Monday, August 1, 2011

හිරු නැගෙද කෙදිනක මගෙ ලොව

ගනිමි දිරි මොහොතින් මොහොත
එනමුදු නෑ සුවෙක් මා සිත සනසන
ඇවිදින් දුර කතරෙක දැනෙන අතරමං බව
අවාසනාවම දෝත දරාගෙන
සිනාසෙමි විසල් හෙටක් පතාගෙන
හිතේ සවිය ටික ටික අඩුවෙන
නගයි පැණයක් මැකීයන මුවග සිනහව
හිරු නැගෙද කෙදිනක මගෙ ලොව...

11 comments:

පූසා said...

ගනියි නම් දිරි මොහොතින් මොහොත
එයමැයි ඡායාව නැගෙන බව හිරු ඈත
සැකයක් නැතිය එබැවින් කිසිම විට
නැගෙනට හිරු බොහෝ ළඟය ඔබේ ලොවට

Anonymous said...

නෙත් හරින්නට කාලයයි මේ
හිරු වෙනදාමෙන් අද ද පායා ඇත අපූරුවට

Anonymous said...

බය නැතුව ඉන්න අයියෝ... හිරු එබෙයි ඉක්මනට...

සිත් අහස said...

වෙර ගනින් ඔබෙ හදවතට,
පැරදුමම කරගෙන යලිත් දිරිය,
අඳුර තුල දකිමින් එලිය
නගියි හිරු දිනෙක ඔබේ අහසට

සිතුවිලි නිහඬයි said...

දිරි ගන්න හැම මොහොතේම
ලං වේවි නුඹ ජය කණුවට
වාසනාව දෝත දරාගෙනේ
හිරු පායාවි අලුත් ලොවකට

රත්ගමයා said...

හිරු නැගේවි හෙට උදේට :)
මල් මල් මල්....
මේ අරයා නේ අක්කේ...අර 2002 අයියා :)

සංකල්ප said...

මාත් මේ බලාගෙන ඉන්නේ කවදහරි මගේ ලොකෙත් හිරු නැගෙනකන්. තාම මටත් හෙටක් නෑ. හෙට ගැන මට තියෙන්නේ ලොකු බයක් :(

නංගි කාලෙකට පස්සේ. මොකෝ පහුගිය ටිකේ වැඩ තිබ්බද ?

මන්තරකාරි said...

පූසා: එහෙම වෙයි කියල හිතමු

nawammawatha :හිරු පායා ඇත අපූරුවට වෙන අයට. තවම මම හොයනව මගෙ එළිය...

prasanna86k: ඉක්මනට හිරු එබෙයිනම් ලොකු දෙයක්...

ප්‍රාර්ථනා :ස්තූතියි...

සිතුවිලි නිහඬයි : ස්තූතියි...

රත්ගමයා: ඕං කිව්ව... ඇයි කුප්පයො හිරු = පරස්තාවක් නෙවෙයි රස්සාවක් කියල හිතෙන්නෙ නැද්ද අයියෙක් ගැන අහන්නෙ? පරස්තා හිරුනම් පායාගෙන එන්නෙ... :P 2002 අයිය යාළුවෙක්...

මධුරංග: පහුගිය ටිකේ ඉදලා හිරු හොය හොයා ඇවිදිනවා සහතික මිටිය අරන්...වැඩත් හොඩයි...බය වෙන්න එපා අපි හැමෝටම හෙටක් ලැබෙයි...

Janitha said...

හිරු පායා නැග එන තුරු නුබ ගැබ දෙස දෙනෙත් අයා සිටින්න..
කෙදිනකවත් එය නොනැගෙනු ඇත..
බලා නොඉද බුද්ධිය මෙහෙයවන්න..
සදා හිරු ඔබ අභිමුව දිලිසෙනු ඇත..
දැන මං හසර, වැළලී නොයනු මැන, ලෙසින් මවන් ආගන්තුකයෙකු ලෙස..

Anonymous said...

හිරු නැගේවි නොපමාව...
මතුවේවි නුඹෙ මුවඟ සිනහව...

කස්ස said...

කාලය හැමදේම විසඳයි

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .