Monday, January 16, 2012

එක්කෙනෙක් හයි වේ එකේ ගිහින්...

ඔන්න ඉතින් එකෝමත් එක කලෙක ළමයෙකුට ආශ්චර්යයේ මාවතේ යන්න හිතුනලු. හැමෝම කියන දක්ෂිණ අධිවේගී මාවතේ ලස්සන, සුන්දරත්වය, වෙනස මොන වගේද කියලා ගිහින්ම බලන්නලු ඕන උනේ.

ඉතින් ඔන්න වැඩේට තව යාළුවෙකුත් එකතු කර ගත්තා. දැන් දෙන්නටම මාර ආසාව හයි වේ එකේ ගිහින් බලන්න.  එහෙමයි කියල ඉතින් එයාට කොයින්ද කාර්... කාර් තිබුනත් කව්ද 100ට යන්නේ. දෙන්නටම ලයිසන් නම් තියෙනවා. ඒත් එක්කෙනෙක්ට යන්න පුළුවන් මැනුවල් විතරයි. ඒකත් ක්ලච් එක පැගුවම අල්ලපු සීට් එකේ ඉන්න එකා ජියර් එක මාරු කරන්න ඕන. අනිත් එකාගෙ උපරිම වේගය 40යි. ඔය ඔක්කොටම වඩා පර්මිෂන් ගන්න එක අමාරුයිනේ.

සියලු කරුණු කාරනා සලකා බැලීමෙන් අනතුරුව දෙන්නත් එක්ක තෝරා ගත්තා පොදු ප්‍රවාහන සේවය. ඒ කිව්වේ හයි වේ බස් එක. ඉතින් ඉරිදා දවසක් බලල සීට් 2කුත් බුක් කරාලු. ඉන්දරේත් කියලා තිබුනනේ හයි වේ බස් එකේ යන විදිය. ඉතින් ඒ විදියටම කරලා කොහොම හරි ඉක්මනට බස් එකට නැගලා හොඳයි කියලා හිතුන තැනකින් වාඩිත් උනාලු. එහෙමයි කියලා නගිද්දි සීට් බුක් කරපු රිසිට් එකනම් චෙක් කරේ නෑ. ඊට පස්සෙ ටිකකින් ඒ ටික එකතු කරගෙන හැමෝම 8ට නේද බුක් කරේ කියලා ඇහුවා.

වාඩි වෙලා ටිකක් ඉන්නකොට තමයි දැක්කේ ඉස්සරහ සීට් එකට දැනටම ගේම දීලා. තමන්ගේ පරම පිවිතුරු ආදරේ ඉස්සරහ සීට් එකේ අකුරු දෙකකින් කුරුටු ගාලා. ඇයි වදේ ඕක ලියන්න අලුත්ම බස් එක ඇරෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද?

කෝකටත් කියලා සීට් බෙල්ට් එකත් දාගෙන මග දෙපස නරඹනකොට බස් එක ඇතුලේ ටීවී එකේ සින්දු වගයකුත් යනවා. ටිකකින් මේං ඒ මියුසිකල් ෂෝ එකේ කණ පැලෙන්න බීපු ප්‍රසිද්ධ ගායිකාවක් වෙරි මරගාතෙන් කියවනවා. කොයි වෙලාවේ ඒක ඉවර වෙයිද කියලා හිටියේ.

හයි වේ එක බලන්න කියලා ගිහින් බස් එකේ නිදා ගන්නත් බෑනේ. ඉතින් වෙනදට බස් එකට නැග්ග වෙලාවේ ඉදලා නිදා ගන්න අයත් ඇහැරිලාම කොළඹ ගියාලු. ඇත්තටම පින්නදුවේ ඉදලා කොට්ටාවට ගියා දැනුනෙවත් නැතිලු. කොට්ටාවෙ ඉදලා මහරගමට යන ටික තමයිලු දැනුනේ.

මහරගමින් බහින්න කලින්ම කොන්දගෙන් ඇහුවලු යන්න බස් එක බුක් කරන්නේ කොහෙන්ද කියලා. කොන්දා කිව්වේ බෝ ගහ යට කියලලු බුක් කරන තැන තියෙන්නේ. අනේ ඉතින් මේ දෙන්නා දන්න මහරහම බෝ ගස්... ඉතින් බැහැලා ටිකක් යනකොට බෝ ගහක් තියෙනවලු. 3-4 සැරයක් බෝ ගහ වටේ ගියත් තියෙන්නේ ෂර්ට් තියෙන පේමන්ට් කඩයක් විතරයි. යාළුවෙක්ට කෝල් කරලා ඇහුවමත් මහරගම තියෙන්නේ එක බෝ ගහලු. කෝකටත් කියලා තව ටිකක් යනකොට් අර පේන්නේ ඈත දිලිසි දිලිසි කොල තියෙන බෝ ගහක්. ගිහින් සීට් බුක් කරන්න බලනකොට හතරෙ බස් එකේ සීට් ඉවරයිලු. පහේ
බස් එකේ සීට් පහක් තිබුනාලු. ඒකනම් සීට් අංකෙත් එක්කම දාලා දුන්නාලු. 

එක්කෙනෙක්ටනම් ඕන උනේ මදි නොකියන්න ෂොපින් කරන්නලු. ඒත් ටිකක් ඇවිදලා අනිත් එක්කෙනාගේ මාමලාගේ ගෙදර ගියාලු. ඊට පස්සේ ඉස්සරහම සීට් එකේ වාඩි වෙලා පාර බලාගෙන එන්න හීන බලපු දෙන්නා සීට් අංකේ විදියට පිටිපස්සෙම සීට් එකෙන් වාඩි වෙලා ආයිමත් පාර බල බලා ආවලු. ඒත් සීට් බෙල්ට් එකනම් කැඩිලලු තිබුනේ. 5.20ට කොට්ටාවෙන් හයි වේ එකට ඇතුල් උන බස් එක 6.25ට පින්නදූවට ආවාලු. හැබැයි මහරගම ඉදලා ගාල්ලටම එන්න පැය 1යි විනාඩි 41ක් ගියාලු. ඉතින් ඔන්න ඔහොමයිලු ඒ දෙන්නා හයි වේ එකේ ගියේ... වැඩේ නරකම නෑලු. ආයිමත් දවසක යන්නලු හිතාගෙන ඉන්නේ...

22 comments:

සංකල්ප said...

මෙහෙම පෝස්ට් දැම්මම මටත් හිතුනලු ගිහින් එන්න.
මාත් දවසක සීට් එකක් බුක් කරගෙන ගිහින් බලන්න ඕනා.

Yasantha Hennayake said...

අයියෝ.. මම යනකොට ටී.වී එක දැම්මෙ නෑනෙ.. හි‍ටුකෝ ආය ගිහින් දුන්න 400න් කීයක් හරි ඉලා ගන්නවා.. :D :P

මම නම් හයි වේ එකේ මුල් හරියෙම දෙපැත්ත හොදට බලා ගත්තා. දිගටම ඒ වගේනෙ.. ඊට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා.. හිකිස්!

Raj said...

අපොයි දැන්නම් හයිවේ එක බඩේ බත් වගේ නංගියේ...ඔං ඊයේත් මායි පොඩි මැනුයි ඔකෙ දිගේ කොලඹ ආව...හැබැ වැඩේ කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සමහර පුරුදු අතැරවන්ඩම බෑ නොවැ...ඊයේ හවහ 5 හේ බස් එකේ යන්ඩ හිටියේත් සීට් බුක් කරපු කස්ටියමයි..ඒත් බස් එකේ නගින්ඩ හේනට පොරකනව...හටියට කෑම බෙදාගන්ඩ බැරි බලු රාළලා වගේ..

Unknown said...

මට තාම ඕකේ යන්න බැරි උනා නේ , මොනාහරි කොරලා රවුමක් දාල එන්න ඕන

Dinesh said...

ලංකාවේ තාම ගියේ නැතත් අධිවේගයේ මම 200ට ඩ්‍රයිව් කරලා දඩත් කාලා තියෙනවා...

....ජනියා.... said...

මන් එක පාරක් ගියා ඕකේ.... මහරගම ඉදන් තුන්මුල්ලට පැයයි.... කොහොම වුනත් ගාල්ලේ ඉදලා පැයෙන් එනවා මහරගමට හයිවේ බස් එක.. කොහොම ගියත් පැය දෙකක් යනවා

The තරුවා said...

හිකිස්...හොද රවුමක් ගිහින් වගේ....

හිතුවක්කාර කෙල්ල said...

හික්ස්ස්... මරු නෙ... ඒත් මට තාමත් ඕකෙ යන්න බැරිවුනානෙ..

පැණි දොඩම් said...

මන්කරකාරියෝ නං යන්න ඕනෙ.. වංගෙඩිය උඩ නැඟලා..අහසින්.. මෝල් ගහෙන් කොට කොටා... කොස්සෙන් අතුගගා..

බාබායිගා යකින්න එහෙමත් ගියේ එහෙම තමා.

වර්ණා said...

අපිත් ගියාලු ඔන් දවසක්.. හැක හැක හැක

අරුණ හෙට්ටිආරච්චි said...

රටේම ඇවිදින මටත් තාම ඔකේ යන්න බැරි උනා නොවැ. අලුත්ම බස් ටිකටත් දෙයියන්ගේම පිහිටයි වගේ. දැනටත් බස් ඔය තත්වෙනම්. මේ සිරි ලංකාවනේ

නාකියා said...

අපිත් ඕකෙ ගියා නෙව පැයට කිලොමීටර් 10 ක විතර වේගෙනුත්. ඔය කෙනෙක්ට මතක් වෙලා පට්ට හිනාවකුත් දාලා තියෙන්නේ උඩින්.
ගමනේදී දකින්න තියෙන පරිසරය නම් ඇත්තටම සුපිරියි නේ නංගි.
බස් එක දැනටම ඔහොමනම් තව ටිකක් කල් යද්දි පාර...?????????? අලේ මන්දා ලංකාවෙ මිනිස්සුනම් කවදා හැදෙයිද මන්දා..

පලි-ඔය කියන දෙන්නටම තියෙන්නේ රේඩියෝ ලයිසොන්ද?

Podi Kumarihami said...

මේකත් හොඳින් පුරුදු උනාට පස්සේ ඉතින් ඔය අනික් පාරවල් වගේ වෙයි. අපි මේ වගේ පෝස්ටුත් මේවට ලීවද කියලා හිතෙන කාලෙකුත් එයි.

ලස්සන පාරවල් ටිකනේ....:D

කල්ප said...

දැන්නම් යන්න හිතෙනවා අප්පා....

පිණිබිඳු... said...

කලින් බුක් කරන්න ඕනෙද.

කතන්දර Kathandara said...

ඕක හයි වේ එකක් නෙමෙයි ටොල් වේ එකක් ඒ කියන්නේ සල්ලි ගෙවා යා යුතු පාරක්.

පොඩි මෑන් said...

අධි වේගී.... E1 එක... හරි වචනෙනන්ම් එක්ස්ප්‍රස් වේ.

ඒත් ඉතිං අපිට කියවෙන්නෙත් හයි වේ කියල තමයි...

අර පොඩි කුමාරිහාමි කියල තියෙනව වගේ හයි වේ පස්සෙ බුරුල් වේ වෙනවා....

මහරගම ඉදල කොට්ටාව එන්ට්‍රන්ස් එකට විනාඩි 45යි කොට්ටාවෙ ඉදල ගාල්ලට පැයයි...

අර මහරගම ඉදල කොට්ටාවට එන ටිකට මොනවහරි කරන්න පුලුවන්නම් වටිනවා...

Janitha said...

මං ගංහිං නෑ නේ... :(

හරී said...

කවුද දැන් ඔයාට ඔය විස්තරේ කිව්වෙ?

මන්තරකාරි said...

මධුරංග: යන දවසක මටත් කියන්නලු. ගෙට්ටුවෙදි හම්බෙන්න බැරි උන එකේ එදාටවත් බලන්න බැරියැ...

පිටසක්වලයා: ටී.වී එක දැම්මත් ඒකෙ යන එව්ව වැඩක් නෑ. අජූතයි..මමත් කීයක් හරි ඉල්ල ගන්න හිටියේ ටීවී ඒක දැම්මට...

රාජ්: ගාල්ලෙන් නගිද්දිනම් සීට් අංක නෑනේ. සීට් අංක තියෙන මහරගමත් පොරකනවනෙ...

චම්මා: රවුමක් දාන්න... ඒත් U ටර්න් බැරිය කියන්නේ... :පී

දිනේශ්: අම්මියෝ... 200ට??

රහස් පරීක්ෂකයා: ඒත් මහන්සිය අඩුයිනේ...

~~තරූගේ ලෝකය~~: හ්ම්ම්...හ්ම්ම්... :)

හිතුවක්කාරි: එන්න එන්න...

පැණි දොඩම්: කොස්සට යන්න දෙන්න බැහැයි කිව්වනේ.. ඒකයි බස් එකේ ගියේ...

වර්ණා: බස් එකක් තල්ලු කරන්ලු නේද??

රෙප් මහත්තයා: දැන්නම් ගිහින් ඇති මයෙ හිතේ...

නාකියා: රේඩියෝ ලයිසමේ කොහෙද අයියා පැයට හතලිහේ වේගෙයි, මැනුවල් ජියරුයි...

පොඩි කුමාරිහාමි: ඒකනම් එහෙම තමයි...

කල්ප: යන්න... යන්න.... ගිහින් බලන්න....

පිණිබිදු: ඔව් අක්කෙ. නැත්නම් සීට් බුක් කරපු ඔක්කොම ආවොත් සීට් නැති වෙනවා. අපි බුක් කරද්දිත් සීට් ඉවරයි...

කතන්දර: හැමෝම හයි වේ කියන නිසා මං හිතුවේ එහෙමයි. ලංකාවේ දැනට ඔය ඔක්කොටම තියෙන්නේ මෙච්චරයිනේ... ස්තුතියි දැනුවත් කිරීමට...

පොඩි මෑන්: ඒ ටිකනම් කේස් තමා. ඉක්මනට හදනවනම් ලොකු දෙයක්...

ආගන්තුකයා: ගිහින් බලන්න...

හරී: ගියපු එක්කෙනෙක් තමයි කිව්වේ...

Unknown said...

මටත් තාම යන්න බැරි උනානේ.... ගාල්ල පැත්තෙනුත් වැඩක් හොයාගන්න ඕනේ ....

රෙහානි said...

අලි...මාත් යන්න ඉන්නේ ගිහින් බලන්න ..හිකිස්

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .