේ තිබුණේ ඔහුට කුරුණෑගල පෙම්වතියක් සිටින බව අසා තිබුන නිසා. එසේනම් ඔහු මාතර පැමිණියේ අසංක අයියා සඳුනි ගැන සොයා බලන්න කියාවත්ද?
" ඉතිං මොනවද ලියලා තියෙන්නේ?"
"ගොඩක් දේවල් ලියල තිබුනලු"
"මොනවද?"
"ඔයා ගැනත් ලියලා තිබුනලු"
ඔහු තමා ගැන මොනවා ලියන්නදැයි තරුෂි සිතුවාය. ඇය ඔහුට සඳුනි අසංක අයියාට දුරකතනයෙන් අමතන විටෙක පැත්තක සිට කුඩා විහිලුවක් කළද ඊට වඩා දෙයක් ඇගෙන් සිදුවී නැත.
ඉන් අනතුරුව කතාව සඳුනි කියන බවක් නැත. කුමක් හෝ දෙයක් කියා ගැනීමට නොහැකිව ඈ ලත වුනාය. කෙමෙන් කෙමෙන් හෝඩුවාවක් සොයා ගත් තරුෂි අවසානයෙ තමා තේරුම් ගත් තීරණාත්මක ප්‍රශ්නය ඇසුවාය.

3 comments:

පිස්සු පුසා said...

huta.. kalin dannawanm man illanawa. dan bariweida danne na ne.. lassnai oya liyann sok ekata..
me dawas tike godak wada nisa onna dekama ada thama hariya kiyawawwe..

මන්තරකාරි said...

digatama kiyawalaa balannako puluwan weida kiyala...
sthuthiy commentuwata... :)

සංකල්ප said...

කතාවේ ඊලග කොටසත් කියවලාම බලමු මොකද වෙන්නේ කියලා.

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .