Tuesday, February 22, 2011

පිපී හිනැහෙනු ආයෙත් මහද අරණේ...

සියපතට පෙම් කරන මිනිසුන් අතරේ
නිදිකුම්බා මලට පෙම් කරනවුන් සිටිති මෙලොවේ
ගෙනැවිත් රැන්දුවත් සියපතක් උකුලේ
නිදිකුම් මලම රැදුනෙ මහද ගැඹුරේ


කටු මලෙකි ඔබ කලත් වෛර නිබදේ
සේද යහනයි එය මාගෙ සසර ගමනේ
නෙලාගනු නොහැකිමුත් මෙභව කතරේ
නිවන් දකිනු පෙර පිපී හිනැහෙනු ආයෙත් මහද අරණේ

1 comments:

සංකල්ප said...

"සියපතට පෙම් කරන මිනිසුන් අතරේ
නිදිකුම්බා මලට පෙම් කරනවුන් සිටිති මෙලොවේ"

ඔය කcවි පද දෙකට මම් මාරම ආසයි. මොකද කියලා කියන්න නම් දන්නේ නෑ. ඇත්තටම එහෙම මිනිස්සුත් ඉන්න එක කොච්චර හොදද.

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .