Thursday, June 30, 2011

මතක මංපෙත - අවසාන කොටස

දිනෙන් දින තරූට සඳුනිගේ ආත්මාර්තකාමිත්වයක් පෙන්නුම් වූයේ ඇයට සිදුවූ අකටයුතුකම්වලට අමතරව ඇය ඉදිරියේ අනෙක් යෙහෙළියන්ට සැලකූ ආකාරය පිළිබදව සිතේ නොමනාපයක් එක් වෙමින් තිබූ නිසාය. වරෙක සඳුනි කළ නපුරුකමෙකින් හැඬුවේ තරූ පමණක් නොවීය. 

'මම ආයෙ කවදාවත් එයා එක්ක කතා කරන්නේ නෑ' තරූ ඉටා ගත්තේ සඳුනි කළ දෙයින් සිංහල අවුරුදුදා මුළු ගෙදරම සතුට නැති වූ නිසාය. ඇය නිසා අම්මගේ ඇසින් කදුළු වැටුන නිසාය.

"තරිඳු අයියා ඔයාට කෝල් කරාද?" සඳුනිගෙන් ඈත් වීමට තීරණය කර දින 2-3කින් සඳුනි තරූ ඇමතුවාය.

"නෑ...ඇයි?"

"පොඩි අවුලක්..." කෙතරම් හිත නරක් වී සිටියත් සඳුනි කී සැටියට තරූට මග හරින්නට සිතුනේ නැත. කුමන අවුල වුවත්, ඔවුන් සඳුනිගේ නිවසේ දුරකතන අංකය ඇරෙන්නට දන්නේ තරූගේ නිවසේ දුරකතන අංකය පමණි.

අවුල කුමක් වුවත් එය දුරකතනයෙන් කීමට මැලිවන තරමට ඇය බිය වී සිටි නිසා තරූ සඳුනී හමු වීමට ගියාය.

"තරිඳු අයියා කෝල් කරලා මං රූම් එකෙන් ෆෝන් 1 උස්සනකොටම තාත්තා සාලේ ෆෝන් 1 ඉස්සුව"

"ඉතින් එයා මොනවද කිව්වේ?"

"මොනවත් කිව්වෙ නෑ... හෙලෝ නගා කියනකොටම මට සාලේ 1 ඉස්සුවා කියලා තේරිලා කට් කරා" බය වෙන්නට තරම් දෙයක් වී නැත. කතා කර ඇත්තේ තරිඳු අයියාය.

"එයා ඔයාලගෙ ගෙදරට කෝල් කලොත් මට කෝල් කරන්න එපා කියන්න"

"හ්ම්ම්..."

තරූගේ නිවසට එම ඇමතුම පැමිනිණි. තරිඳු අයියා පළමු වතාවට තරූට ඇමතුවේය.

"හෙලෝ..." තරූ දුරකතනය ගත්තාය. නැත. ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත.

"හෙලෝ..." ඒ ඔහුම බව CLI නැතත් ඇයට විස්වාශය. එහෙත් ඔහු කතා කරන්නේ නැත.

"හෙලෝ..." නම කියා ඇසීමට නොහැක. තරූගේ පියා තරූ අසලම විය.

"හෙලෝ..." තරූ නැවතත් කීවාය. ඔහු වචනයක්වත් නොකියා ඇමතුම විසන්දි විය.

ඔහු එහෙම කලේ ඇයිදැයි තරූ කල්පනා කලාය. ඔහු විභාගය අවසන් වන තුරු කතා නොකරන්නට සිතා සිටි නිසාද?

ප්‍රශ්නයක් නොවී එම සිදුවීම විසදුනි. කෙමෙන් කෙමෙන් කල් ගත වෙද්දි සඳුනී අළුත් පෙරළියක් කළාය.

"තරිඳු අයියා කෝල් කරාද?" තවත් දිනෙක සඳුනීගෙන් ඇමතුමක් ආවාය.

"නෑ..." ආයෙත් ගෙදරට මාට්ටු වෙන්න ගිහින්වත්ද...

"තරිඳු අයියා කෝල් කරලා ඔයාට හොඳටම බැන්නා"

ඔහු එසේ බනින්නට තරූගේ අතින් කිසිවක් සිදු වූයේ නැත. මේ මොන ගිනි ගෙඩියක්දැයි තරූ සිතුවාය. අවසන ඇය සිදු වී ඇති දෙය දැන ගත්තාය. සඳුනී අසංක අයියා සමඟ සම්බන්ධය නතර කරන්නට තීරණය කර ඇත. එයට හේතුව වී ඇත්තේ තරිඳු අයියා තරූට කරදර කිරීමට බව ඇය පවසා ඇත.

'ඒත් කවදාවත් තරිඳු අයියා මට කරදර කරලා නෑනෙ...' තරූ කල්පනා කලාය. අනෙක් අතට තරූ වෙනුවෙන් උපකාරක පන්තියක වෙලාවක් වෙනස් කර ගැනීමට අකමැති සඳුනී මෙතරම් දෙයක් කළේ ඇයිදැයි ඇයට සිතා ගත නොහැකි වි‍ය.

හේතුව කුමක් වුවත් තරූ හේතුපාදක කරගෙන ඇය නොදැනුවත්ව මහා විප්ලවයක් සිදුවෙමින් පැවතුනි. සඳුනිගේ තීරණය පිළිබඳ ඉතිරි මිතුරන් තිදෙනාත් අසංකා අක්කාත් චෝදනා කර තිබුනේ තරිඳු අයියාටය. සැමගේ බැනුම් හමුවේ ඔහු සඳුනී අමතා තරූට බැන වැද ඇත.

ඔවුන්ට ප්‍රශ්නය තමානම් ඔවුන් තමා ඇමතිය යුතු බව තරූ සිතුවාය. කෙසේ නමුත් කිසිවක් නොදත් ඇය අන්ද මන්දව සිටියාය. ඇය කල්පනා කලාය. විසදුමක් සිතුවා‍ය. සිදුවී ඇත්තේ සැම අතින්ම තරූ අකමැති දෙවල්ය. කිසිවෙක් කැප වීමක් කර එය කළේ එම හේතුව නිසායැයි කියන්නේනම් එය කැපවීමක් වන්නේ නැත. අනෙක් අතට තරූ නොදැන ඇය ගැන ඔවුහු මහා ගොඩක් දේ කතා වූවෝය. කුමක් කෙසේ සිදු වුවත් ප්‍රශ්නය ඇති වුයේ තමාත් තරිඳු අයියාත් නිසානම් එය තමා විසදිය යුතුය.

තරූට විසදුම් 2ක් සිතුනි. එකක් ඇය සඳුනීගෙන් ඈත් වීමය. අනෙක තමා තරිඳු අයියා සමඟ කතා කර විසදුමකට පැමිනීමයි. එහෙත් තරූට සඳුනිට ඇගෙන් ඇත් වන ලෙස කීමට වචන ගලපා ගත නොහැක. කෙතරම් සිත් රිදවීම් සිදු වුවද එසේ කීමට ඇගේ දිව නැවෙන්නේ නැත. ඇය සඳුනීට ලිපියක් ලිව්වාය. එම විසදුම හරි නොයන බව තෙරුන තරූ තරිඳු අයියා සමඟ කතා කිරීමට ඉටා ගත්තාය. තමාත් තරිඳු අයියාත් නිසා ඇතිවූ ප්‍රශ්නය විසදීමට ඔහු සමඟ කතා කර ඕනෑම පියවරක් ගැනීමට තරූ තීරණය කළාය.

"මට තරිඳු අයියා එක්ක කතා කරන්න ඕනෙ" සඳුනිට කීවත් ඇය එයට ඉඩ දෙන්නේ නැත.

"කුරුණෑගල එයාගේ surname 1න් ඩිරෙක්ටරියේ ඉන්නෙ 57යි. මං ඒ හැමෝටම කතා කරලා තරිඳු අයියාගේ number 1 හොයා ගන්නද?" සඳුනි සිනා සුනා මිස ඔහුගේ දුරකතන අංක‍ය දෙන්නේ නැත.

"එයාට කියන්න මට කෝල් කරන්න කියලා" තරූ බලා සිටියාය. නැත. ඔහු කතා කරේම නැත. ඒ තරමටම ඔහු තරූ සමඟ තරහින් සිටියාද නැතනම් ඔහු පැත්තකට වූවාදැයි තරූ දන්නේ නැත.

"එහෙනම් A/L ඉවර උනාම මට කතා කරන්න කියන්න" තරූ කීවාය.

උසස් පෙළ විභාගය අවසන් විය. එහෙත් තරිඳු අයියා කිසිදිනෙක කතා කළේ නැත. සඳුනිත් අසංක අයියාත් අතර සම්බන්ධය නැවැතුනේද නැත.

දෙවන වර උසස් පෙළ කිරීම සඳහා මිතුරියෝ සියල්ලෝම උපකාරක පන්ති යාමට පටන් ගත්තෝය.. සමින්දි උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවූ නිසා තරූ තනිවී සිටියාය. මිතුරියන් සමඟම සිටියත් සිතින් ඔවුන්ගෙන් මදක් ඈත් වී සිටියාය.

අවසන ඇය දැන ගත් දෙයින් සඳුනී පිළිබඳ මහත් සේ කලකිරුනාය. සඳුනී අසංක අයියාගෙන් ඈත් වීමට උත්සාහ කිරීමට හේතු වූයේ ඔවුන්ගේ කේන්දර නොගැලපීම බව ඇයට අසන්නට ලැබුණි. තමා පාවා දුන් සඳුනීගෙන් තරූ සදහටම ඈත් වූවාය. එක් අතෙකින් එය සඳුනිට උදව්වක් වනු ඇතැයි ඇය සිතුවාය. තරිඳු අයියා පිළිබඳ මතක මංපෙත එතෙකින් නිමා විය.

තරිඳු අයියා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිව වසර හයක් ගෙවී ගොස් ඇත. එම වසර හය තුල තරූ අහස විටෙක වලාකුළින් බර විය. විටෙක මහ වැසි ඇද හැලුනි. විටෙක ලස්සන තරුවක් දිලිසුනි. එහෙත් ඒ කිසි විටෙක නොපායාම බැස ගිය තරිඳු මඬල අමතකව ගියේ නැත.
 

තරූගේ ජීවන මං පෙතේ සිදුවූ සෑම වැදගත් සිදුවීමකටම පාහේ එම මතකය බලපෑවේය. ඇය ඔහු එනතුරු බොහෝ කලක් බලා සිටියාය. ඇය මූණු පොත පීරා ඔහු සෙව්වාය. විටෙක අන්තර්ජාලය පුරා සෙව්වාය. එහෙත් ඇයට ඔහු සොයා ගත නොහැකි විය.
 

අද ඔහු කොහේ හෝ දක්ෂ වෛද්‍යවරෙක් වී සිටිනවා ඇත. තරූ අවසන් වසර විශ්ව විද්‍යාල සිසුවියකි. ඇගේ ලොවට අද සරා සඳක් පායා ඇත. එහෙත් අදටත් කොණ්ඩය දිග කටකාරිය පොල් කුමාරයා සොයයි. ඒ පොල් කුමාරයාට කිව යුතු එකම එක දෙයක් වෙනුවෙනි.
 

"මං නිසා උනු හැම දේටම සමාවෙන්න..."  

16 comments:

Dinesh said...

පරක්කු උනායි කියලා කියපු නිසාද කොහේද අක්කා අදම අනිත් කොටස දාලා.. ඒකත් අන්තිම කොටස.. :)

හරිම ලස්සනට ගලා ගිය සුන්දර කතාවක් අක්කේ.. තව අළුත් කතාවක් ලියන්න...

මන්තරකාරි said...

සුන්දර නිසයි මල්ලි ඒ කතාව මතක මංපෙතේ තවමත් රැදිලා තියෙන්නේ... මං ලස්සනට ලියන්න දැනගෙන හිටියනම් ඒක මීටත් වඩා ලස්සනයි...
ස්තූතියි ප්‍රතිචාරයට...:)

සරත් ලංකාප්‍රිය said...

ඔන්න අද මං ඔක්කොම කියෙවුව.. රස වින්දා.. තව ලියන්න මේ වගේ.මට නම් ලස්සනයි ලියල තියෙන විදිහයි බාසාවයි කතාව ගලාගෙන ගිය ආකාරයයි....

සංකල්ප said...

මට මන්තරකාරිව මුන ගැහෙද්දි මේ කතාවේ අන්තිමය තමයි කියවන්න උනේ. ඒ නිසා මුල් ටික කියවලාම ඇවිත් කමෙන්ට් කරන්නම්.

මම් දැන් යනවා කියවලා එන්නම්.

මන්තරකාරි said...

@සරත් ලංකාප්‍රිය : ස්තූතියි... කියා ගන්න බැරුව හිතේ තිබුන කතාවක් වචනවලට පෙරලුවේ...

@මධුරංග : හී හී...කෝ ඇවිත් කොමෙන්ට් කරලා නෑනේ...

Anonymous said...

හරිම ලස්සනට ලියල තියෙනව මේ කතාව. මම අදයි මතක මංපෙත කියෙව්වෙ..

මන්තරකාරි said...

@විසිතුරු : ස්තූතියි...

සිතුවිලි නිහඬයි said...

අවසානය ලස්සනයි අක්කා

මන්තරකාරි said...

@සිතුවිලි නිහඬයි: පළමු වරට ආදරයක් ජීවිතයට එබිකම් කරද්දි ඇතිවුන නිහඬ සිතිවිලි පෙළ...
ඔයාලගෙ ප්‍රතිචාර ගොඩක් වටිනවා...ස්තුතියි...

Anonymous said...

කව්ද ඒ සරා සඳ ?

Anonymous said...

nice one.(kathawak witharamanam lassanai.aththa siduweemak nam dukai)

The තරුවා said...

ඉස්සෙල්ලාම කියෙව්වෙ අද තමයි..
ලස්සනයි කතාව.
දිගටම ලියන්න මේ වගේ අපිට කියවන්න...

Janitha said...

කියවන්න උනේ ඇල්පෙනෙති තුඩක් විතර.. රෑ වෙලා. පස්සේ ඇවිත් කියවන්නම්. කියවපු ටිකෙන් ආගන්තුකයාට තේරුනේ හිතේ හිර කරන් ඉන්න දෙයක් ලියලා කියලා. ආගන්තුකයාව මුනගැහෙන්න ආවාට ස්තුතියි. මන්තරකාරි නපුරු මන්තර මතුරන්නෙ නැති හැඩයි. මේ ලස්සන මන්තර වලින් ජීවිනයම එලිය වේවා. ආගන්තුකයා මන්තරකාරි ව දන්නෙ නම් නෑ. ඒත් කියන්න තියෙන්නේ එක දෙයයි. හිතට දැනුන දේවල් අකුරු කරන්න පුලුවන් ටික දෙනයි ඉන්නේ. අකුරු කරපුවා අනිති අය කියෙවුවාම ඒ අකුරු හිතට වදින විදිහට ලියන්න පුලුවන් අය ඊටත් අඩුයි. මන්තරකාරිත් එයින් කෙනෙක්.

සංකල්ප said...

කතාව ගොඩක් ම ලස්සනයි. අද තමයි කතාව කියවලා ඉවර කරන්න උනේ.

සශී said...

තවත් මන්තරයක් මතුරන්න
ලක්සනයි !

මන්තරකාරි said...

ඇනෝ1: කියන්නෙ නෑ... :P ;) :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .