Saturday, May 14, 2011

මතක මංපෙත - 3

"ඇයි එයා මාව ඉල්ලුවද?"
"ඔව්"
එක් වරම අකුණක් ගැසුවාක් මෙන් තරුෂිට දැනුනි. කුමක්ද දැන් කිව යුත්තේ... ජීවිතයේ පළමු වරට කෙනෙක් ඇගෙන් කැමැත්ත විමසා ඇත. ඇය ඉදිරියේ ඇගේ අම්මාත් තාත්තාත් මැවී පෙනුනි. ඇය සමඟ හරියටම නොකීවත් ඔවුන් දෙදෙනා අයියා නිසා දුක් විදින බව ඇය දැන සිටියාය. තමාද මේ මොහොතේ කිසිවෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගතහොත් ඔවුන් දෙදෙනා මිය යාවියැයි ඇයට සිතුනේ දිනක් අම්මා 'දුවේ ඔයා නිසයි අපි මෙහෙම හරි ඉන්නෙ, නැත්නම් අපි දෙන්නා මැරිලා'යි කියූ නිසාය. නමුත් ඇයට එම හේතුව සඳුනි සමඟ කීමට සිතුනේ නැත.
"එහෙනම් එයාට plastic surgery 1ක් කරගෙන එන්න කියන්න"
තරුෂි සුපුරුදු දඟකාරකම මවා ගන්නට තැත් කරමින් කීවේ කලකට ඉහත චාරිකාවක් ගොස් දුටු අමතකව ගොස් සිටි ඇගේ සිහින කුමරා නිසා තරිඳු අයියාට අකැමැති බව කීමටය.
"මං එයාට කිව්වා කීයටවත් ඔයා කැමති වෙන්නෙ නම් නෑ කියලා"
සඳුනි සියල්ලටම පෙර පිළිතුර තරිඳු අයියාට දී තිබුනි.
කෙසේ වුවද තරුෂිට සිදු වූ දෙය සිතා ගතා නොහැකි විය. පළමුව තරිඳු අයියා තමාට ඇති කැමැත්ත අසංක අයියාට ලිපියකින් දන්වා ඇති බවත්, ඉන්පසු දුරකතන ඇමතුමක්ද දී ඇති බවත් නොකියා බැරි කමට අකමැත්තෙන් වුවද පිළිබඳව සඳුනි සමඟ පැවසූ බවත් සඳුනිගෙන් තරුෂි දැන ගත්තාය. තරිඳු අයියා සඳුනි අමතාද කලක සිට දන්න බව දැනුනායයි සුපුරුදු සාම්ප්රදායික කතාවක් තරුෂි පිළිබද කියා තිබුනි.
අසංක අයියාගේ මිතුරෙක් කෙසේවත් සඳුනිගේ මිතුරියකට විහිළුවට මෙවන් යොජනාවක් නොකරනු ඇත. එහෙත් තරුෂි තරිඳු අයියා දැක නොසිටියද තරිඳු අයියා මීට බොහෝ කලකට පෙර තරුෂිව දැක සිටිය යුතුය. එසේනම් මේ එක්වරම දැක පුරුදු වූයේ කෙසේදැයි ඇය කල්පනා කලාය.
තරිඳු අයියා කියා මිතුරෙක් අසංක අයියාට සිටින බව දැනගත් දිනයේ තසුෂිත් මදුෂිත් දෙදෙනාම ඔහු ඉල්ලන බව සඳුනි අසංක අයියාට කීවාය. ඉන්පසු දිනක් තරුෂි ඇසූ සාස්තරයකට කියැවුනේ ඇය විවාහ වන්නේ දුර පෙදෙසක සිටින ඉඩම් හිමි පුද්ගලයෙකු බවය.  ‘ආදර අම්බධයක් කියලා මං කියන්නෙ නෑසාස්තර කරු කී දෙයින් තරුෂි සිතා ගත්තේ යෝජිත විවාහයක් බවය. පසුදින පාසල් ගිය සැනින් තරුෂි සඳුනිට සාස්තරය පිළිබඳව කීවේ  'ඔන්න තරිඳු අයියා ගැන තමයි කිව්වේ...ඔයා proposal 1 ගේන්න' යනුවෙනි. ඉන්පසු එය සඳුනිත් තරුෂිත් අතර පොල් කුමාරයාගේ කතාව බවට පත් විය. දිනක් සඳුනි අසංක අයියාට දුරකතන ඇමතුමක් දෙන විට තරිඳු අයියා අසල සිටින බව දැනගෙන තරුෂි 'පොල් කුමාරයා' යැයි කෑ ගැසුවේ දගකාරකමටය. 'කණෙන් අල්ල ගන්නම්'යැයි ඔහු කී විට තරුෂිට ඔහු තමා පිළිබඳ විශේෂයක් දක්වන බවක් සිතුනේ නැත.
එසේනම් මේ සිදු වන්නේ කුමක්ද? ඇය ඉස්සර සාස්තරයක් අසා විහිළුවට කී දෙය දැන් සැබෑවක් වී ඇත. ඇත්තටම සඳුනි තරිඳු අයියාගෙන් යෝජනාවක් ගෙනැවිත් ඇත. තරිඳු අයියා ඇත්තටම පැවසුවේ තරුෂි පිළිබඳවදැයි ඇය සැක කළාය.

2 comments:

පිස්සු පුසා said...

anthima tikak pahadili madi.. ayeth kiyawanna one... welawaka. obage kathawe ekama pataya wime maha gawrawath athiwa ayeth ennam

සංකල්ප said...

"පොල් කුමාරයා"

පුදුම නම් නේ කොල්ලන්ට මේයැයි දාලා තියෙන්නේ. හික් :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .