Saturday, October 29, 2011

දුක්බර අහස මම...


 අඳුරු වළාකුළු බර වෙලා
මොර සූරා වහින්නට අර අදින
දුක්බර අහස මම
වහින්නට නොහැකිව
සුසුම් සඟවා සිනාසෙන...
පීදුන ගොයම රැක ගත යුතු නිසා
කිරි වැදී නෙළන්නට...

11 comments:

මධුරංග said...

පීදුන ගොයම රැකේවි. කලු කරපු තරමට වහින්නේ නැති නිසා.දුක් වෙන්න එපා !!!

හිස් අහස said...

ගොයං කපන කම් ඉඳලා දෙන්ඩ දෙගොඩ තල යන්ඩ

Podi Kumarihami said...

ලස්සන තේරුමක් තියන පද වැලක්!!!

Raj said...

කොහෙද මෙච්චර කල් ගොහින් හිටියේ....බය වෙන්ටෙපා..කියන තරං යකා කලු නැ...යමක් කැපකරපු තරමට ප්‍රතිඵල..සරුයි...ඊටපස්සේ හිනාවෙයන්..සහොදරී

ගලයා said...

සුළි සුළඟක් එන්න
මතුරන්න මන්තරයක්
මම එනවා සත්තයි
මහා සුලඟක් වෙලා
හිත් අහස කලු කරන
කලු වලාකුලු ඈතට ගෙනියන්න
පීදුනු ගොයම
සෝදන්න නොදී........
අලංකාරයි ඔයාගේ කවි පබැඳුම...

පොඩි මෑන් said...

බර කාලෙකට පස්සෙ ඇවිත් හරි ගොඩක් ලියල ගිහින්.. :D

Dinesh said...

ගොඩක් දවසින් ඇවිත් දුක හිතෙන කවියක් ලියලා.. කිමද කාරණාව???

හිතුවක්කාරි said...

හරිම අපූරුයි.... ලස්සනයි.... දුකයි.. අමුතුයි... මේ ඔක්කොම සම්පූර්ණයි...:)

ප්‍රාර්ථනා said...

හ්ම්ම්... හිත ඇතුලේ තියෙන සමහර වේදනාවන් එළියට දාන්න බෑ කොයිතරම් උත්සාහ කරත්.. ඒවාහිත ඇතුලෙම පැසවන තුවාල වගේ, වේදනාවට හුරු වුනාම ඒ තුවාලේ තිබුනට ගානක් නෑ,. ඒත් සැරෙන් සැරේ තුවාලේ අළුත් වෙද්දි දැනෙන වේදනාව වැඩියි.

මන්තරකාරි said...

@මධුරංග: ගොයමනම් රැකේවි. ඒත් අහසට වහින්න ඕනිලු...

@සඳරු: දෙන්ඩනම් පුළුවනි දෙගොඩ තලා යන්න, ඒත් ගොයම කපා ගන්නත් විදියක් නැතුව ඉන්නෙ මල්ලි...

@පොඩි කුමාරිහාමි: ස්තූතියි...

@රාජ්: හිනාවෙන දවස කවදා ඒවිද මන්දා....

@ගලයා: සුළි සුළගක් ආවොත් මගේ කොස්සත් ගහගෙන යයිනෙ...

@පොඩි මෑන්: ඒකනෙ, පේළි හතක්ම ලිව්වා...

@දිනේශ්: මේ දවස්වල අහස අඳුරුඉ, ඒත් වහින්න විදියක් නෑ...

@හිතූ: ස්තූතියි...

@ප්‍රාර්ථනා: සමහර වේදනා සුන්දරයි, සමහර වේදනා දුක්බරයි. ලොකුම වේදනාව ඒ වේදනා හංගගෙන හිනා වෙන එක...

prasanna86k said...

නියමයිනේ... ඇත්තටම මාර ගති පද පේලි ටිකක්...!

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .