Sunday, June 5, 2011

Spare wheel...???

මගේ මිතුරිය බසයට ගොඩ වූයේ නිවසේ සිට කැම්පස් එකට යාමටය. බසය ගමන ආරම්භ කර මද වේලාවකින් යාබද අසුනේ වූ ඔහු ඇය සමඟ කතා කරන්නට විය.

කැම්පස්ද?
ඔව්
මොනවද කරන්නෙ?
...
...
...
...
boy කෙනෙක් ඉන්නවද?
ඔව්
කී දෙනෙක්?
මොකක්?
කැම්පස් girlsලට සාමාන්‍යයෙන් spare wheels ඉන්නවනෙ.

ඇයට යක්ෂාරූඬ විය. මේ ඔහු පැවසූ එකම දෙය නොවේ. විශ්ව විද්‍යාල සිසුන් මැරයන් ලෙස හංවඩු ගැසෙද්දී සිසුවියන් දෙස ඔබ මෙවැනි කෝණයකින් බැලීම සංවේගයට කරුණකි.

ඔබ spare wheel 1ක් ලෙස හඳුන්වන්නේ කවුරුන්දැයි මම නොදනිමි. කැම්පස් 1ක් යනු කුමක්දැයි නොදන්නා කෙනෙකුට batch fit 1 පිළිබඳ තේරුමක් නැත. batch fit 1 යනු සිසුන් අතර පමණක් තිබෙන දෙයක් නොවේ. ඔවුන්ගේ සහෝදරත්වයට සිසුන් සිසුවියන් කියා පිල් දෙකක් නැත. හැම කැම්පස් සිසුවෙක්/සිසුවියක් තම batch එකේ ඉතිරි සියලු දෙනාගේ පවුල් පසුබිම දන්නා බව ඔහු නොදැන සිටින්නට ඇත. කැම්පස් 1 තුල හෝ පිට පෙම්වතෙක්/ පෙම්වතියක් සිටින්නේ කාටද , නැත්තේ කාටදැයි ඔවුහු දනිති. spare wheel 1ක් වීමේ අවශ්‍යතාවයක් කාටහෝ ඇතයි මම නොසිතමි.

රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා ඔවුන් එක්ව ඉගෙන ගනුයේ සමවයස් කණ්ඩායම්ය. එවන් සිසුවියකට සිටින්නේ හොඳම මිතුරියක් නොව මිතුරෙක් විය හැක. ඔබ spare wheel ලෙස හඳුන්වන්නේ ඔහුද? ඇය නොතේරුණ විෂය කරුණු අසා ගන්නේ මිතුරෙකුගෙන් විය හැක. ඔහු spare wheel 1ක්ද? Assignment 1ක් අවසන් කර ගත නොහැකිව හෝ වෙනත් විෂය බාහිර කටයුත්තකදී රෑ වූ විට ඇය බෝඩිමට දමන්නේ මිතුරෙක් විය හැක. ඔබ spare wheel කියන්නේ ඔහුටද? ඇගේ project group එකේ ඉතිරි සියල්ලෝ සහෝදර සිසුවන් විය හැක. ඔවුන් spare wheels ද? නිවසින් ගව් සිය ගණනක් දුර සිටින ඇයට සහෝදරයෙක් වන්නේ, ඇගේ දුක අසන්නේ, කඳුළු පිසින්නේ මිතුරෙක් විය හැක. ඔබ spare wheel ලෙස කියන්නේ ඔහුටද?

ඔබ පිළිබිඹු කළේ ඔබේ පෞද්ගලික මතයයි. එය ඔබේ පෞද්ගලික අත්දැකීමක් හෝ පෞද්ගලික වෛරයක් විය හැක. නමුත් ඔබ ඇඟිල්ල දිගු කළේ සියලු සිසුවියන්ටය. ඔබ නිග්‍රහ කළේ සමස්ට විශ්ව විද්‍යාල සිසු පරපුරටය.


සාධාරණීකරණය සඳහා ඔබ හමුවට...

19 comments:

hare :-) said...

කාන්තා පුරුෂ සම්බන්ධ සේරටම ආකෘතියක් තියෙන රටක් තමයි ලංකාව. ඒකෙදි කෙල්කෙල් සහ කොල්ලෙක් අතර තියෙන සම්බන්ධයක් යාළුකමක් විතරමයි කියල පිලිගැනීමේ දුර්වල ගතියක් තියෙනව තමයි. එහෙම එකේ ඔහොම වෙන එක පුදුමයක් නෑ. ඒත් තව පරම්පරා ගාණක් ගිහින් හරි ඕක වෙනස් වෙයි! වැඩේ කියන්නෙ වයසට යද්දි මිනිස්සු වෙනස් වෙනව නෙව.

පිස්සු පුසා said...

විශ්ව විද්‍යාල සිසුන් ලොල්ය. මා කිසිදෙයක් නොකියමි පිස්සු පි කුදුය. මටනම් විකාරයකි සමස්තයම.. තරහා නොවන්න පුසා බොරු නොකියයි.

මන්තරකාරි said...

@Hare : ස්තුතියි කොමෙන්ටුව්ට... කවදා හරි කියන මේ වෙනස නැති වෙන්න කියලා අපි පතමු...

@පිස්සු පුසා: කැම්පස් සිසුන් යනු ජාන විකෘර්ති වූ සත්ව විශේෂයක් නොවේ. ඔවුන්ද මිනිසුන්ය. කැම්පස් සිසු සිසුවියන් පමණක් විකාරයක් වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඔබෙන් බලාපොරොත්තු වෙමි...

පිස්සු පුසා said...

ලොල්ය.. කොහෙද අනේ තියෙන්නේ ජාන කාතවක්. තොප්පිය හරිනම් දාගන්න. අවුලක් නැත. ඔය වගේ පිරිසක් ගැන පැහැදිලි කරන්න ගන්න කාලයත් අපරාදේ. අනික පැහැදිලි කරන්න තරම්දෙයක් ද නැ. දන්නො දනිති. පුද්ගලික අමනාපයක් කාත් එක්කවත් නැ.

මන්තරකාරි said...

පුද්ගලික අමනාපයක් නෑ කිව්වට සමස්තය සමඟ වෛරයක් මත පෙනෙයි. මා සියල්ලන් ගැන කීමට දන්නේ නැත. නමුත් මා දන්නෝ පිස්සු පීකුදුය. එහෙත් විකාර නොවේ. ඔවුහු පිස්සු කරද්දී පිස්සු කරති. ඉගෙන ගනිද්දී ඉගෙන් ගනිති. උදව්වක් අවැසි විට උදව් කරති. ඉදිරිපත් විය යුතු විට ඉදිරිපත් වෙති...

රත්ගමයා said...

මොලේ නැති උන් යන්න බැරි උනාම බොලද ආතල් ගන්නවා...මම මීට කලින් ලිව්ව පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ලිපියක්....
ඒකට කමෙන්ට් කරපු ගොඩක් උන් දැක්කම මට ඇත්තටම දුකයි

දඩබ්බරී said...

ඇත්තටම බහුතරය විශ්ව විද්‍යාල සිසුවියන් පිළිබද මවාගෙන ඉන්න චිත්‍රය හරිම නරක එකක්.එය මටත් පෞද්ගලිකව අත් දකින්න ලැබුන දෙයක්!

මන්තරකාරි said...

@රත්ගමයා: ඇත්තටම තියෙන්නේ ඊර්ෂ්‍යාවක්ද තරහක්ද කියලා හිතා ගන්න බෑ. ඇත්තටම දුකයි මිනිස්සු හිතන විදිය ගැන...

@දඩබ්බරී: ඒ යථාර්තවාදියා ගෑණු ළමයෙකුගෙන් එහෙම අහපු කොච්චර වැරදිද? කැම්පස් කිව්වම සතුටු වෙන මිනිස්සුත් ඉන්නවා. මෙහෙම මනුස්සයෙක් ගැන දැන ගත්තේ පළවෙනි වතාවට...

Anonymous said...

මමත් සරසවි සිසුවෙක්.. ඇත්තම කිව්වොත් සමාජයෙ සමහරක් උදවිය සරසවි දිහා හිතන්නෙ බලන්නෙ මාධ්‍ය වල පෙන්නන දේවල් අනුව විතරයි.

සිත් අහස said...

අනේ ඇත්තමයි, මෙහෙම කියන අයත් ඉන්නවනේ. ඔයා කියන දේ හරියටම හරි මන්තරකාරී. මාත් කැම්පස්. අපි ට්‍රිප් ගිහින් ගෙදර එන්න රෑ වුනාම අම්මා තාත්තා එනකන් තනිය්ට ඉන්නේ කොල්ලෙක්. එයා ස්පෙයාර් වීල් එකක්ද? තනියම යන්න බැරි තැනකට එක්කන් යන්නේ කොල්ලෙක්, එයා ස්පෙයාර් වීල් එකක්ද?
එහෙම හිතුවොත් මුළු බැච් එකම අපේ ස්පෙයාර් වීල් වෙනවා. ඒ බැඳීම ගැන දන්නේ නැති අය කියන දේවල් වලට තරහ අරන් වැඩක් නෑ

Deeps said...

එහෙම අය spare wheel නම් මට ඉන්නවා spare wheel හෙන ගාණක්! ප්‍රාර්ථනා ගේ කතාව එක්ක එකඟයි

සංකල්ප said...

කැම්පස් කියපු ගමන් මිනිස්සුන්ට මැවෙන්නේ මහ විකාර චිත්‍රයක්. ඒක නම් වෙනස් වෙන්නම ඕනා. සමහරු කමප්ස් කෙල්ලෝ දිහා බලන්නේ වැරදි කෝණ වලින්. ඒකත් වෙනස් වෙන්න ඕනා.

....ජනියා.... said...

කණගා‍ටු දායක තත්වයක්. මේ ක්‍රමය වෙනස් කල යුත්තේ අපිම තමයි.
සන්නිවේදනය පිලිබද ගැටලුවක් තිනවා නේද?

නජාත් අක්‍රම් said...

කැම්පස් යන්න බැරි උන එවුන් හිතේ අමාරුවට කියන කතා...දන්නෝ දනිති නේ අක්කේ..රත්ගමයා සමග එකඟ වෙමි බොක්කෙන් ම..

Hasitha Gunasinghe said...

එක මිම්මෙන් හැමෝම මනින්න බැහැ. සමහරුන්ට නම් ගමට එකයි කැම්පස් එකට එකයි ක්ලාස් එකට එකයි වගේ තිබුනත් අවංක පිවිතුරු වන් ඇන්ඩ් ඔන්ලි ලව් එහෙමත් තියෙනවනේ

ηiRσ said...

අදනේ දැක්කේ මන්තරකාරිව...ඔව් ඉතින් එහෙම බැලුවොත් මටත් spare wheels ගොඩක් හිටියා කියන්න පුළුවන් හික්

ඕව ඉතින් ඉරිසියාව කුහකකම මෝඩකම අසහනේ නිසා මිනිස්සු කියන කතානේ. ඔන්න ඔහේ ඕනැ එකක් කියන්න කියමු අනේ. අපි අහල හිනාවෙමු. ඔය මිනිස්සු දන්නේ නැහැ අපි ඔතෙන්ට යන්න කොච්චර මහන්සි උනාද කියලවත්, ඔතන තියෙන සුන්දරත්වය ගැනවත්.

Thanoja Rajapaksha said...

එක මකුණළු කන්නේ.. එක මදුරුවළු විදින්නේ.. ඒත් දකින දකින එකා ඉවරයි..

මම හිතන්නේ අදහස තේරෙයි.. ඕවා ගැන ඕනවට වඩා හිතන්න එපා.. මොකද මේ රටේ ඔය විකාර හිතිවිලි නවත්තන්න කෙනෙක් ඉපදිලා නෑ..

ලහිරු said...

එක එක්කෙනාගේ ගොන්පාට් වලට අපි තරහා ගන්නෝන නෑ කියලයි මගේ හැඟීම. ඒ වුනත් එකෙක් දෙන්නෙක් කරන කැත වැඩ ඔක්කෝම යන්නේ ඒ එකවුන්ට් එකට, ඒකයි අවුල!

Anonymous said...

අහම්බයෙන් වගෙ දුටිමි. අනෙ අපේ කෙල්ලන් පරම පිවිතුරු පති දෙවතාවියන් වග අපි හොදාකාරවම දනිමු.....! මේ ලිපියේ අරමුන කුමක් ද යන්න නොතෙරේ කෙසේ නමුත් මෑය පවසන පරිදි කිසිම කෙල්ලෙකුට ස්පෙයා වීල්ස් නෑත . එමෙන්ම කෑම්පස් ආ විට පරන එක ස්පෙයා වීල් එකක් වන්නේද නෑත. සිරාම විහිලුවකි.....

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .