Saturday, June 11, 2011

මතක මංපෙත - 7

තරූගේ සිතේ පාට පාට මල් පිපී ලස්සන චිත්‍රයක් ඇදෙන්නට විය.
 
"උඹ කැමතිද බේබද්දෙක් බදින්න?" තරූගේ හිතේ පුංචි වෙනසක් සඳුනිට තේරුණි. චිත්‍රය සැනෙන් බොද වී ගියේය.


"මට බඩ මහත කොප්පර මුදලාලි කෙනෙක් බදින්න බෑ"කිසි දිනක නොදුටු තරුණයෙක් නිසා ගැස්සී තිබූ සිත විහිළුවකින් වසන් කරන්නට ඇයට සිදු විය.
"තට්ටෙ පෑදුන... අතේ මුදු ගොඩකුයි බ්‍රේස්ලට් එකකුයි දාපු..." සඳුනි අඩුපාඩු එක් කළාය.


"ඇත්තටම එකට හිටි යාළුවෝ හතර දෙනාගෙන් ඉතිරි තුන් දෙනාම medicine, engineering ගියා. මෙයා විතරක් පොල් මුදලාලි කෙනෙක් වෙනවා නේද..." තරු කීවේ ටෙලි නාට්‍යක සිටි කලු මුදලාලිගේ රුව මවා ගනිමිනි.
...
...


"තරිඳු අයියා call කරා" සඳුනි කීවාය.
"මොනවද කිව්වෙ?"
"රට යනවා කිව්වෙ"
"කලින් දවසේ උණ හැදිල නවතියිද?" තරූ එය ගණන් නොගත්තේ විහිළුවක් කියා සිතාය.


එහෙත් එය විහිළුවක් නොවන බව තේරුණේ අත්තටම රට යාම සඳහා කටයුතු සූදානම් වෙද්දීය.


"යොහාන් අයියා රුසියාවට එන්න කියනවලු, අසංක අයියයි, සංක අයියයි එහේට එන්න කියනවලු, වෙනින්ම රටකට යන්නත් හිතෙනවලු" 


'ඇයි එයා එහෙම කරන්නේ? මං විහිළුවට කිව්ව දේ නිසාද?' තරූගේ සිත කැළඹී ඇත. එහෙත් කිසිවක් නොකීවාය.


"අම්මාව තනියම දාල යන එක තමයිලු ප්‍රශ්නෙ" ඔහු ගැනත් මව ගැනත් තරූට මහත් දුකක් දැනුනි. දුර ඈත රටකට යන්නට තනන්නේ නිකන්ම නිකන් කොල්ලෙක් නොවේ. සැමියා මිය ගිය මවකගේ එකම පුතාය. ඔහු නවත්වා ගත යුතුය. එහෙත් කොහොමද? නවතින්න කියන්නට හයියක් ඇයට නැත. ඔහු සමඟ කතා කිරීමට බියක් ඇයට දැනුනි. 


සඳුනීත් අසංක අයියාත් තරිඳු අයියාත් තමාත් අතර සම්බන්ධයක් ඇති වනවාට අකමැති බව තරූට තේරෙයි. ඔවුන්ගේ බිය සාධාරණය.
තරිඳු අයියා පිළිබඳ අසංක අයියා හොඳින්ම දනියි. තරූ පිළිබඳ සඳුනි හොඳින් දනියි. දෙදෙනාගේ නොගැලපීමක් ඔවුන් දකින්නට ඇත. තරිඳු අයියා සමඟ කතා කිරීමට අවැසි බැව් සඳුනිට කිව නොහැක.

'කමක් නෑ. එයාට හොඳක්නෙ වෙන්නේ...' අන්තිමේදි තරූ හිත හදා ගත්තාය.


රුසියාවට යාමට තීරණය කළ ඔහු රටින් පිටත් වන දිනය උදා විය. 'අදනම් මට call කරයි' A/L අවසන් වන තුරු කරදර නොකරන බවට පොරොන්දු වූ ඔහු අදවත් කතා කරාවියැයි තරූ මඟ බලා සිටියාය.


'අයියෝ flight 1 කියටද කියලාවත් සඳුනිගෙන් අහ ගන්න බැරි උනානෙ' දුරකථනය මුර කරන අතරතුර ඇය සිතුවාය.


හවස් විය. රෑ විය. තවම ඇමතුමක් නැත. ඔහු call කරාවිද... නැද්ද...

9 comments:

Dinesh said...

ඔයා මගේ බ්ලොග් එකට ආපු පාර දිගේ මම මේකට ආවේ.. මේ කතාව මුල ඉදන් බලන්න ඕන.. දිගටම ලියන්න.. අපි එනවා මේ පැත්තට..

සිතුවිලි නිහඬයි said...

කෝල් කරයිද......

හංසි said...

ගොඩක් ලස්සන කතාවක්.. මාත් හොයාගෙන හොයාගෙන ආවා..

මන්තරකාරි said...

@Dinesh n හංසි: මගේ කතාව හොයාගෙන ඇවිත් කියවනවා කියන්නෙ ලොකූ සතුටක්... හිතුවට වඩා කතාව මෙගා වුනා...

@සිතිවිලි නිහඬයි:කෝල් කරයිද සිතිවිලි නිහඩ වෙයිද කියලා ඊලග කොටසින් බලමු...

Raj said...

ඇත්තෙන්ම,.....මමත්..ඔයාගේ....පවුර..හොයාගත්තේ..ඔයා මගෙ..කුරුටු පොත..කියවලා කොමෙන්ටුවක් දාපු පාරෙන්....
මුලින්ම, ස්තුති..කොමෙන්ටුවට...
ඇත්තටම...කලාත්මක..බ්ලොග් එකක්..දිගටම ලියන්න..ජයවෙවා..

හිස් අහස said...

ලියාගෙන යන්නකෝ ..මමත් පුලු පුලුවන් වෙලාවකට ඇවිත් බලලා අදහසක් දීලා යන්නම් ..

හිස් අහස said...

ආ කතාව ලස්සනයි පරන කොටස් ටිකත් කියෙවුවා

මන්තරකාරි said...

@Raj :ස්තූතියි... මේ දවස්වල ලියනවට වඩා කියවන එක කරන්නේ... ලස්සන බ්ලොග් 1ක් අහු උනාම නොකියවා කොහොමද...

@හිස් අහස: ස්තුතියි...ඉඩක් ලැබුණු ගමන් ඉතිරියත් ලියන්නම්... ඇවිත් කියවල යන්නකෝ... කතාව ලස්සන උනාට මට ලස්සන වචනවලින් ලියා ගන්න බැරි එකයි අවුල...

සංකල්ප said...

කවුද කමති ඉතින් මුදලාලි කෙනෙක්ව බදින්න !!!!
කෝල් කරයිද මන්දා.

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .