හවස් විය. රෑ විය. තවම ඇමතුමක් නැත. ඔහු call කරාවිද... නැද්ද...
දවස ගෙවී ගොස් හමාරය. නැත. ඔහු call කළේ නැත. ඇය ඈ කළ විහිළුව ගැන පසුතැවෙද්දී, ඔහුගෙන් සමාව අයැදීමට බලා සිටියදී, ඔහු සමඟ වචනයක් හෝ කතා කිරීමට බලා සිටියදී ඔහු නිසොල්මනේ ලංකාව හැර රුසියාව බලා පියාසර කර ඇත. පොල් කුමාරයා අද දොස්තරවරයෙක් වීමට රට හැර ගොස් ඇත. ඇය කලේ විහිළුවකි. එහෙත් ඒ විහිළුව අද කෙතරම් දුර ගොස් ඇත්ද... ඇය ඒ පිළිබද සිතින් දහස්වර වැලපුනාය.
"ඊයේ තරිඳු අයියා call කරාද?" පසුදින උදෑසනින්ම පාසලේදී සඳුනී ඇසුවාය.
"නෑ..."
"ඊයේ තරිඳු අයියා call කරා. යන්න කලින් එකම එක සැරයක් ඔයාට call කරන්න ඇහුවා" සඳුනී කියද්දී තරූට දරා ගත නොහැකි විය. 'එයා මෙච්චර දෙයක් කරේ මං වෙනුවෙන්ද' ඈ සිතුවාය. ඔහුගේ ආදරය ඇත්තක් බව ඔප්පු කරන්නට මෙතරම් දෙයක් කළ යුතු නොවීය. ආදරය යනු දැනෙනා දෙයකි. ඇයට එය දැනුනේ ඔහු රට යන්නට තීරණය කළ විට නොව සඳුනි ඔහුගේ හිතේ තිබූ බලාපොරොත්තුව ගැන කිවූ දිනයේදිමය. ඇයට උවමනා වූයේ විභහගය අවසන් වන තුරු හිත පරිස්සම් කර ගැනීම පමණෙකි. එහෙත් ඇගේ නිහඬබව මහා ලොකු දෙයක් කර ඇත.
"ඉතින් call කරේ නෑනෙ."
"මං එපා කිව්වා"
"ඇයි ඒ?"
"මං කිව්වා වෙන කවුරුහරි phone 1 ගත්තොත් කියලා. අම්මා ගත්තොත් මොකද කියන්නෙ කියලා"
'ඔය කරලා තියෙන්නෙ වැඩක්...අපරාදෙනෙ මං phone 1 මුර කළේ ' තරූ සිතින් සිතුවාය.
"එතකොට එයා කියනවලු
'නැන්දම්මෙ...'
'ඇයි මගෙ බෑණෝ'
'මං මේ බෑණා කතා කරන්නෙ'
'ඉතින් ඒකනේ බෑණො බෑණ කිව්වෙ'
'මං ගොහින් දොස්තර විභාගේ පාස් කරලා එනකන් දුවව හොඳට බලා ගන්න'
කියලා කියනවලු" සඳුනි කට ඇද කර තාලයකට තරිඳු අයියාගේ දෙබස් කියද්දී තරූගේ සිතට සිහින් තරහවක් ආවේ ඇගෙ අම්මා විහිළුවකට ගාවා ගත් නිසාවෙනි.
"ඇයි මෙච්චර කල් බලා ගත්තෙ එයාද?" ඇය පෙන්නුවේ බොරු තරහවක් බව සඳුනීට නොතේරුනි.
'මං කවදාක හරි එයා එනකන් ඉන්නවා' තරූ සිතින් ඉටා ගත්තාට කිසිවෙකුටත් කීවේ නැත. එක් අතෙකින් ඇයට කීමට කිසිවෙකු නැත. සඳුනිට කීම වැලකුවේ ඇගේ ලැජ්ජාවද බියද නුවණද වෙනත් කිසියම් හේතුවක්ද එසේත් නැතිනම් ඒ සියල්ලේ සම්මිශ්‍රණයක්දැයි ඇයට නොතේරෙයි. මදුශිට කීමටද නොහැක. සමින්දි හොඳම මිතුරිය නොව සහෝදරියක් තරමට ලං වී සිටියත් තරිඳු අයියෙක් ගැන කියා සඳුනි පාවා දිය නොහැක. මොළය කොයි තරම් තරිඳු අයියා දොස්තරවරයෙක් වීම පිළිබද සිතා සතුටු වන්නට කීවත් ඇය සිතින් පව්කාරියක් වූවාය. ඈ ඒ පවින් මිදීමට ක්‍රමයක් සෙවූවාය. ඇය ඇත්තෙන්ම සිතින් විදෙව්වාය.
තරිඳු අයියා යොහාන් අයියා ලඟ නැවතීම සිතට අස්වැසිල්ලකි. එම නිවසේ හිමිකරුවන් යොහාන් අයියාටත් වඩා තරිඳු අයියාට හිතවත් වීම ඊටත් වඩා අස්වැසිල්ලකි. එහෙත් හදිසියේම සියල්ල කණපිට හැරෙන තොරතුරක් සඳුනිගෙන් ලැබුණි.
"තරිඳු අයියා accident වෙලා"
තරූ කිසිවෙක් කිසිවක් නොකියාම එය තම පව්වලට එක් කර ගත්තාය.
"මොකද වෙලා තියෙන්නේ?" කම්පනයට පත් වුවත් ඒ බවක් නොපෙන්වා ඈ සඳුනිගෙන් ඇසුවාය.
"ගෙදරක් ඉස්සරහින් යද්දි එක පාරටම කාර් 1ක් පාරට දාල."
"තුවාල වෙලාද?"
"අතක් ඩැමේජ් වෙලා, හොස්පිටල් ඇඩ්මිට් කරල"
තරූට කෑ ගසා අඩන්නට ඕනෑ විය. එහෙත් එය කළ නොහැක. සමින්දිගේ ගෙදර ගියත් සිතට අස්වැසිල්ලක් නැත. අවසන ඇගෙන් සමින්දිට සිත කියැවුනි.
"පොල් ඇක්සිඩන්ට් වෙලා" සමින්දිට කිසිවක් මතක නොසිටින නිසා ඇය සමඟ කිසිවක් කිමට බය නැත.
"සඳුනිගේ නැන්දාගෙද කාගෙද පුතා?" උඩින් පාත් වූ එම චරිතය සඳුනිගේ නැන්දාගේ පුතා කළේ සඳුනිගේ පෙම්වතා රහසක් කිරිමටය.
"හ්ම්ම්"
"ඉතින් උඹට මොකද?"
"අමාරුද දන්නෙ නෑ"
එක බොරුවක් වසන්නට තව බොරුවක්... එම බොරුව වසන්නට තවත් බොරුවක්... කෙසේ හෝ සඳුනි බේරා තරිඳු අයියා තමාට කැමති බව සමින්දිට කිවත් ඇයට තරු කියන්නට දඟලන දෙය නොතේරෙයි.
"ඉතින් බං මං ඌට කැමතියිනෙ..." දැන්නම් ඇක්සිඩන්ට් එක පිළිබද ලතවෙන හේතුව සමින්දිට තේරෙන්නට ඇත.
"ඒකද මේ ආව වෙලාවෙ ඉදලා පාඩම් නොකර සින්දු කිය කියා කල්පනා කර කර දැගලුවෙ..."
7 comments:
ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ. කොට්ස් දේකක්ම බැලුවා ඔන්න. සාම්ප්‍රදායික ආදර කාතාවක් ද?
ඔය තරූ කියන කෙල්ලට නම් හොඳම වැඩේ.... ;)
ඉතිරි ටිකත් ඉක්මනින් ලියන්න.. ගොඩක් ආසාවෙන් කියවන්නේ...
@පිස්සු පූසා: එහෙම ගොඩක් කල් එන්නෙ නැතුව ඉන්න ඔට්ටු නෑ මුලින්ම මගේ බ්ලොග් එක කියවන්න ගත්ත කෙනාට... සාම්ප්‍රදායික කතාවක් වෙන්නෙ නෑ...
@සාතන්: තරූ නරක නපුරු ළමයෙක් නෙවෙයි. නපුරුයි කියලා පෙන්නන කෙනෙක් කියලා හිතෙන්නෙ නැද්ද...
@Dinesh: ලියන්නම් ලියන්නම්... මේ දවස්වල ටිකක් වැඩ වැඩියි... ඒකයි අඩුවෙන් ලියන්නේ...
බොලේ තරූගෙ කොල්ලා රුසියාවටද ආවෙ...එහෙනං මකුලු පැංචි අඳුනනවත් ඇති... :D
මකුළු පැංචිත් රුසියාවෙද ඉන්නෙ? එහෙනම් දිගටම කියවලා, පිස්සු පොල් කුමාරයා අඳුරනවද කියලා බලන්න... :)
තරිදු පව් !!!!
ඇයි අප්පා ඒ යැයි හැප්පුනේ ?
පොල් කුමාරයා යන්න හිතන් ඉන්නේ රුසියාවටද
Post a Comment
සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.