එක ඉත්තක එක්ව නොපිපී
පාව ගිය එක මගක එක්වී
වරා මල් කැකුළු කිහිපයක්...
සිනා සී එකට එකවී
බෙදා ගත් කදුළු සැමගේ
වින්ද ජීවිතය කාලයක්...
පිපිලා සොඳුරු මල් කැකුලී
හද ගැඹුරෙ ලැගුම් ගත්තී
ඇවිදින් කුමාරයෙක්...
එක්ව ආ මග මග ඇරී
ගියත් විසිර කුමරුන් සමග එක්වී
පාව ගිය එක මගක එක්වී
වරා මල් කැකුළු කිහිපයක්...
සිනා සී එකට එකවී
බෙදා ගත් කදුළු සැමගේ
වින්ද ජීවිතය කාලයක්...
පිපිලා සොඳුරු මල් කැකුලී
හද ගැඹුරෙ ලැගුම් ගත්තී
ඇවිදින් කුමාරයෙක්...
එක්ව ආ මග මග ඇරී
ගියත් විසිර කුමරුන් සමග එක්වී
ඉතිරියි හද මඬලෙ ලෙංගතු මතකයක්...
12 comments:
ලෙන්ගතු මතකයන් හැමදාටම ලෙන්ගතුයි.. ලස්සන අදහසක් ඇති නිසැඳසක්!
ගොඩක් වෙලාවට ඕක තමයි වෙන්නේ. යාළුවෝ එකතු වෙලා ඉන්නැද්දි එක්කෙනෙක් ගොඩ ගියාම එයා අනිත් කට්ටියගෙන් වෙන් වෙනවා. එහෙම නැතුව ඉස්සර හිටියා වගේම ඉන්න පුලුවන් නම් හොඳයි. :)
බැරි කමක් නෑ. යාලුවෝ එක්ක වගේම ආදරවන්තයා එක්කත් හොඳින් ඉන්න. :)
ලස්සන කවි සංකල්පනාවක් !!!!
හැබැයි යාළුවන්ව අමතකම කරලා දාන්න එපා..... යාළුවෝ අපිට අත්යාවශ්යයි!
" ඉතිරියි හද මඩලේ ලෙංගතු මතකයක්.."
ඇත්ත.. සමහර වෙලාවට අපි යාළුවෝ ටිකක් දුරස් වෙනවා.. ඒත් ඒ අය කවදාවත් අපේ හදවතින් දුරස් වෙන්නේ නෑ...
නියමයි....
ස්තූතියි හැමෝටම...
ඇත්තටම හිතට දැනුන දෙයක්... පිරිමි යාලුවන්ට වගේ නෙවෙයිනෙ ගැණු ළමයි විවාහ වෙලා එක එක පැතිවලට විසිරිලා ගියාම දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා වෙනවා...එයලගෙ ජීවිත කොයි තරම් සංකීර්ණ වෙලාද දැන්... කොයි තරම් හදවතේ ලෙංගතුකම තිබුනත් ඉස්සර වගේ සැහැල්ලුවෙන් එක වෙලාවක එකතු වෙන්න අමාරුයි. අන්තිමට ඉතිරි වෙන්නෙ ලස්සන මතකයකුයි දුර පැත්තක ඉන්න හොඳ යාළුවෝ ටිකකුයි...
ඕක ඉතින් හැමකෙනාටම වෙන දෙයක් නේද..හමුවීමක් තියනවනම් එතන අනිවාර්යයේන්ම සමුගැනීමකුත් තියෙන්න ඕනේ නේද?
සමහර වෙලාවට යාලුවෝ ආපහු ජීවිත කාලෙටම හමු නොවේවි.. ඒ අය වෙනස් වෙලා තියේවි හමු වෙනකොට.. එහෙම නැත්නම අපිට බැරි වේවි ඒ අයත් එක්ක සම්බන්දය ගෙනියන්න.සමහර අය යාලුවෝ නෙවෙයි කියලත් දැනගන්න ලැබේවි.. මතකය විතරක් ඉතිරි වෙන එක සමහර විට හොඳයි..
මතකයන් සුන්දරයි,...මතකයන් අසුන්දරයි....නමුත් මතකයන් ජීවිතේ නැවුම් කරනව.....ලස්සනයි.....නිසැඳස........මන්තරකාරි..!
ම්ම්ම්ම්..... හරිම ලස්සනයි මේ අදහස. අපිට ගොඩාක් ළගින් හිටපු යාළුවොන්ව,හැමදාමත් ඒ විදිහටම ළගින් තියාගන්න බැරි උනත්, ඒ මතකයන් ගොඩාක් සුන්දරයි....
හමුවුනානම් වෙන්වීමක් තියෙන්න ඕනෙ තමා.ඒත් මතකයන්ගෙන් වෙන්වෙන්නෙ නෑ... ලස්සනයි ගොඩාක්...:)
අන්තිමට අපි කාටත් ඉතුරු වෙන්නේ මතකයන් විතරයි.
ඒ මතක ටික ජීවිත කාලේ පුරාම තියේවි.
මේ පෝස්ට් එකත් එක්කම මන්තරේගේ බ්ලොග් එකේ ගත කල සොඳුරු මොහොත නිම වෙලා යනවා. ඒ වගේම සියලුම පෝස්ට් කියවීමේ මගේ වැඩපිලිවෙලේ තවත් පියවරක් ඉදිරියටම යනවා.
දැන් තියෙන්නේ අලුත් පෝස්ට් කියවන්න විතරයි !!!1
තවත් බ්ලොග් එකක් හොයාගෙන යමනේ යා !!!! වන්දක් වන් !!! වන්දක් වන් !!!
Post a Comment
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.