Friday, August 12, 2011

ඕං පික්චර් එකට අවුරුදු තුනයි...

පික්චර් එක පටන් අරන්ද, ක්ලයිමැක්ස් එකටද මන්දා, ඕං කොහොමින් කොහොම හරි අවුරුදු තුනකුත් ගිහින්... 

මුලින්ම නළුවා එනවා... හීන්දෑරි ටිකක් උස කොල්ලෙක්...වැඩිය සද්ද නෑ. නිහඬ නිස්ශබ්ද ජීවිතේ... කව්ද ඉතින් හිතුවෙ පික්චර් එකේ ප්‍රධාන නළුවා මෙයා වෙයි කියලා. හිතුවනම් ඉතින් මෙහෙම වෙනවයැ... :P  දැන් එව්වා වැඩක් නෑ... නළුවා නළුවා වෙලා ඉවරනේ... :D

එතකොට නිළිය? 

නිළියනම් ඔය ඉන්නෙ යස අගේට... හෙළ සිංහල පාට, කරුණාබර අඩවන් දෑස, කඩා හැලෙන දිය ඇල්ලක් වගේ කෙස් කළඹ, තැන්පත් ගමන බිමන, මිහිරි කටහඬ, සුමිහිරි වදන් පෙළ, අහිංසක හිනාව, චාම් ඩෙනිමයි ටී ෂර්ට් එකයි....කතා ඇති! නිළිය විස්තර කරන්න ගියොත් පික්චර් එක කියන්න වෙන්නෙ නෑ... :)

ඔන්න එකෝමත් එක කාලෙක නළුවයි නිළියයි හා හා පුරා කියලා මුණ ගැහෙනවා...


නෑ නෑ...එව්ව වැඩක් නෑ. පික්චර් එක පටන් ගන්නකොටම නළුවයි නිළියයි සෙට්. 

ඉතින් ඊට පස්සෙ කුමාරයයි, කුමාරියි සතුටින් ජීවත් උනා.

ඈං... නළුවයි නිළියයි කොහොමද එක පාරටම කුමාරයයි, කුමාරියි උනේ? 

ඒක හරි යන්නෙ නෑ. 

ඉතින් ඊට පස්සෙ නළුවයි නිළියයි සතුටින් ජීවත් උනා.

එතකොට පික්චර් එක ඉවරනේ. කෝ එතකොට කතාව? 


කතාවෙ ඉතින් ප්‍රශ්න නොතිබුනේම නෑ. ඒත් ඉතින් නළුවයි නිළියයි ඩයල්ස්නෙ. ඔය ඉන්නෙ ෆිට් එකේ...

පික්චර් එකක් උනාම දුෂ්ටයෙක් ඉන්න ඕනනෙ. ඕං තුන් වෙනියෙකුත් ආවා පික්චර් එකට. පික්චර් එකේ දුෂ්ටයාද? නෑ... නළුවගේ වෙන ලව් එකක්. නළුවා ඔය තුන් වෙනියට හෙන ලව්. නිළියට හෙන ජෙල. නළුවා ඔය තුන් වෙනියට ලව් කරන තරම් නිළියටවත් ලව් කරලා නෑ. නිළිය හීනෙන් දකින්නෙත් තුන් වෙනියා වැස්සට තෙමිලා මැරෙන විදිය. කාලයක් යනකොට ඉතින් ඔය මුලදි තියෙන තරම් ලව් නෑනේ. දැන් ඕං නළුවත් ටිකක් ලව් අඩු කරලා. නිළියටද? නෑ...තුන්වෙනියට... ඒ කිව්වෙ නළුවගෙ ලැප් එකට...


ප්‍රේම ජවනිකා... ආදරණීය සටන් ජවනිකා... බිහිසුණු සිංදු... ත්‍රාසජනක විහිළු...සිරා පික්චර් එක...


ඔහොම ඔහොම ගිහින් දැන් ඉතින් මංසලකට ඇවිත්.

එතකොට පික්චර් එක ෂූට් කරෙ පාරෙද?

නෑ නෑ... දැන් නළුවටයි නිළියටයි ලොකේෂන් දෙකක ෂූට් කරන්න වෙලා. දැන්නම් නිළියට නළුවා නැතිව හෙන පාළුයි.

ඉතින් ඔන්න අදට පික්චර් එකට අදට අවුරුදු තුනයි. හිකිස්... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... 


39 comments:

සංකල්ප said...

මේ ලිව්වේ ඔයාගේ ආදර කතාවද ?
මට එකපාරටම කොයිල් උනා. ඉතින් කියනවකෝ හලෝ මේ කතාව මොකද්ද කියලා. මේ කතාව මහින්දාගමනය ද ? එහෙම නැත්නම් සුවිට් ඒංජල් ද ?

දෙන්නෙක්ගේ ආදරේට තුන්වෙනියෙක් ආපුවාම ඒ කතාව ත්‍රාසජනක එකක් වෙනවා !!!! ෆයිට් එහෙමත් පුරෝලා තියෙනවා

මන්තරකාරි said...

මහින්දාගමනයෙ කොහෙද හලෝ ලැප්? මේ මං ඒන්ජල්ගෙ කතාව... ආ... මං මන්තරකරියෙක්නෙ... මේ මන්තරකාරිගෙ පික්චර් එක... :)

Nadz said...

ආ...... මෙයා එහෙනම් රෑ එලිවෙනකල් ලියපු ෆිල්ම් එක මෙකයි හොද වෙලවට අර රහස මට කියල තිබුනේ නත්නම් හොලමන් වෙනව මෙක කියවපුහම......
නලුවටයි නිලියටයි මගෙන් සුබ පතුම් ෆිල්ම් එකේ 2 ඊලග කොටස තවත් ලස්සන වේවි

සාතන් said...

මගෙ අම්මෝ නිළිය ගැන වර්ණනාව... මම කෝකටත් කියල කකුල් දෙක පුටුව උඩට අරන් කියෙව්වෙ... නයෙක්වත් කෑවොත්... නේ ද ?..... ;)

ඔන්න අපිත් සුභ පැතුව... :)

සංකල්ප said...

අනේ වාසනාවන්!!!!
ඔයාගේ කතාවත් කියවන්න ලැබුනනේ.

Anonymous said...

ඈ බං න‍ඟේ.. මොන පිචෑර් හෝල් එකෙයි මේක පෙන්නන්නෙ හැබෑටම.... ළමයින්ටත් බලන්න ඇහැක් සීන් තියනවැයි ඉඳල හිටලවත් ?

සිත් අහස said...

අනේ අප්පේ. මොකක්ද මේ.. පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු... :P :)

Amila Chathuranga said...

ලස්සන කපල් එකක් පිංතූරෙ තියන විදියට....

හිතුවක්කාර කෙල්ල said...

අහ් මංතරකාරී අක්කේ.... මගෙනුත් සුභ පැතුම්...!!!
පොඩ්ඩක් නළුවා ගැනත් වැඩි විස්තරයක් තිබ්බනම් තවත් ශෝයි... ;)

Test Profile said...

පික්චර් එක කවදාවත් ඉවර වෙන්නේ නැතුව දිගටම දුවන්න කියලා ප්‍රාර්තනා කරනවා...

මන්තරකාරි said...

@නදීශාන්: තැන්ක් යූ... තැන්ක් යූ... :) හොල්මන් වෙන්න තරම් දෙයක් නෑනේ...

මන්තරකාරි said...

@සාතන්: ආයෙ ඉතින්... නිළිය ගැන ෆුල් වර්ණනාව ලිව්වනම් බොගේ ඉඩ මදි වෙනව... එච්චරට සිරා නිළිය...:P

තැන්ක් යූ වේවා...:)

Roshanherath said...

සුබ පැතුම් දෙන්නාටම..

මන්තරකාරි said...

@මධුරංග: වාසනාවන් වාසනවන්...:)

මන්තරකාරි said...

@nawammawatha : මොකෝ ළමයින්ට බලන්න බැරි? පවුලේ සැමට නැරඹිය හැකි සම්භාව්‍ය පික්චර් එකක්...

මන්තරකාරි said...

@ප්‍රාර්ථනා: බැබලෙයි බැබලෙයි ඔහොම යනකොට...:)

මන්තරකාරි said...

@ඉන්දි: අපි කොහොමත් ලස්සනයි තමයි... මිනිස්සු කියන්නෙ කොයි තරම් ලස්සන ජීවීන් කොටසක්ද...:)

මන්තරකාරි said...

@හිතුවක්කාරි: ඉත්තුතියි ඉත්තුතියි...
නළුවා වගේද නිළිය...;)

මන්තරකාරි said...

@ප්‍රසන්න: ස්තුතියි... :)

මන්තරකාරි said...

@Roshan: ස්තුතියි යාළු... :)

Deeps said...

කවුද මේ මන්තර කාරී??? අදමයි දැක්කේ ;) එකත් ශෝක් පොස්ට් එකකින්...ජය වේවා පිචර් එකට!

රත්ගමයා said...

මේ.....අර අයියද??? හික් හික්

BLOG ගඩොල් said...

මම හිතන්නෙ මම අද තමයි මේ පැත්තෙ ආවෙ. ලස්සනට ලියලා තියෙනවා. ෆිල්ම් එක ගැන උණුසුම් සුභ පැතුම්!!!

duliponline said...

සික් . . . අපරාදෙ . . . මට ඔය පිචෑර් එක බලන්න වෙන්නෙ නෑ නොවැ . . . ඕකෙ වැඩිහිටියන්ට පමනයි එවුව තියනවනෙ . . . . . .

Anonymous said...

මේන් මේයා පිචර් පෙන්නන්නත් අරන්..හෆොයි සිනමාව..(වැටෙන්න දෙයක් නැති නිසාම හොදා)හික්ස්..

මාත් නළු නිළි යුවලට සුබ පැතුවා..පරපුරවල් තුනකවත් කතාවක් ගොතන්න ඕන්..

සංකල්ප said...

@අසනි :
එතකොට මේ කතාව මහගෙදර වගේ එකක් වෙයි නේ පරම්පරා තුනක් ගිහිනුත් ආච්චි අම්මා දහ අටේ කෙල්ල වගේ ඉන්න !!!!!

මන්තරකාරි said...

@deeps : තැන්ක් යූ...තැන්ක් යූ... :)

මන්තරකාරි said...

@රත්ගමයා: මේ අයියෙක් නෙවෙයි, නළුවෙක්... :P

මන්තරකාරි said...

@blog gadol: ආයෙත් එන්න... තැන්ක් යූ වේවා...:)

මන්තරකාරි said...

@ඕනයා : වැඩිහිටියන්ට පමණයි එකක් නෙවෙයි මේක සම්භාව්ය ගණයේ සිරා පික්චර් එකක්...

මන්තරකාරි said...

@අසනි : මගේ කතාව පෙන්නුවොත් සිනමාව වැටෙන්නෙ නෑ... ඔස්කාර් සම්මානත් අරන් නවතින්නෙ...

තැන්ක් යූ වේවා...

මන්තරකාරි said...

@මධුරංග : පරම්පරා ගොතන්න නළුවයි නිළියයි බන්දල දෙන්නේ නැනේ ප්‍රොඩියුසර්ලා...:P

Anonymous said...

අනේ...නලුවා ගැන විස්තර පොඩ්ඩම පොඩ්ඩයි..දාන්න ඕනාවට දාලාද මන්දා..හෙහේ..

ඔයාගේ ස්ටෝරි එක නේද මන්තරකාරි...සුබම සුබ පැතුම්...

පිණිබිඳු... said...

මගෙනුත් සුභපැතුම්. කොල්ල අල්ල ගත්තෙ මන්තර බලෙන්ද ඈ...

මන්තරකාරි said...

@නිම්ශා: නළුවා ගැන හිතේ තියෙන හැම දේම දාලා නළුවා උඩ ගියොත්...? ;)
තැන්ක් යූ...තැන්ක් යූ...:)

මන්තරකාරි said...

@පිණිබිඳු අක්කා: හී හී... ස්තූතියි... කොල්ලා තමයි මතුරලා කෙල්ලව අල්ල ගත්තෙ...:ඩී

සරත් ලංකාප්‍රිය said...

දැන් ඉතින් ඔය ගමන යන්නේ මන්තර මතුර මතුරද ? කොහොමත් කමක් නැහැ සුව පහසුවෙන් යන්න පතන්නම්..

හරී said...

පව් ඉතින් කොල්ලා........

"හීන්දෑරි"
තව ටික කාලෙකින් ඔහොම කියන එකක් නෑ......

නජාත් අක්‍රම් said...

අඩේ පට්ට පිල්ම් ඒක ඕයි.. එල ඈ...

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .