Thursday, September 15, 2011

තෑන්ක්ස් සංගා...

මේක අද ලියන්නට නොසිටි ලිපියක් උනත් මේ ඒක ලියන්න සුඳුසුම අවස්ථාව කියලා හිතෙන නිසා මේක ලියන්න හිතුවා. සංගා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසත් තේරීලා, කස්ටියම 'කන්ග්‍රැට්ස් සංගා' කියලා කියද්දි ඇයි මං 'තෑන්ක්ස්' කියන්නෙ කියලා හැමෝම බලනවා ඇති. අන්තිම වෙනකන් කියවන්නෙ නැතුව ඔන්න මට කඩු, පිහි අමෝරාගෙන එනවාහෙම නෙවෙයි.

කුමාර් සංගක්කාර... වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා...ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා... ඇත්තටම ඔහු මගෙත් ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා. අපි සංගා පිටියට එන තෙක් බලා ඉන්නවා. හතරක්, හයක් ගැහුවම ඔල්වරසන් දෙනවා. අර්ධ ශතකයක් ගැහුවම සතුට ආයේ කියන්න වචන නෑ. ශතකයක් ගත්තම විසිල්, අත්පුඩි සද්දෙ මදි නිසා රතිඤ්ඤා පත්තු කරනවා. සංගා අඩු ලකුණු ගණනකට දැවී ගියොත් තරඟය ගැන එතරම් බලාපොරොත්තු තියා ගන්නේ නෑ. එතරමට ඔහු විශිෂ්ටයෙක්. ඔහු විශිෂ්ට පිතිකරුවෙක්. විශිෂ්ට කඩුළු රකින්නෙක්. විශිෂ්ට නායකයෙක්. ඒ විශිෂ්ටත්වය තුලින් ඔහු ලබා ගත් ජනප්‍රිත්වය සම්මානයෙන් ඔප්පු වෙනවා. සංගාගේ ක්‍රීඩා කුසලතාවයට අමතරව තව මං සැහෙන අගය කරන දෙයක් තමයි ඔහු නීති විද්‍යාලයට තේරුන එක. ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දි ඔහුට නීතිඥයෙක් වීම අතපසු උනත් නීති පීඨයට තේරීමම කොයි තරම් දෙයක්ද...


දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති
මං මේ තෑන්ක්ස් සංගා කිව්වේ ලංකාවට ගෙනාව කීර්තිය නිසයි කියලා. නෑ... මං තෑන්ක්ස් කිව්වේ සංගාගේ 1 ළකුණකට දැවී යාමකට.  දැන් ඔන්න මං දේශ ද්‍රෝහියෙක් කියලා ගල්, පොලු, කඩු, කිණිසි අරගෙන මේ පැත්තට එන්න එපා කවදද 1 ලකුණකට අවුට් උනේ කියලා බලන්නේ නැතුව...

2004 දෙසැම්බර් 26... මතකද? ලංකාවේ අපිට ඒ දවස කොහොම අමතක වෙන්නද? මුහුද ගොඩ ගලපු දවස. කොටින්ම කිව්වොත් සුනාමි දවස. මතකද එදා ශ්‍රී ලංකා නවසීනන්ත මැච් 1ක් තිබුනා. සංගා ඒ මැච් එකේ 1 ලකුණකට දැවී ගියා කියලා මතකද දන්නේ නෑ. ඉතින් සංගාගේ අවුට් එක, සුනාමිය හා අපේ පෙර පිණ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.


අපේ පුංචි අම්මාගෙ ගෙදර බාප්පයි, නංගියි, මල්ලිලායි පුදුම ආසයි ක්‍රිකට්වලට. කොටින්ම ක්‍රිකට් පිස්සෝ. ඉතින් එයාලගේ ගෙදර තියෙන්නේ මුහුද කිට්ටුවමයි. වැඩේ කියන්නේ එදා අපේ ගමේ ඉන්න චූටි
පුංචි අම්මලායි, පොඩිම මාමගේ දූයි කට්ටියත් අර පුංචි අම්මලාගේ ගෙදර ඇවිත්. පුංචි අම්මලාගේ ගෙදරට අල්ලපු ගෙදර තමයි ලොකු අම්මාගේ දුව ඉන්නේ. පැටලෙන්න නැතුව ඇති මං හිතන්නෙ පවුලේ විස්තරේ... කෙටියෙන් කියනවනම් එදා අපේ පවුල් 3 1/4ක් මුහුද අයිනේ.


ඉතිරි ටික 'ලු'ප්‍රත්‍යයෙන් කියන්න තියෙන්නේ. ඔන්න ඉතින් අර ක්‍රිකට් පිස්සො ටික උදෙන් නැගිටගෙන මැච් 1 බලනවලු. මටනම් එදා මැච් එක බලන්න උනේ නෑ. පස්සෙ
මං ලකුණු සටහන බැලුවම දැක්කෙ එදා ටීම් එකේ ගොඩක් අය අඩු ගානට අවුට් වෙලා. ඉතින් ඔහොම තියෙද්දි සංගාත් 1 ලකුණකට අවුට් වෙලා. සංගා පිස්සි, අපේ පුංචි අම්මලාගේ ගෙදර නංගි දැන් ඉතින් මැච් 1 බලලා වැඩක් නෑ කියලා හිතලා මැච් 1 බලන එක නවත්තලා එලියට ගිහින් ඇස් දෙකේ කඳුළු පුරවගෙන මුහුද දිහා බැලුවළු. එදා හිතේ දුක අරන් කඳුළු පිසදාන මුහුද වෙනදා වගේ නෙවෙයිලු. එතකොට ලොකු මල්ලිත් මැච් 1 බලන එක නවත්තලාලු. ලොකු මල්ලිටත් පෙන්නුවලු මුහුදෙ ඈතින් එන ලොකු රැළක්. ලොකු මල්ලි කෑ ගහලා 

"තාත්තේ මුහුද අමුතුයි,මුහුද අමුතුයි" කියලා...

බාප්පා බැලුවලු, කෑ ගැහුවලු

"දරුවෝ ගන්න, දරුවෝ ගන්න" කියලා...

කියලා කට්ටියම එහෙමම එළියට පැනලා දුවලා. එතකොට මාමාගේ දුවට අවුරුදු 6ක් විතර ඇති. චූටි පුංචි එයාවත් උස්සගෙනයි දුවලා තියෙන්නේ. මෙයාලා දුවද්දි ගමේ කට්ටිය කියනවලු,

"දුවන්න එපා, ඕන ප්‍රශ්නෙකට අපි ඉන්නවා" කියලා.

ඒ මිනිස්සු හිතලා තියෙන්නේ කවුරු හරි ගහන්න එනවා කියලා.

"නෑ, නෑ, රැල්ලක් එනවා" කිය කියා දිව්වලු.

ඒ මිනිස්සුත් ඒපාර දුවලා. කොහොම හරි අල්ලපු ගෙදර ඉදපු අපෙ ලොකු අම්මගේ ගෙදර අක්කත් මාස ගණනක් වයස චූටි එකීවත් අරගෙන දුවලා ගිහින් ඉස්සරහා තියෙන බිල්ඩිමට නැගලා.

ඉතින් එහෙම රැල්ල පස්සෙන් පන්නද්දි, කකුල්වල රැල්ල වැදි වැදි දුවලා කට්ටිය වෙන වෙලාවක නගීවි කියලා හිතා ගන්නවත් බැරි වහලවල් උඩ නැගලා බේරිලා, එවේලේ ඇදගෙන ඉදපු ඇදුම විතරක් ඉතිරි වෙලා පයින්ම අපේ ගෙදර අවා.
මං නංගිගෙන් ඇහුවම 'බය හිතුනද?' කියලා එයා කිව්වෙ,

"නෑ, මරෙනවනම් ඔක්කොම එකටනෙ, ඒ නිසා බය හිතුනේ නෑ" කියල.


කොහොම හරි එදා මුහුද අයිනෙම ඉදපු මගේ එක නෑදෑයෙක්වත් අරන් යන්න සුනාමියට පුළුවන් උනේ නෑ. රැල්ල පස්සෙන් පන්නද්දි ටවුමේ ඉදලා ආව අන්තිම බස් එකේ පණ බේරාගෙන ආව ලොකු අම්මාලාගේ ගෙදර දෙවැනි අක්කයි, මල්ලියි මුහුදේ බිහිසුණුකම කියලා, අපි එයාලා බේරෙයි කියලා බලාපොරොත්තු නැතුවයි හිටියේ. එයාලා එනකන් කෑ ගහ ගහ ඇඩුව අපේ අම්මා බදාගෙන කට්ටියම ඇඩුවේ "අක්කා නිසයි අපි බේරුනේ" කියලා. ඒත් එදා සංගා 1 ලකුණකට අවුට් උනේ නැත්නම් මගේ පවුලේ ආදරණීයයන් 12ක් සුනාමිය කුරිරු විදියට අරන් යන්න තිබුනා.
 

ඉතින් සංගා අපි ඔබට සදා ණයගැතියි...

තෑන්ක්ස් සංගා...

24 comments:

පිසාචයා said...

අම්මෝ..තැන්ක්ස් කරල මදි.
මල් පහන් පත්තු කරන්න වේවි.
ටීම් එකටම පාටියකුත් දෙන්න වේවි.
කොහොම හරි කට්ටිය බේරුණ එක නම් ලොකු දෙයක්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අප්පට සිරි තැන්ක්ස් නෙවෙයි , හරි ලොකුවයින් තැග්ගක් යවන්න වටිනව්

Observer said...

ඇත්තටම සංගක්කාර දන්නවනං හරියට සතුටු වෙය්

Bunny said...

ඔන්න බලාපල්ලාකෝ වැඩේ.. මට මෙකෙන් ෆිල්ම් එකක් කරන්න හිතෙනවා :D
මාත් අද ඉදන් ක්‍රිකට්මැච් එක බලනවා :D (මට ක්‍රිකට් පේන්න බෑ)

....ජනියා.... said...

සංඝා ලොකු පිනක් කරලනේ......
සංඝටත් මේ කතාව කියන්න....

සංකල්ප said...

අම්මෝ සංගාට බිම දිගාවෙලා තෑන්ක්ස් කිව්වත් මදි. එදා එල ලකුණට අවුට් උනේ නැත්නම් කොහොමද නංගි මුහුද අමුතුයි කියලා දන්නේ.

Podi Kumarihami said...

මාර කතාවක්නේ. අහනකොටත් ඇඟ හිරි වැටෙනවා.

සංගාට ස්තූති කරන අතරම,

ඔහුට අපේ සුබ පැතුම්....

Anonymous said...

මාර සම්බන්ධතාවයක්නේ තියෙන්නේ....

පිණිබිඳු... said...

සංගා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මෙහෙම දෙයක්

Janitha said...

ඔන්න ඔය කියන කාලකණ්නි දවසෙ උදේ ඉදන් දවල් වෙනකන් හැම දෙයක්ම මතකයි. සංගක්කාර තමයි මගෙත් ප්‍රියතමයා. දැන හෝ නොදැන හෝ කරලා තියෙන්නෙ ලොකු පිනක්. අපිත් ඉන්නේ මුහුද අයිනේ. උණවටුනේ. කලින් පිනකට අපි ඉන්නේ රූමස්සල කන්දෙන් වැහිලා. ඒත් එදා යම් දෙයක් වෙලා තිබුනෙ නැත්නම් අද ආගන්තුකයෙක් මෙහෙම කමෙන්ට් එකක් දාන්න ඉතුරු වෙන්නෙ නෑ..

Kasun said...

ඇත්තටම cricket බලන අයයි පින් කරලා තියෙන්නේ... අපේ ටීම් එක පරාද උනත් හොදකට තමයි ඉතින් :)

සිතුවිලි නිහඬයි said...

කියවද්දී ඇඟම හිරි වැටුණා.....එදා ඒ දවසේ සිද්ද වෙච්ච සේරම ආයෙම මතක් වුණා.....කොහොම නමුත් හැමෝම බෙරිච්ච එක ගැන නම් ගොඩාක් සතුටුයි......

Unknown said...

අප්පේ මේක කොහොම හරි සංගාට පෙන්නන්න විදිහක් හොයා ගන්න අක්කේ. (අක්කා වෙන්න ඇති නේද)

සාතන් said...

අප්පට සිරි... සංගත් මාර වැඩකරුවෙක්නෙ... බින්දුවට අවුට් වුනත් හොඳක් වෙලා තියෙනනෙ...

හැබැයි මන්තරකාරියෙ වැරදිලාවත් සනත් 0 අවුට් වුන එකෙන් හොඳක් වුන කියලනම් කවදාවත් දාන්න එපා...

Unknown said...

ඇත්තටම මේක සංගාට කියන්න ,සංගත් ගොඩක් සතුටු වෙයි..
Sanga Writes කියන සංගා ලියන බ්ලොග් එකට හරි දාන්න

Dinesh said...

සංගා මමත් ආසම ක්‍රීඩකයෙක් තමයි.. කරුණු කාරණා ගොඩක් හින්දා.. එදානම් ඇත්තටම ඔයාලගේ වාසනාව..

මන්තරකාරි said...

@all: හැමෝගෙම කොමෙන්ටුවලට ස්තුතියි. සංගාත් මේක ඉක්මනටම දැන ගනීවි මං හිතන්නේ. එදා බේරුන බේරිල්ලට මල් තියලා වදින්න වටිනවා තමයි. ඔහුගේ 100 වෙනි ටෙස්ට් තරගයටත් සුභ පතමු...

@බනියා: ක්‍රිකට්වලට අකමැති කොල්ලෙක් දැක්කමයි...

@නිසුපා: ඔයාට මං අක්කෙක් නෙවෙයි... :)

duliponline said...

මං ක්‍රිකට් ක්‍රීඩාවට එච්චර කැමති කෙනෙක් නෙමේ . . . . ඒත් මම පොඩි පන්ඩිත වැඩක් කලා . . . . මම මේ පෝස්ට් එක සංගක්කාරට ෆෝවර්ඩ් කලා . . . (හිකිස්)

හිතුවක්කාර කෙල්ල said...

හෆ්ෆා...... සංගා එහෙනම් වාසනාව ගෙනවා නේද?? තෑන්ක්ස් කරලා ණය ගෙවන්න බෑ ඒකටනම්...

Anonymous said...

පොඩි ෆිල්ම් එකක් වගේ, මේක සංගා කියවයිද දන්නෑ. මම දැක්කා සංගාගේ කතාවෙත් සුනාමිය ගැන ලස්සනට කියලා තියෙනවා.
කොහොම හරි තවත් අවු. 4 ක් සංගා නායකයා විදිහට ඉන්න තිබ්බේ.

සිහිනයක මියැදුණ සිතක් said...

සංගාගේ ජාත්‍යන්තර කතාවෙන් පස්සේ තමයි මට නම් සංගව ගොඩක් පිට් වුනේ. මේක මුලදී මං හිතුවේ සංගාගේ ලෝකයම අමතලා කරපු අ‍පේ උන් තුට්ටුවකට ගනන් නොගත්ත. (අමනකමනිසා) ඒ කතාව ගැන කියයි කියලා.

බැලින්නම් වෙන කොහේවත්නේ අපිව එක්කන් ගිහින් තියෙන්නේ. ඇසට කදුලකුත් ආව මේක කියවද්දි. ඒකටත් කතාවක් තියෙනවා පස්සේ ලියන්නම්කො.

උඹ හරිම ලස්සනට අපිව අතීතයට එක්කනා ගියා තැන්ක් යු මචං.

මන්තරකාරි said...

@ඕනයා: තෑන්ක්ස් අයියා...

@හිතුවක්කාරි: නැතුව නැතුව... දැන් ඉතින් වාසනාවට කියලා සංගාගේ රූපයක් පර්ස් එකෙ දා ගන්නවා හෙම නෙවේ හරිද?

@bckurera: එහෙනම් ලබන ලෝක කුසලානේ අපේ...ඒත් දැනුත් එහෙම නොවෙන්න විදියක් නෑ...

@සිහිනයක මියැදුණ සිතක්: ඔයා වගේම කවෘත් හිතන්නෙ නැතිව ඇති මෙහෙම දෙයක්...
මං හිතන්නේ මියැදුන සිත කොල්ලෙක්ගේ. කොල්ලෙක් මට මචං කිව්වම නිකන් හුරු නෑ වගෙ... ;)

සිහිනයක මියැදුණ සිතක් said...

මටම මයි වෙන‍්නේ කිව්වලු. මං ඇත්තම කියන්නම්. මං පොතක් කියෙව්වත් මට වෙන දෙයක් මේක. මං පොත කියවල අවසන් වෙලා තමයි ලිව්වේ කව්ද බලන්නේ. පොත්වලට කොමන්ට් දාන්න නැති නිසා මෙච්චර කල් මට ඒක අවුලක් වුනේ නෑ. පොත් වගේද බ්ලොග්.

මම මේ පොස්ට් එක දැක්කේ. හිතුගේ හිතට ගොඩ වෙච්ච වෙලාවේ. එයාගේ පේවරිට් ලිස්ට් එකේ තිබිලා මං කියවගෙන ගියා. මට හිතුනෙම නෑනේ මේක කෙල්ලෙක් ලියන බ්ලොග් එකක් කියලා. කොමන්ට් එක දාලම තමයි මම බැලුවේ ලියල තියෙන්නේ කව්ද කියලා. මොනවා කරන්නද මං දැනන් හිටියා මේක ගැන මන්තර කාරී අනිවාර්යෙන්ම මතුරාවි කියලා

සොරි සොරි සොරි. නොදැන වුන වරදට මටත් දැන් මොකද්ද වගේ මොනවා කරන්නද.

Raj said...

අම්මො...සුනාමියේ..බිහිසුනුකම.....එක මහ කුරිරු අද්දැකිමක්...අපට....මන්තරකාරි,...ඔයාගේ....මං හිතන්නේ ඔයාගේ මුලු පවුලටම පෙර බවයක කරපු හොඳ ක්‍රිරියාවක ප්‍රතිඵල තමා....සුනාමියෙන් ගැලවිම....

ඇත්තෙන්ම....සංගා කියන්නේ හොඳ නායකයෙක්....කන්ඩායම් හැඟිම කියන එක ඔහු නායකත්වය දරන කාලේ උපරිමයෙන්ම....ක්‍රියාත්මක උනා...
ඒවගේම ඔහු..ගුනගරුක...ශ්‍රීලාංකිකයෙක්.....

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .