Saturday, August 6, 2011

දයාබර කැන්සරය...

දයාබර කැන්සරය,
ආච්චිවනම් අරන් යන්න එපා...
දන්නව උඹ නපුරුයි,
දරුණුයි වෙන පිළිකාවලට වඩා
දොස්තර කිව්වනෙ පරක්කුයි
කරන්න දෙයක් නෑ කියලා...
එහෙම කියලා කොහොමද?
අපිට වැඩනෙ...
තවම ආච්චිව බලන්නවත් බැරි උනා...
මේ ඩිංග දවසට ආච්චි වෙනස් කරලා,
කලු කරලා මූණ උදුම්මලා,
පණ නැතිව නිදි කරලා
මොකක්ද කියන්න හදන්නෙ?
ආච්චිව ඉක්මනටම ගෙනියනව කියලද?
එව්ව කොහෙද?
ආච්චි මාව බලන්න ආසාවෙන්නෙ ඉන්නෙ...
ඔන්න අපිට වැඩ ඉවර වෙනකන්
ආච්චිව ගෙනියනවහෙම නෙවෙයි...


මීට දයාබර,
.......


ප.ලි. ආච්චිව ගෙනියන්නම එපා...

14 comments:

සංකල්ප said...

ආච්චිව නම් අරන් යන්න දෙන්නෙම නෑ.
එන්න එපා ආච්චිඅම්මව අරන් යන්න !!!

Anith Kona said...

හරිම සංවේදී ලියවිල්ලක්... පිළිකාව නිසා දුක් විඳින ජීවිත කොයි තරම්ද. එක පාර සනීප වෙන බෙහෙතක් තියෙනවානම් කියලා හිතෙන වාර අනන්තයි.

විශ්ව (මගේ පිටුව) said...

මම දන්න අදුරන කී දෙනෙක් පිලිකා වලින් නැති වෙල තියනවද?මතක් වෙද්දිත් හරිම දුකයි..
ලියවිල්ල හරිම ලස්සනයි..ඒ වගේම දුක හිතෙනවා

හිතුවක්කාර කෙල්ල said...

හ්ම්ම්ම්ම්ම්...හුගාක් සංවේදීව දැනුනා...:(
මම දන්න කීපදෙනෙක්ම පිලිකා නිසා ජීවිත වලින් යන්න ගියා...ඉතින් මේක හුගක් ලස්සනට දැනෙන්න ලියලා...දුකයි..!!

පොඩි මෑන් said...

දායබර නැති මන්තරකාරිට

මට කොරන්න දෙයක් නෑ
ඒක උන්දැගෙ වෙලාව
උන්දැගෙ කරුමෙ ලියල තිබුනෙ
එහෙමයි...
මම කොරන්නෙ මගේ වැඩේ....
ඒත් උඹ නම් මාර මීනිපිරී
අරෙහෙ ආච්චි දුක් විදිනව
උඹට වැඩලු..
බලන්න උනෙත්නැතිලු...
උඹ එනකම්
මටත් සද්දෙ දානව...
මොනවද කියන්නෙ අහනවා...
මම හදුවෙ ඉක්මනට
උන්දැව අරගෙන යන්න නෙවෙයි
පිටත් කොරන්න
උන්දැ විදින මේ දුක
ඉක්මනට ඉවර කොරන්න..
ඒත් උඹ මීනිපිරී
වැඩ ඉවර වෙලා එනකම්
උන්දැට දුක් විදින්නලු...
හා මම උන්දැව තියන්නම්
උඹ වැඩ ඉවරවෙලා
වරෙන්කො...

මීට
කැන්සරය..

(තරහගන්න කාරි නෑ ඇත්තටම මට හිතට හිතුන දේ ලිවුවෙ... කෙල්ලින්කියන එක පොඩි මෑන්ගෙ හැටියක්)

මන්තරකාරි said...

මධුරංග: හ්ම්... දෙන්නෙම නෑ ආච්චිවනම්...

මන්තරකාරි said...

@Anithkona: කියලා වැඩක් නෑ. මේ දවස්වල කැන්සර් හොස්පිටල් ගිහින් දැකපු දේවල්...ඒ විතරක්ද? ඒ මිනිස්සු විදින දුක බලන් අනිත් මිනිස්සු විදවන තරම්...

මන්තරකාරි said...

@විශ්ව : පුදුම තරම් මිනිස්සුන්ට දැන් පිළිකා හැදෙනවනෙ...කොහොම හැදෙනවද කියලා හිතා ගන්නවත් බෑ..

මන්තරකාරි said...

@හිතුවක්කාරි : දුකයි තමයි...ඒත් අපිට මේ දුක පෙන්නන්නෙ නැතුව ඉන්න වෙනවා එයාලගේ හිත හයිය කරන්න..

මන්තරකාරි said...

@පොඩි මෑන් :

දයාබර කැන්සරය,

මං තරහ ගන්නෙ මක්කටෙයි?
පේන්නෙ නැද්ද යටින් තියෙන්නෙ තිත් පේලියක්,
මන්තරකාරි කියලා නෙවෙයි
මං මක් කොරාටද මට බනින්නෙ?
උඹට වැරදිලා වෙනටැ...
ආච්චිගෙ කරුමෙ උඹ ඉන්න විදියක් නෑ...
උන්දැ පිං කොරලා ජීවත් වෙන්නෙ...
ආච්චිව ගෙනියන්න දෙන්නෙ නෑ උඹට...
හෙට ආච්චිව බලන්න නොගිය එකාව
කණෙන් ඇදගෙන හරි,
එනව මං ආච්චිව බලන්න...

මීට,
මන්තරකාරි

දේව්දාස් said...

මන්තරකාරී බය වෙන්න එපා.. ආච්චිව ගෙනියන්න දෙන්නේ නෑ... අපි ඉන්නවා නේ...

දේව්දාස්

පොඩි මෑන් said...

හැක හැක....

කස්ස said...

ගොඩක් සන්වේදී වචන ටිකක් සරලව ලියල.ආච්චිව ගෙනියන්න එපා කියල මමත් ඉල්ලනව.
ඒත් මතක තියාගන්න,ඔයා,මම, අපි මේ හැමෝම වගේ ආච්චිටත් කවදහරි දවසක යන්න වෙනවනෙ.

Anonymous said...

මාරයට කියල බැලුවොත්.......

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .