Monday, January 31, 2011

අඳුරු සුරඟනයි මම.........

සිතේ විලාපය තද කරන්
කලත් සරදම් මකනු පැතුමන්
දෝර ගලනා කඳුළු මුතු වැල්
දනියි ඔබත් විදවනා බැව්


හදේ සිර කර නොපිදු සෙනෙහස
සිහින උකස් කර
සිනහ සඳවතට පිදුව
අඳුරු සුරඟනයි මම.........

4 comments:

කතන්දර Kathandara said...

එහෙම තමන් ගැන නෙගටිව් විදියට හිතන්න එපා!

සරත් ලංකාප්‍රිය said...

කඳුළු සලා
දුක සෝදා දමලා
හිනාවකින්
මුව පුරවාලා
අඳුරු සිතුම්
ඉවතට විසි කරලා
දකින්න ඔබතුල
සැඟවුණු සවිබල !!

මන්තරකාරි said...

හැලූ කඳුළු ගැන
නෑ දුකක් අද මට
කළු මුහුණ යට සැඟවුන
සිත මෙලෙක් නොදුටු නුඹ
ඈ ලොවේ හිනැහියන්
මමත් හිනැහෙමි මගෙ ලොවේ...

සංකල්ප said...

අර කතන්දර අයියා කිව්වත් වගේ නෙගටිව් විදිහට හිතන්න එපා !!!!

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .