Saturday, May 21, 2011

දේව පූජාව

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න ලංකාව පුරාම සෑහෙන්න පිංකම්, පූජා තිබුනනෙ. මන්තරකාරිගෙ ගමේ පන්සලෙත් දවස් පහක පිංකම් මාලාවක් තිබුනා. පළවෙනි දවසේ පින්කම පටන් ගත්තෙ ලස්සන පෙරහැරකින්. ඊට පස්සෙ අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, කවි බණ වගේ ගොඩක් දෙවල් තිබුනා. අන්තිමට පිංකම් මාලාව අවසන් උනේ දේව පූජාවකින්.
දේව පූජාවක් කියන්නෙ මොකක්ද කියල දැකල නැති නිසා මන්තරකාරිත් ඉවර වෙනකන්ම හිටියා. දේව පූජාව කිව්වට වැඩියෙන්ම කියවුනේ බුදු ගුණ. මිනිස්සුත් බොහොම භක්තියෙන් පූජාවට සහභාගී වෙලා ආශිර්වාද ගත්තා.
දේව පූජාව අවසානෙදි මිනිස්සුන්ට දේව ආහාරය බෙදා දෙනව. ඒකට මන්තරකාරිගෙ පැත්තෙ කියන්නෙ 'මුරුතැන් බත්' කියලලු. වෙන පැතිවල නම් කොහොම කියනවද දන්නෙ නෑ. ඒක කජු, ප්ලම්ස් එහෙම දාපු තලපයක් වගේ රස කෑමක්. දුන්නෙ කැන්ද කොලේට. ආශිර්වාද ගත්ත බැතිමත්තු ටිකත් පිළිවෙලට පෝලිමේ ගිහින් ඒකත් ගත්ත කියමුකෝ.
දේව ආහාරය අරගෙන මිනිස්සු ටික ටික විසිර ගිහින් පන්සල් බිම පේන්න ගන්නකොට ඔන්න මිනිස්සුන්ගෙ භක්තිය බිම වැටිලා තියෙනවා පේනවා. අර ආහාරය දුන්න කැන්ද කොල ටික පන්සල් මිදුල පුරා දාලා. පන්සල් මළුවේ කාපු කොල දාන මිනිස්සුන්ගේ භක්තිය ගැන මන්තරකාරිට හිතා ගන්නවත් බැරි උනා.
ඒක දැකපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීතුමා කොල ඇහිදින්න ගත්තා. (මන්තරකාරිත් පොඩි sup 1ක් දුන්නා) කොල දාපු මිනිස්සු මේක කියවන්නෙ නැති වෙයි. ඒත් මේක කියවන අය මන්ත්‍රීතුමා කරපු දේ හරි කරයිනෙ.
සම්බුද්ධත්ව ජයන්තිය සඳහා පිළිවෙතින් පෙළ ගැසෙමු කියන්නෙ පන්සිල් කියන පිළිවෙත් ටික විතරක් රකිමු කියන එක නෙවේනෙ. පුංචි ආකල්පමය වෙනසකුත් ඇති උනානම් හොඳයි නේද...

9 comments:

පිස්සු පුසා said...

සම්බුද්ධ ජයන්තියත් දේව පුජාවත් අතර තියේන සම්බන්දේ නම් මන් දන්නේ නැ. එත් ලැගපු තැන කලා විනාස කරල යන පුරුදක් අපේ මිනිස්සුන්ට තියෙනවානේ. ඒක ගැන පුදුම වෙන්න දේයක් නම් නැ. කෝටි ගානක ජන සාමජයක හිත් වෙනස් කරන්න ඔයාටවත් මටවත් බැ. එත් සමාජයට යතාර්තය පසක් කර වෙනසක් කරන්න පුලුවන් වෙවි. එකට අපි ආදර්ශ මත් විය යුතුයි.

Anonymous said...

මේකනේ මන්තරකාියේ වැඩේ... අපේ මිනිස්සුන්ට බංඩිය පිරිනම ඔක්කොම අමතකයිනේ...

Anonymous said...

මන්තරකාරියේ,
මම දන්න තරමින් ඔය දේව පූජාවලදි දෙන බතට කියන්නෙ මුරුතැන් බත කියල...
අනේ වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්ඩෝ!!!

පන්සල් හංදිය said...
This comment has been removed by the author.
පන්සල් හංදිය said...

ලංකාවේ මිනිස්සු ඔය වැඩේ කරන්නෙ ලංකාවෙදි විතරයි ...

දැන් බලන්න පිට රට වාහනයක් හරියට සිග්නල්වලට එලවන කෙනාම ලංකාවට ආවාම කොහොමද එලවන්නෙ කියලා ...

ඔතන ඉන්න අයම පිට රටකට ගියොත් ඔය විදියට කොල හැම තැනම දායිද .....

ඕක හුරු කරන්න ඕන පුංචි කාලේ ඉඳලා නැත්නම් කවදාවත් කරන්න බැහැ ...

ගෙදරදි පිලිවෙලකට හැදෙන කෙනා පිටදිත් ඒ විදියමයි ..

ගෙදර අපිලිවෙලට ඉන්න කෙනා පිටදිත් ඒ විදියමයි ...

අපේ පැත්තෙත් ඔය දේව පූජාවලදි දෙන බතට කියන්නෙ මුරුතැන් බත කියලා, හොඳට හොයලා බලන්න ඔයාට වැරදිලාද කියලා .........

කමෙන්ට් කරද්දි එපා වෙන සීන් එකක් තමා වර්ඩ් වැරිෆිකේෂන්, අයින් කලොත් නරකද .........

මන්තරකාරි said...

සමාවෙන්න ඕනෙ වැරැද්දට. දන්නෙ නැතුවයි වැරදුනේ... දැන් හැදුවා 'මුරුතැන් බත්' කියලා...
ස්තූතියි කොමෙන්ටුවලට..වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නම්...
අපි වෙනසක් කරමු...:)

සාතන් said...

ඕව ඉතිං ‍ඔහොම තමයි... මොනා වුනත් මන්ත්‍රීතුමාව නම් අදහන්න වටින පොරක්... සාමාන්‍යයෙන් වෙන්නෙ කාට හරි අණ දෙන එකනෙ...

මන්තරකාරි said...

මන්ත්‍රීතුමා අලුතෙන් ප්‍රාදේශීය සභාවට පත්වුන කෙනෙක් නිසාද දන්නෙ නෑ. පාලිමේන්තුවට ගියොත් එයත් වෙනස් වෙයි සමහර විට...අපි වෙනස් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු....

සංකල්ප said...

මම නම් ඔය කියන මුරුතැන් බත් නම් කාලා නෑ. අර කියනවා වගේ රහ ඇති. කොහෙද ඉතින් මන්තරේට වගේ අපේ පැත්තේ දේවාල නෑනේ.

ලංකාවේ මිනිස්සු තමයි ඔහොම දේවල් කරන්නේ.පිටරටවල් වල නම් එහෙම කලාම දඩ ගහනවා.

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .