Tuesday, January 3, 2012
සුභ පතන්න... හදවතින්ම...
අලුත් අවුරුද්දකුත් ආවා. ඒත් එක්කම තව ගොඩාක් දේවල් එනවනේ. මොනවද ඒ? මැසේජ් ගොඩකුයි, calls ටිකකුයි, මූණු පොතේ tag කරලා notifications ටිකකුයි. ඇත්තටම සුභ පැතුමක් ලැබෙන එකත් කොයි තරම් නම් සතුටක්ද? කවදාවත් කතා කරපු නැති අයත් සුභ පතනවා. තව සමහරුන්ට අමතක වෙනවා.
අවුරුද්දට විතරක්ද? ඇයි උපන්දිනයට. උපන් දිනයට සුභ පතන්න සකර්බර්ග් අයියා කොයි තරම් නම් උදව් කරනවද? මුලින්ම සතිය පටන් ගන්නකොටම mail එකක් එවනවා ඔන්න මේ සතියේ මේ මේ අයගේ උපන් දින තියෙනවා, එයාලට උපන්දින සමරන්න උදව් කරන්න කියලා. ඒලඟට උපන්දිනේ දවසට තෑගි පෙට්ටියක රූපෙකුත් දාලා 'Mantharakari's birthday is today' කියලත් කියනවනේ. මෙන්න මේ අය මෙයාට සුභ පැතුවා කියල home page එකෙත් කියනවනේ. සකර්බර්ග් අයියා මේ කොහේවත් ඉන්න අපේ උපන්දිනේට එච්චර දේවල් කරද්දිත් හොඳම යාලුවෙක් ඒක අමතක කරනවානම්...
හරි එදාට මූණු පොතට ගියේ නෑ කියමු. ඒත් දැන් කාලෙ ෆෝන්වල ඕක දාගන්න පුලුවන්නෙ මතක් වෙන්න. ඔය මොනවා නැතත් හත්තිලව්වේ තමන්ගේ හොඳම යාළුවෙක්ගේ උපන්දිනයක් අමතක කරනවද? ඒකත් කාටවත්ම අමතක වෙන්නේ නැති විශේෂ දවසක තියෙන? එව්වා කොහේද මාත් එක්ක? කෝ මේ වෙනදට රෑ දොළහට සුභ පතන එකී? මංම ගත්ත කෝල් එකක්.
"හෙලෝ"
"හෙලෝ, කොහෙද ඉන්නෙ?"
"මං මේ නුවර එළියේ"
"ඇයි ඒ?"
"වැඩකට ආවා"
"ඔයා හොඳින් නේද?"
"ඔව්, ඇයි එහෙම ඇහුවේ?"
"මං මේ බැලුවා ඇයි කවදාවත් නැතුව මගේ birthday එක අමතක වෙලා කියලා"
"..."
"..."
හරි එකෙක් ඉවරයි. ඔය තියෙන්නේ සුභ පැතුම්නේ. මොකටද නිකන් හිත හිතා දුක් වෙන්නේ. කතා කරලම බැලුවම ඉවරනේ එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. තව එක්කෙනෙක් ඉන්නවා, කතා කරනවද නැද්ද...
පුංචි එවුන් පාට පාට බැලුම් බෝල එල්ලපු, තෑගි ගොඩාක් තියෙන උපන්දිනයකට ආසයි වගේ මගේ හිත මේ තරම් සුභ පැතුම්වලට ලෝභ වෙන්නේ ඇයි? සමහරවිට මගේ හිතේ ජීවත් වෙන අයගෙ හිතෙත් මටත් ඇබින්දං ඉඩක් හරි තියෙනවා කියලා දැනෙන එක මහා මෙරක් තරම් නිසා වෙන්නැති. ඒ දේ දැනෙන්න තියෙන එකම දවස උපන් දිනය නිසා වෙන්නැති. සැරෙන් සැරේට ෆෝන් එක මුර ගාද්දි, ටිකෙන් ටික වෝල් එක පිරෙද්දි මහා ලොකු සතුටකුත් එක්කම හිතේ කොණක පුංචි දුකක් ඉතිරි වෙලා...
"නෑ... මං මෙහෙම ලෝභ වෙන්න හොඳ නෑ...." මොන තරම් මං මටම කියා ගත්තත් හිත හොරෙන්ම දුක් වෙනවා. ඒත් එකම එක මැසේජ් එකක් ඇරෙන්න වෙන මොනවත්ම බලාපොරොත්තු නොවෙන කෙනෙකුට ඒකත් නොලැබෙනවනම්... අඳුරු බංගලාවක දුක හංගලා ලෝකෙට හිනා වෙලා ඉන්න නපුරු මන්තරකාරියෙක්ට පුංචි මැසේජ් එකක් යවනවට වඩා වැදගත් වැඩ ගොඩාරියක් තියෙනවා වෙන්ටැති. ඒත් තමන්ගේ හිතේ පුංචි හරි ඉඩක් ඒ කෙනාට තියෙනවනම් මොන වැඩක් තිබුනත් තමන්ගේ හොඳම යාළුවෙක්ගේ උපන් දිනයක් අමතක වෙනවද? මගේ ආසාව ආත්මාර්ථකාමී වෙන්න ඇති. ඒත් මං ආසයි මගේ උපන්දිනේට පුංචි සුභ පැතුමක් එවනවනම්... ඒ නිසාම මං ඉතිරි කෙනාටත් මතක් කරවලා wish කරවා ගත්තා... හී හී....
ඒත් බලෙන් කියලා සුභ පැතීමක් ගත්තට ඇත්තටම වැඩක් තියෙනවද? නෑ. සුභ පැතීමක් කියන්නේ පුංචි කෙටි පණිවිඩයකට නෙවෙයි. සුභ පැතුමක් පටන් ගන්නේ හදවතින්ම. හදවතේ පුංචි ඉඩක් හරි තියෙනවනම්, එයා සුදුද, කළුද, උසද, මිටිද, ලස්සනද, කැතද කියන එක හිතන්න ඕනද පුංචි සුභ පැතුමක් යවන්න... එයා ඔයාගේ කරදරකාරම යාළුවා වෙන්නත් පුළුවන්; ඔයා අකමැතිම යාළුවා වෙන්නත් පුළුවන්. එයා සුභ පැතුම්වලට කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. ඒත් සුභ පතන්න... හදවතින්ම... මොකද ඒක එයාගේ මූණේ හිනාවක් මවනවා වෙන්නත් පුළුවන්...
wish කරන එකත් එක එක විදියට කරන්න පුළුවන්. දැන්කාලේ ගොඩාක් වියදම් කරලා කාඩ් අරන් යවනවා අඩුයිනේ. හැමෝම වැඩියෙන්ම කරන්නේ කවුරුහරි එවපු මැසේජ් එකක් forward කරන එක තමයි. ඒත් මතක තියා ගන්න ඕන ඒක සම්පූර්ණයෙන්ම කියවලා යවන්න. මොකද අන්තිමට එවපු කෙනාගේ නම තිබුනොත් කැතයිනෙ. මැසේජ් එකක් එවපු කෙනාටම forward කරත් කැතයි.
වැරදිලාවත් wish කරන්න අමතක උනා කියමු. එතකොට මෝඩයෙක් වගේ 'වැඩ තිබුන නිසා අමතක උනා' කියලනම් කවදාවත් කියන්න එපා. ඊට වඩා හොඳයි wish නොකරම ඉන්න එක. මොකද කව්ද කැමති තමන්ට තියෙන්නේ අඩු ප්‍රමුඛතාවයක් කියලා අහ ගන්න. ඒ වගේ වෙලාවට තියෙන්නේ "....I wanted to be the last ..." වගේ කතාවක් දාලා shape වෙන්න. හැබැයි වැරදිලාවත් පෙම්වතියගේ හෝ පෙම්වතාගේ උපන්දිනය අමතක උනොත්නම් ඒ බයිලා හරි යන්නේ නෑ. විශේෂයෙන් පෙම්වතියගේ උපන්දිනය අමතක උනොත්නම් වැඩේ භයානකයි. එතකොට සුනාමියක් ඇවිල්ලයි නවතින්නේ. ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ එයාව සර්ප්‍රයිස් කරන්න හිටියා වගේ හොරෙන්ම මොකක් හරි මැටි වැඩක් සෙට් කරන එක..
ඉතින් reminder තියෙන mobiles තියෙන ලෝකේ මැසේජ් එකක්වත් forward කරන්නෙ නෑ කියන්නේ නම් මහා ආත්මාර්ථකාමී කමක්. මන්තරකාරි වගේ හැමෝම කතා කරලා wish කරවා ගන්නෙත් නෑනෙ. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඔබේ බැදීම් ගැන. සුභ පතන්න... හදවතින්ම....
ප.ලි. අද මගේ උපන් දිනේ නෙවෙයි. ටයිප් කරන්න කම්මැලි නිසා අදයි ලියලා ඉවර කරේ...
ප.ප.ලි. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
Labels:
හිතේ මැතිරෙන...
Subscribe to:
Post Comments (Atom)
15 comments:
පොඩි මෑන්ගෙ ලින්ක් එකෙන් ආවෙ.. මොකද්ද මේ කටකතාව ආ...
මටත් හිටපු ගමන් සමහරුන්ගේ උපන්දින අමතක වෙනවනේ.. ඒ වෙලාවට මාත් නොකර සද්දෙන්ම ඉන්නවා.. හෙහ් ඊයේ මගේ උපන් දිනේ නිසානේ මන්තරකාරී නංගී නෙමෙයි අක්කා කියලා දැන ගත්තේ.. :)
බලෙන් ලබාගන්නා කිසිදේක වටිනාකමක් නැහැනෙ....ඒත් ඉතින් කොහෙත්ම ලැබෙන්නෙ නැති වෙලාවට අපි ඉල්ලලා හරි ඒවා ලබාගන්න පෙළඹෙනවා...හැබැයි අදාල අනිත් කෙනා අපිට ගොඩක් සමීප කෙනෙක් නම් විතරයි....:)
එක වතාවක් මට මයේ ගෑල්ලමයාගේ උපන්දිනේට සුබ පතන්න පමා වෙලා අහගත්ත තරමක් අහගත්තා කනවල ඇඟිලි ගහගන්නම. අම්මෝ !!!
සේ මමනම් ආස නෑ කරන්නං වාලෙ කරන සුභ පැතුම් වලට... ඒව මල කරදරයක් විතරයි...
පැතුමක් වුණත් හදවතින්ම එන්නෙ නැතිනම් පතන්න එපා කියලා තියෙනවානේ.. :)
හිහිහී.. ඔය ආදරේ කරන අයගෙ උපන්දිනේ එක දවසකට අමතක කරන්න කියලා තියෙනවානේ.. හැමදාම මතක හිටින්නනම්.. :D
මට උපන් දින, ඇනිවසරි, එහෙම මතක් වෙන්නේ ම නැහැ... ළඟම දෙතුන් දෙනෙකුගේ ඇරෙන්න මට ඒවා මතකෙන් කියන්න බැහැ. හැබැයි හරියටම දිනේ මතක නැති උනාට මාසේ ඔලුවේ තියෙනවා. හොඳ වෙලාවට ඉතින් සකබර්ග් අයිය ඉන්න නිසා අවුලක් නැහැ.
එක පාරක් මම යාලුවෙක්ගෙ උපන් දිනෙකට මාසයක් ඉඳන් ලෑස්ති වෙලා ප්ලෑන් කරලා උපන් දිනේ රෑ 12 ට කෝල් කරා.
මම: හලෝ ... හැපී බර්ත්ඩේ
යාලුවා:හැහ් (නිදිමරගාතේ මොනවාද කියවයි)
මම: හා මම නේද ඉස්සෙලම විශ් කරේ...ඔන්න මේ පාර නම් හොඳට විනාඩියට මතක තියා ගත්ත
යාලුවා:මෝඩයා...උපන්දිනේ අද නෙවෙයි හෙට...මගේ නින්දත් කැඩුවා පිස්සි
මම:.....
කොහොම උනත් ඔයාටත් හෙන හැපී නිව් ඉයර් එකක් වේවා!
අයියෝ කතා කරලා සුභ පතා ගන්නවද?ෂිකේ ලැජ්ජාවේ බෑ
මට නම් සුභ පතන්නේ හරි සුළු පිරිසයී.හැබැයී මගේ හිතේ ඉන්න අයගේ උපන්දින මට කොහොමටවත් අමතක වෙන්නෑ. ඒකට reminder දාන්න ඕනේ නෑ.
සුභ අලුත් අවුරුද්දක් වේවා මනතරකාරි... මම නම් යාලුවො විශ් කලේ නැතුවට ගනන් ගන්නෙ නෑ.විශේෂ කෙනෙක් විශ් නොකලොත්නම් දවසම අප්සෙට්
සුබ අලුත් අවුරුද්දක් වේවා !! මට කාලයක් තිබ්බ මගේම උපන් දිනේ මතක නැති !
සුබ අලුත් අවුරුද්දක් වේවා !
ප්‍රමාද වෙලා හරි සුභ අලුත් අවුරුද්දක් අක්කි!!! මටත් හිටපු ගමන් උපන්දින අමතක් වෙනවා. ඒත් හුඟාක් වෙලාවට මතකයි..
පැණි දොඩම්: මේ හොඳම යාළුවන්ගේ උපන්දින අමතක වෙන එක ගැන කතාවක්... :)
දිනේශ්: ඒක තමයි මං කියන්නේ බැදීම් ගැන සැලකිලිමත් වෙන්න කියලා. පුංචි දේවල් වලින් කෙනෙක්ව සතුටු කරන්න පුළුවන්කම තියෙද්දි ඒවා මග ඇර ගන්නේ ඇයි..
වවුලා: ගොඩක්ම සමීපතමයෙක්නම් හිත හිතා දුක් වෙනවට වඩා බලෙන් ගන්න එක හොඳයි සමහර වෙලාවට...
මධුරංග: මගෙන් ඇහුවනම් මං කියලා දෙනවනේ ගෑල්ලමයට අමතක උන බව නොකියා ඉන්න ක්‍රම...
පොඩි මෑන්: මංනම් ආසයි...
නන්දු: ඒකනම් ඇත්ත...
නිරෝෂිනි: මටත් රෑ දොළහට කෝල් කරනකොට යාළුවෝ ෆෝන් ඕෆ් කරලා නිදියගෙන ඉදලා තියෙනව...
බට්ටි: කව්ද දන්නේ මොකක් හරි කරදරයක්ද කියලා. ඒකනේ කතා කරලා බලන්නේ... මොන ලැජ්ජාවක්ද අනේ. ෆිට් එකටනේ...
නිසුපා: මේ එසේ මෙසේ යාළුවෝ නෙවෙයි, හිතට ගොඩාක් ලං වෙච්ච යාළුවෝ. ඒකනේ බලන් හිටියේ විශ් කරනකම්...
සරත් ලංකාප්‍රිය: මට තියෙන්නේ ලෝකෙම සමරන උපන් දිනයක්...
සිහින මතකයන්: ඔබටත් එසේම වේවා!!!
හිතූ: ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්!!!
සුභ අලුත් අවුරුද්දක් වේවා...
ඇත්තටම මාත් ගොඩක් ආසයි මගේ බී'ඩේ දවසට එහෙම කවුරු හරි විෂ් කරනවට..ඒත් සමහරවෙලාවට හදවතට ලගම කෙනෙක්ට මාව අමතක උනොත් ටිකක් දුක හිතෙනවා..ඒත් මොනව කරන්නද...
නපුරුයිම තමා... අර යාළුවො දෙන්නා ඊට පස්සෙ පත්වුන අපහසුතාවය.. අඬන්නත් ඇති සමහරවිට (කෙල්ලොනම්) ;)
මම අදයි ආවේ මේ පැත්තේ... හොයලා හොයලා..
Post a Comment
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.