Sunday, May 1, 2011

මතක මංපෙත - 1

"තරුෂි, ඔයාට දෙයක් කියන්න තියෙනවා..."
අලුත් පාසල් වාරය පටන් ගත්ත මුල්ම දවසේ උදෙන්ම සඳුනි කියූ දෙයින් තරුෂි ගැස්සිලා ගියා. ඩිංගිත්තක් telepathy වගේ එකක් තිබුන නිසා තරුෂිගේ හිත ගැහෙන්නට උනේ මොකක් උනත් ලොකු කතාවක් කියන්නට යන බව ඉවෙන් වගේ තේරුන නිසා.
තරුෂි, සඳුනි, මධුෂි හොඳම මිතුරියන් බවට පත් වී වසර කිහිපයක් ගෙවී ගොස් තිබුණි. තරුෂි හා සඳුනි එකම පාසලේ වුවත් මධුෂි වෙනත් පාසලක වූවාය. නමුත් එකම ගමේ නිවෙස් පිහිතීම නිසා එය මිතුරුදමට භාධාවක් වූයේ නැත. කලක් ගතවන විට පුංචි පුංචි සිත් රිදවීම් සිදු වුවද එකියක් සිටීනම් අසලම ඉතිරි දෙදෙනාද සිටින තරමට ලංවූ සහෝදරත්වයකින් තිදෙනාම එකතු වී පල් වැඩ, මෝඩ වැඩ, පණ්ඩිත වැඩ... කරන අතර අධ්‍යාපනයද හොඳින් කරගෙන ගියෝය.
"ඒ මොකක්ද?" තරුෂි අසුවේ කුතුහලය පිරුණු දෑසිනි.
"කිව්වොත් ඔයා මට ගහයි"
මේ මොන මඟුලක්දැයි අස්න්නට තරුෂිට සිත් වුවද ඇසුවේ නැත.
තරුෂි හා සඳුනි එකම පාසලේ සිටි නිසා බොහෝවිට අදහස් මාරු වූයේ ඔවුන් දෙදෙනා අතරය. ඊට අමතරව සඳුනි දුටු සැනින් පුංචි වෙනසක් වුවද හඳුනා ගත හැකි වූ තරුෂිගෙන් කිසිවක් සැඟවීමට සඳුනිට නොහැකි විය.
තරුෂිගේ සිත කුතුහලයෙන් පිරී තිබුනද සඳුනි කීමට ඇති දෙය කියනා පාටක් නැත. පාසල ආරම්භ විය. එකම පන්තියේ එකම පේලිවේ එක ලඟ සිටියද තරුෂිත් සඳුනිත් පන්තියේදී පෞද්ගලික දේ කතා නොකලේ ඔවුන් පිළිබද සියලු දේ දත්තේ ඔවුන් තිදෙනා පමණක්ම බැවිනි.
"ඔයා කියන්න හැදුව කතාව කියන්නකෝ"
විවේක වෙලාවක් බලා තරුෂි නැවත වරක් අසුවේ එය දැන ගැනීමේ බලවත් කුතුහලය දරා ගත නොහැකි වූ නිසාය.
"ඇයි ඔයා ඊයෙ රෑ මහගෙදර බැලුවේ නැද්ද?" සඳුනි එක් වරම ඇසුවේ ඇය ලඟින්ම දසුනි කතාවට කන් යොමා සිටි බැවින්ය.
දැන් නම් කතාව කුමක් වුවද කුමකට අදාල දෙයක්දැයි පැහැදිලිය. කතාව අතිශය පෞද්ගලික රහසිගත දෙයකි.
"අනෙ නෑනෙ. ඊයෙ රෑ කට්ටියක් අවුරුද්දට අපේ ගෙදර ආවා. ඉතින් මහගෙදර බලන්න බැරි උනා" වැඩේ තේරුන තරුෂිද කතාව මහගෙදර බවට පත් කර මග ඇරියා.


5 comments:

පිස්සු පුසා said...

apo මහගෙදර balanawada? kawda ane owa balanne. samajayen prathikshepa una ewane.. digatama liyanna.. lassanai..

මන්තරකාරි said...

දසුනි කතාවට කන් යොමා සිටි බැවින් තරුෂි කතාව මහගෙදර බවට පත් කර මග ඇරියා...nethuwa mahagedara beluwa kiyala newine thiyenne...

thank u commentuwata... :)

පිස්සු පුසා said...

ekane. kohoma hari mahagedarath balanawane.. Lolya

සංකල්ප said...

ඔන්න පළවෙනි කොටසත් කියෙව්වා. ලස්සන ආරම්භයක් !!!!

ගිනි කුරුල්ලා said...

කතාව ලස්සන වෙයි වගේ...ඒත් කොට වැඩි අනේ..
ටිකක් දිගට ලියන්න අක්කේ..

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .