Monday, August 1, 2011

අවසර දෙනු මැන...


අත් වැල් බන්දා ඇවිද ගිය කාලය
ගෙන ගිහින් අතීතය අරගෙන
එදා තිබු හිත සැහල්ලුව
තවම සුවඳයි නොලැබෙයි ආයෙම...

සිත පමණයි ලඟ ඇත්තෙ නෑ ඔබ පෙනෙන්නට
දෑස හඬයි ඔය රුව දකින්නට
පාළුව රජයයි ඔබ නැතිව දවසම
බත් පතත් නෑ රසක් තනිවම විදින
දෙනු මැන අවසර ඔබ ලඟින් හිදින්නට...

11 comments:

Anonymous said...

හ්ම්... ලස්සනයි.... නියමයි...

Janitha said...

දනිමි.. විදිමි.. සොයමි.. ලැබීමි... :)

සරත් ලංකාප්‍රිය said...

අපුරුයි !
සිහිනෙන් ගෑ සුවඳ
මතකයක් පමණි..
එහෙත් සිත ඇතුලේ
තවමත් සුවඳ තැවරී ..

සිතුවිලි නිහඬයි said...

සීනෙන් ගෑ මුසු සුවදක් සේ
ඔබගේ සෙනෙහෙ විඳින්නට
ඉඩ දෙන්න මගේ පෙමට
ඔබේ ළඟ තනි රකින්නට

ලස්සනයි පද ටික

Raj said...

අවසර ලැබෙයි.....ඉක්මනටම...මං හිතන්නේ....

රත්ගමයා said...

ටීචර් ප්ලීස් මේ අයි ගෝ ටු ද ටොයිලට්./.
අවසර ඉල්ලීමකි

සංකල්ප said...

ලස්සන කවි සිතුවිල්ලක් !!!1 නියමා...යි !!!!

පිස්සු පුසා said...

එල ඇ.ගොඩ කාලෙකින් අවේ මේ පැත්තේ. ඔයලටත් අපිව අමතක වෙලා වගේ.

හිතුවක්කාර කෙල්ල said...

සිත පමණයි ලඟ ඇත්තෙ නෑ ඔබ පෙනෙන්නට
දෑස හඬයි ඔය රුව දකින්නට

හුගාක් ලස්සනයි....හරිම සංවේදී...:)

Anonymous said...

පෙමට හිමි දුක තුරුලු කරගෙන
අඩ අඩා ඉමි,එනතුරා නුබ....

හුගක් ලස්සනයි...යාලු

මන්තරකාරි said...

prasanna86k : ස්තුතියි... මං දැනගෙන හිටියෙ නෑනෙ මේ ගොල්ඩ් ෆිෂ් කියලා...:)

ආගන්තුකයා : සිනාසෙමි... :)

සරත් ලංකාප්‍රිය : ස්තුතියි...
සුවඳයි මතක
සැරිසරන සිත
නුඹයි රජු එහි
මම අග මෙහෙසි...

සිතුවිලි නිහඬයි : බෑ මට දෑගිලි ගනින්න ඔය සුවඳ විදින්න
අවසර දෙනවද නෙත් මායිමේ රැදෙන්න...
ස්තුතියි

Raj : නැති වෙයි...

රත්ගමයා : වෙන් ඩිඩ් යූ ගෝ ටු අ ටොයිලට්? යූ ආ ගොයින් ටු ද බීච්,නෝ? :P

මධුරංග : ස්තුතියි...

පිස්සු පුසා : ඉත්තුතියි ඇ. ගොඩ කාලෙකින් හරි ආවනෙ... එහෙමත් අමතක වෙනවද ෆර්ස්ට් රීඩර්? කමෙන්ට් නොකරට ඒ පැත්තෙ ආවා...

හිතුවක්කාරි : ස්තුතියි...

අසනි : ස්තුතියි යාලු :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .