Monday, June 20, 2011

ඔයා ආසම සීනාටද?

සාතන්ගේ 'රාජාලි හෙවනැල්ලෙ නයා...' කියෙව්වම මටත් පොඩි පරණ කතාවක් මතක් උනා...ඕං ඕපදූප කියනවා කියලා බනිනවා හෙම නෙවේ... 

මන්තරකාරිත් ඉතින් ඔය විස්සවිජ්ජාලෙක ගිහින් තියෙනවනෙ. මේක විස්ස විජ්ජලෙට ගිය අලුත වෙච්චි දෙයක්... මුලදි ඉතින් අහිංසක පාට් එකෙන් ඉන්න කාලෙනෙ... මන්තරකාරි තරම් අහිංසක කෙල්ලෙක් බැච් එකේම නෑ...ඕං දවසක් බැච් එකේ කොල්ලෙක් පර්ස් එක අදිද්දි ඒකෙ ඇතුලෙ ජෝන් සීනාගෙ පින්තූරයක්...කොල්ලා දැකපි මන්තරකාරි පින්තූරෙ දැක්කා කියලා... 


"මේ ඉන්නෙ මගේ ලව් එක" කියලා වීරයා වගේ පර්ස් එකෙන් ජෝන් සීනා පුම්බගෙන ඉන්න පින්තූරෙ අරන් පෙන්නුව...


හී හී...මන්තරකාරි නොදන්න ජෝන් සීනා... ලඟදි බලන්න බැරි උනාට මන්තරකාරි රෙස්ලින් බලන්න ආසයි...

"අයියෝ ඔයා ආසම සීනාටද? මං ආසම බුකී මෑන්ට..." මන්තරකාරි කිව්වා... කොල්ලට කට උත්තර නැති උනා...

ප.ලි.: බුකී මෑන් අදුරන්නෙ නැත්නම් කතාව තේරෙන්නෙ නැති වෙයි මං හිතන්නෙ...

 අදාල පුද්ගලයෝ කියවා මාව අදුනා නොගනිත්වා...!

14 comments:

Dinesh said...

ඒ උනාට දැන් බුගී මෑන් නැහැනේ.. මමනම් ආසම මියගිය මිනිසාට..

මන්තරකාරි said...

ඒ දවස්වල බුකී මෑන් හිටියා. ඒත් ඇත්තටම මං ආස සීනාට... අන්ඩර් ටේකර්ට ආස නෑ...

සාතන් said...

හෙහ් හේ... සාතන් කැමති DX ජෝඩුවට.. :)

මන්තරකාරි said...

මාත් ආසයි...ඒත් ෂෝන් මයිකල් "ඩැඩී'ස් කමින් හෝම්" කියල ගෙදර ගියා නේද...

පූසා said...

මම ඔය නළුවෝ එක්කෙනෙක්ටවත් කැමති නෑ :D

මන්තරකාරි said...

ඕන්න පණ්ඩිත පිස්සු පූසාගේ සාමාන්‍ය දැනීමේ තරම...:පී

සරත් ලංකාප්‍රිය said...

මාත් ඉස්සර රෙස්ලින් බැලුව. දැන් නවත්තල ..මායි මගේ පොඩි එකයි ඇඳ උද රෙස්ලින් කරලා අපේ හාමිනේගෙන් බැනුම් අහනවා.. ඕව බලන එක පොඩි ළමයින්ට හොඳ නැහැලුනේ !!

මන්තරකාරි said...

හාමිනේටත් රෙස්ලින් බලන්න පුරුදු කරානම් හරිනේ...
ඔව් ඉතින්, ඔව්ව බලලා පොඩි එවුන් නිකන් ඉන්නෙ නෑනේ...කරලා බලන්න යනවනේ...

Anonymous said...

හෙහ් හෙහ් රෙස්ලින් මේනියා එහෙනම්.

මන්තරකාරි said...

ඇයි ඔයා රෙස්ලින් බලන්න ආස නැද්ද...?

හිස් අහස said...

මමත් මාර ආසයි බුකී මෑන්ට .. මිනිහා මාර ලස්සනට නූඩ්ල්ස් කනවා ..

කස්ස said...

මමත් ආස එයාට තමා.ඇස් වහක් කටවහක් නැ හරි කඩවසම් හාදය!

සංකල්ප said...

මම් නම් ඔය කියන බුකී මෑන්ව දන්නේ නෑ. ඒ නිසාද මන්දා කතාව මට තේරුනේ නෑ අප්පා.

අසරණයා said...

කවුද බුකි මං කියන්නේ

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .