Thursday, August 25, 2011

ෆෝන් කතා...

ෆෝන් කියන්නෙත් ඉතින් මාරම භාණ්ඩයක් තමයි. ෆෝන් එක්ක කොයි තරම්නම් අපේ ජීවිතේ අවස්ථා බැදිලා තියෙනවාද... මාළුවාගෙ ෆෝන් කතන්දරේ කියෙව්වම මටත් ෆෝන් කතාවක් ලියන්න හිතුනා. මේ මන්තරකාරි රඟපාපු නාටක ටිකක්. මන්තරකාරිට හිනා වෙනව හෙම නෙවෙයි හොඳද?

ඉස්සර අපි ඕලෙවල් කරන කාලෙ අපි කාටවත් මොබයිල් නෑ. අපි ඒලෙවෙල් කරනකොට තමයි ළමයි මොබයිල් පාවිච්චි කරන්න පටන් ගත්තේ. (එහෙම කිව්වට මන්තරකාරිට එච්චර වයසක් නෑ, හරිද??) ඒත් ඉතින් එතකොටත් මොබයිල් එකක් ගත්තෙ අපේ යාළුවන්ගෙන් එක්කෙනයි. අපිට ඉතින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ සරණං ගච්ඡාමි තමයි. එහෙමයි කියලා ඉතින් වැඩි දෙයක් කරන්නෙ නෑ. එක්සෑම් කාලෙට නිදිමත උනාම යාළුවෙකුට කෝල් එකක් දෙන එකයි, යාළුවෝ ටික සෙට් උනාම කාටහරි පොඩී බයිට් එකක් දෙන එකයි ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ. අපි ඉතින් අහිංසක හොඳ ළමයිනෙ... වාසනාවකට ඉතින් ලෑන්ඩ් ෆෝන් බොහොමයක සී.එල්.අයි පහසුකමත් නෑනෙ. ඉතින් අපි වීරයෝ වගේ කතා කරනවා.


ඔන්න ඔහොම දවසක් අපිත් කම්මැලිකමට හිතුන නම්බර් 1ක් ඩයල් කරා.


"හෙලෝ..."


"හෙලෝ..." ඔන්න ස්වීට් අන්කල් කෙනෙක් ආන්සර් කරා... වීරයෝ වගේ ගත්තට කියන්න දෙයක් හිතා ගන්න අමතක උනානෙ.


"තරින්ද ඉන්නවද?" ඇහුව මෝඩ ප්‍රශ්නයක්...


"තරින්ද මලින්දත් එක්ක දේවින්දලාගෙ ගෙදර ගියානෙ" අන්කල් ලස්සනට කිව්වා. බයිට් උනේ අපිද මන්දා...


අපිට ඉතින් කාගෙ හරි නම්බර් එකක් අහු උනොත්නම් ඉතින් කෝල් කරනවමයි. අපේ යාළුවෙක්ගේ ගෙදර පොඩි කම්පැනි එකක් තිබුනා. ඒකට අලුත් සේල්ස් රෙප් කොල්ලෙක් අරන්, සුදු නිදිමත පාට කොල්ලෙක්. අපි ඒකාට කිව්වෙ 'දවල්ට රෑ' කියලා. ඇයි ඉතින් දවල්ටත් නිදිමත පාටටනෙ ඉන්නේ. ඉතින් ඔන්න යාළුවා ඒ කොල්ලගෙ සීවී එකෙන් ෆෝන් නම්බර් එක අරන් ඇවිත් බයිට් එකක් දෙමු කියලා. සුපුරුදු පරිදි ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක්.


"හෙලෝ..." ගෑණු කටහඬක් උත්තර දුන්නා.


"හෙලෝ, දවල්ට රෑ ඉන්නවද?" මන්තරකරිත් අතඇරියෙ නෑ, කෙලින්ම ඇහුවා.


"එයා ගෙදර නෑනෙ, කව්ද මන්තරකාරිද කතා කරන්නෙ?" හුටා... මේ ඇන්ටි කොහොමද මගෙ නම දැන ගත්තෙ?


දඩාං....


මන්තරකාරි බය උන පාර ෆෝන් 1 තිබ්බ. වස නෝන්ඩිය. නම ඇහුන ගමන් බය උනාට ඉතින් ඒ මං මන්තරකාරි ගැන නෙවෙයිනෙ ඇහුවෙ. කෝකටත් කියලා ආයිමත් ගත්තා කෝල් එකක්... බලාගෙන ගියාම දවල්ට රෑගෙ ගර්ල්ගෙ නමත් මන්තරකාරිගෙ නමමයි.


"හෙලෝ..." ඒ පාරනම් ළාමක ගේණු කටහඬක්...


"හෙලෝ..."


"මන්තරකාරි අක්කද කතා කරන්නෙ?"


"ආ... ඔව් ඔව්"
 

"අක්කෙ ඉස්සෙල්ල අම්ම ෆෝන් එක ලඟමයි හිටියෙ... මට ඉතින් දුවගෙන ඇවිත් ගන්න බෑනෙ..." නංගි හොඳටම බය වෙලා වගේ.

"අම්මා මට බැන්නද?"


"නෑ... අක්ක ඇයි ෆෝන් එක තිබ්බෙ?"


"අම්මා ගත්තම මට බය හිතුන නංගි...අයියා කෝ?"


"අයියා මියුසිකල් ෂෝ එකකට ගිහින්"


"ඇත්තද?"


"අක්කට කිව්වෙ නැද්ද යනව කියලා?"


"නෑනෙ"
 

"යන්න එපා කියද්දි ගියේ අක්කෙ"
 

"එහෙමද? මං බලා ගන්නම්කො එහෙනම්"
 

"..."
 

"..."
 

ඔහොම කොහොම හරි නෑනව ගොඩ දාලා ෆෝන් එක තිබ්බ. නෑනට ඉතින් හෙන සැටිස් ගුණයහපත් නැනෙක් හම්බුනා කියලා.

දවල්ට රෑ ගෙදර ආවම අම්ම කිව්වලු අන්න අර ළමයා කෝල් කරා කියලා. එතකන් අම්මා ඒ මන්තරකාරිට අකමැත්තෙන් ඉදලා තියෙන්නෙ. බලන්න මං මන්තරකාරි කොයි තරම් උදව්වක්ද කරලා තියෙන්නෙ නේද... (මේ කතාව ඇත්ත නම් වලින් රිප්ලේස් විය යුතු බව කරුණාවෙන් සලකන්න...)

ඒ ඉස්කෝලෙ යන කාලෙ කරපු ෆෝන් නාටකනෙ... ඉතින් ඔහොම ඔහොම ගිහින් කැම්පස් එන්න කලින් මටත් මොබයිල් එකක් හම්බුනා. හම්බුනා කිව්වට බාගයක් සල්ලි මං එකතු කරපුවා. තාත්තා දුන්න මන් ආස ජාතියේ එකක් ගන්න ඉතිරි ගණන. ඉතින් ඔහොම කාලයක් යනකොට පික්චර් එක පටන් ගන්න නම් යන්න පටන් ගත්තා. වැඩේ හරි යන්නේ නෑ, මන්තරකාරිත් කොල්ලෙක් ඉන්නවා කියලා නළුවට පෙන්නන්න මල් කඩනවා. ඔන්න ඉතින් කොල්ලා කෝල් කරනව....


"හෙලෝ..."
 

"හෙලෝ... හරිද? නළුවා බලාගෙනද ඉන්නෙ?"
 

"ඔව් මං හිතන්නේ"
 

"එහෙනම් ඒ පැත්ත බලන්න එපා"
 

"හා..."
 

"දැන් ආදරණීය හිනාවක් දා ගන්න"
 

ඔන්න මන්තරකාරි හීන් හිනාවක් මවා ගත්තා...
 

"හරිද දැන් හිනා වෙලාද ඉන්නෙ?"
 

"ඔව්..."
 

"දැන් ඇස් දෙක පියා ගන්න"
 

"අනේ මට ලැජ්ජයි"
 

"කියන දේ කරන්න"
 

"හ්ම්ම්... හරි"
 

"දැන් එක සැරේටම හයියෙන් හිනා වෙන්න"
 

"හිකිස්..."
 

"දැන් ටිකක් ඉදල රවුමක් කැරකිලා හිනා වෙන්න"
 

"අනේ මට බෑ..."

"..."

"..."
 

ඔන්න ඔහොමයි මන්තරකාරි නළුවට පේන්න මල් කැඩුවේ. ඒත් ඉතින් වැඩක් නෑ. සහයක නළු නිලියෝ දන්නවා කෝල් කරන්නෙ බොයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි, බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා.... හිකිස්...


27 comments:

සාතන් said...

මේක හෙනම පැටලිලි සහගතයිනෙ... දවල්ට රෑගෙ නම්බර් එක සීවී එකෙන් හොයාගෙන කතා කරල කොහොමද පොරගෙ නංගි නෑන වුනේ...

ඒ වෙද්දිත් දවල්ට රෑත් එක්ක සෙට් වෙලා හිටිය නම් මොකටද සීවී එකෙන් නම්බරේ හොයාගන්න වුනෙ...

කතා දෙකක් ටැපලුනාවත්ද?...

මන්තරකාරි said...

නෑ නෑ... ටැපලුනේ නෑ. දවල්ට රෑගෙ ගර්ල්ගෙ නමත් මන්තරකාරිගෙ නමමයි. එකයි උනෙ... හරි නම් නැති නිසා තේරුනේ නැද්ද මන්දා...

සාතන් said...

හත්ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු... :)

සිතුවිලි නිහඬයි said...

හික් හික්...

Bunny said...

හික් හික්.. නැන්දම්මටම අප්පොවෙච්චාවි :P

දේව්දාස් said...

මන්තරකාරේ "දවල් ට රෑ" කොච්චර උදව්වක් ද කරලා තියෙන්නේ... දේව් ට නම පොඩි සැකයක් තියෙනවා ඒ මන්තරකාරී නොහිටියනං කතාව මීට වඩා වෙනස් වෙයි ද කියලත්...හි හි හි...

දේව්දාස්...

....ජනියා.... said...

හි හි හි..... මරෙ මරු...
එත් නළුවට අන්තිමෙදි මොකද වුනේ?

සරත් ලංකාප්‍රිය said...

හෙලෝ.. ඔය මන්තරකරීද කතා කරන්නේ ? ඔවු.. මේ පොලිසියෙන්.. මේ ළමය ගැන පැමිණිල්ලක් තියෙනවා ෆෝන් වලින් නොයෙකුත් ඇමතුම් අරගෙන අනිත් යට හිරිහැර කරනවා කියල.. හෙට උදේට පොලිසියට එනවා කට උත්තරයක් ගන්න.. (දඩස්-ෆෝන් එක බිම වැටෙයි)

....ජනියා.... said...

දවල්ට රෑ කියන්නේ මන්තරකාරි හදපු නමක්නේ?
කෝල් කරපු වේලාවේ අම්මත් එක්ක කතාකරේ දවල්ට රෑගේ ඇත්ත නම
කියලද?
නත්නම් අම්මත් පුතාට කතාකරන්නේ "දවල්ට රෑ" කියලද?

සිත් අහස said...

හිකිස්... මරේ මරු... මාත් ඔය වගේ වැඩ නම් ඕනේ තරම් කරලා තියෙනවා...

duliponline said...

එක විදියකට බලද්දි වැරදි නොම්මර වලට කෝල් කරන එකත් හෙන ආතල් වැඩක් නේද ???? මමත් ඔහොම කලා කාලෙකට ඉස්සර . . . එහෙම වැරදිලා කෝල් කරපුනොම්මරේකට ආන්සර් කරපු එක්කෙනෙක් තමයි මම දැං කසාද බැඳල ඉන්නෙ

Anonymous said...

අයියෝ....ඕක අපිත් කරා.. හෙහේ.. ඉස්සර යාලුවන්ටම කතා කරනවා රැට...අරන් ඉතින් ...හෙන ස්ටෝරි ගෙනියනවා..අපිව අහුවෙයි කියලා ලේන්සුවට කට තියන්..අයියෝ එකම විකාරයයි ඉතින්..උන් ම උදේට ඇවිත් අපිටම එක කියනවා.

BLOG ගඩොල් said...

හික් හික්!! මරු වැඩ තමයි කරන්නෙ

සාටර් said...

අත්දැකීම් කෝටියයි..මටත් හිතෙනව ෆෝන් කතා ලියන්න :)

Raj said...

මරේ..මරූ.........

ඉඳුනිල් said...

ඉස්කෝලේ යන දවස් වල නගර සභා ගිනි නිවන ඒකකයට කෝල් එකක් අරන්..

මහත්තයෝ!!! මහත්තයෝ!!! ගින්නක්!! ගින්නක්!!!.

!ක් කොහෙද කොහෙද?

අනේ මහත්තයෝ අපේ ගෙදර ලිපේ!!!

$#@%^ $#@%^ $#@%^ $#@%^ $#@%^

දඩස්!

Hasitha Gunasinghe said...

අවවාදයයි. වැරදිලාවත් මන්තරකාරිට හෝ ඇගේ යෙහෙළියක්ට ඔබගේ ජංගම දුරකතන අංකය ලැබීමට ඉඩ සලස්වන්න එපෝ...............

Unknown said...

බලන්න ඉතින් මේ ෆෝන් එකක් ලැබුනම ඒ කාලේ කරලා තියෙන වැඩ

හිතුවක්කාර කෙල්ල said...

හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...... හිතුවක්කාරි වගේමයිනෙ... නියමයි මංතරකාරි.. තෝයි...!!!!

Test Profile said...

මෙන්න මෙයා කොල්ලන්ව කඩේ යවනෝ... පවු වැඩේ අසරනයා. කමක් නෑ කොහොමහරි නැන්දම්මා කැමති වුනානේ...!

මන්තරකාරි said...

@සාතන්: හිකිස්... ඒ මොකක්ද ඒ කලාබරේ?

@සිතුවිලි නිහඬයි: හික් හික්...

@බනියා: නැන්දම්මාට ඔප්පු වෙන්න ඇති පස්සෙ...

@දේව්: ඒ මන්තරකාරි නොහිටියනම් වෙන විදියකට උපරිම බයිටක් දෙනවා දවල්ට තරු පේන්න... කතා කරේ මං උනාට මේක අපි සෙට් එකේම සාමූහික ප්‍රයත්නයක්...

@රහස් පරික්ෂකයා: නළුවා පික්චර් එකේ ප්‍රධාන නළුවා වෙලා දැන් ප්‍රොඩියුසර් පවුලෙන් ජනප්‍රියම නළුවා සම්මානෙත් අරන්...

@සරත් ලංකාප්‍රිය: හෙලෝ.. ඔය මන්තරකරීද කතා කරන්නේ ?
ඔවු..
මේ පොලිසියෙන්.. මේ ළමය ගැන පැමිණිල්ලක් තියෙනවා ෆෝන් වලින් නොයෙකුත් ඇමතුම් අරගෙන අනිත් යට හිරිහැර කරනවා කියල.. හෙට උදේට පොලිසියට එනවා කට උත්තරයක් ගන්න..
බොරුව දාලා පොලිසියට එන්න කියන්නෙ පොලිස් අයියාගෙ ගෑනු ළමයටත් ගෙදරින් කැමති නැද්ද? කතා කරලා ශේප් කරලා දෙන්නම් පැමිණිල්ල ශේප් කරනවනම්...
අනේ ලොකු දෙයක්, මං ෆයිල් එක ක්ලෝස් කරන්නම්...

@රහස් පරික්ෂකයා : නෑ.. නෑ... කතා කරේ ඇත්ත නම් වලින්....

@ප්‍රාර්ථනා : කෙල්ලො සෙට් එකක් එකතු උනාම කරන පිස්සු දන්නෙ කෙල්ලොනෙ... :)

@ඕනයා: අප්පට සිරි... දන්නවනම් ඒ කාලෙ තව වැරදි නොම්මර ටිකකට කෝල් කරනවා

@නිම්ශා: බලාගෙන ගියාම හැමෝම ෆෝන් බයිට් දීලා තියෙනවනේ...හී හී...

@බ්ලොග් ගඩොල් : අපි? අපි අහිංසක වැඩ කරේ... :පී

@සාටර් : ලියන්න ලියන්න... අපිත් එනවා කියවන්න...

@Raj: හී හී... ඉත්තූතියි...

@ඉඳුනිල් : අම්මෝ... බැනුම් අහලා බේරුනා ඇති...

@හසිත: දැන්නම් යාලුවෝ ටික එකතු කරන්න දුරකථන අංකය සමඟ ලොකූ දැලක් දිය යුතු බව කරුණාවෙන් සලකන්න...

@ChammA: අනේද කියන්නේ... :)

@හිතුවක්කාරි: ආයෙත් අහලා... මන්තරකාරිත් හෙන හිතුවක්කාරයි තමයි...

@ගෝල්ඩ් ෆිෂ්: අපි එහෙමත් කඩේ යවනවද? කඩේ යවන්නේ ඔයා වගේ රෑට එළියට බහින්න බය උනාමනේ... :පී

Anonymous said...

අෆ්ෆා! හොඳ වෙලාවට දවල් රෑ උන්නැහේගෙ අම්මා මන්තරකාරිට (දෙවැනි) කැමති වුණෙ!
අපේ යාලුවෙක්ගෙ අක්කාට මෙහෙම කෝල් එකක් ආවා. පිරිමි කෙනෙක් කතා කලේ

"හෙල්ලො!
"හෙලෝ ඔය නදීශාද?"
"ඔව්"
"මම මේ බෙල්ලංවිල පන්සලේ නායක හාමුදුරුවෝ කතා කරන්නෙ. අපේ අලියා නැති වෙලා! ඔය පැත්තෙ ආවද?
අක්කා දඩස් ගාලා ෆෝන් එක තිබ්බා..

මෙන්න අයෙත් කෝල් එකක්..
"හෙල්ලො! මම මේ බෙල්ලන්විල පන්සලෙ අලියා කතා කරන්නෙ අපේ හාමුදුරුවෝ ඔය පැත්තෙ වැඩියද?

සංකල්ප said...

පවු අප්පා අර කොල්ලා. මේයැයි ඒ කොල්ලට නමකුත් දාලා නේ.
කොයිවෙලේකහරි මන්තරේට හොද බයිටක් සෙට් වේවා !!!!

(මම් කියපු දෙයක් වරදී නත. හරි ගියේද නැත.)

කතන්දර Kathandara said...

/* බාගයක් සල්ලි මං එකතු කරපුවා ....*/

ජොබ් එකක් කරන්න ඇති ඒ දවස්වල නේද?

Madhawa Habarakada said...

නියම කතාවක්. හරිමරසවත්. ඔයාගෙ තව ලිපි ටිකක් කියෙව්ව. මන්තරකාරි කියල කෙනෙක් සයිබර් අවකාදෙයෙ සැරෙන් සැරේ දැකල තිබුනට අද තමා මුලින්ම බ්ලොග් එකට ආවෙ.

මන්තරකාරි said...

@විසිතුරු: ඔය වැඩේ අපිත් කරනවා... කතා කරන්නේ දේවානම්පියතිස්ස රජතුමායි, මුවායි... :)

@මධුරංග: බලන්න කොච්චර ලස්සන ගැලපෙන නමක්ද, නේද?

@කතන්දර : ජොබ් එකකුත් කරා. ඒත් ෆෝන් එක ගත්තේ පොකට් මනී එකතු කරලා...

@මාධව: ස්තුතියි. ආයෙත් එන්න...

පිස්සු පුසා said...

හිකිස්..කාලෙකට ඉස්සර මාත් ඕක කරා.මම මේ පැත්තේ ආපු පලවෙනි පාර.ෆලෝ පාරකුත් දාගෙනම යනවා හොදේ..;)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .