Thursday, January 5, 2012

අඳුරු තිමිර පට...


අඳුරු තිමිර පට
සඳ මඬල වසා පැතිරුන…
සමනල සිහින තටු සිඳුව…
හඬා නුහුරු දෑසට
හඬන්නට පුරුදු කළ…
අඳුරු තිමිර පට පහව…
ගෙන ගිය සිනහ
ආයෙ මතක් වූ දින…
ඇවිදින් තිබුනි අමාවක
සඳ මඬළ බැස ගිය...

16 comments:

පොඩි මෑන් said...

ලයිට් එකක දාමු...

Dinesh said...

අද වෙනස් විදිහක අදහසක්...

The තරුවා said...

හ්ම්.......

Anonymous said...

මං ලයික් මුළු කවියටම....

සංකල්ප said...

මට කවි වල කියවෙන අඳුරු තිමිර පට කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ. (පොඩි එකානේ.)
ඔන්න දන්න එකෙක් කියන්ඩලා.
නපුරු මන්තරකාරිවත් කියන්ඩකෝ.

වර්ණා said...

ලස්සනයි.. තිමිර පට කියන්නේ මොකක්ද?

සිහින මතකයන් said...

ලස්සනයි...

Podi Kumarihami said...

මන්තරකාරියන්ට ලස්සන කවි ලියන්ට පුලුවන් බව දන්නේ අදනේ...:D

පොඩි මෑන් said...

තිමිරපට කියන්නෙ මීදුම...

හිතුවක්කාර කෙල්ල said...

ලස්සනම ලස්සනයි අක්කි...:)

මන්තරකාරි said...

පොඩි මෑන්: එහෙමවත් කරලා බලන්න ඕන...

දිනේශ්: ස්තුතියි මල්ලි...

තරූගේ ලෝකය: හ්ම්........

ගෝල්ඩ් ෆිෂ්: තැන්ක් යූ...

මධුරංග: තිමිර කියන්නේ කළුවර මල්ලි...

වර්ණා: ස්තූතියි.. තිමිර = කළුවර

සිහින මතකයන්: ස්තුතියි...

පොඩි කුමාරිහාමි: මන්තර ලියලා පුරුද්දනෙ... :D

පොඩි මෑන්: මමත් මීදුම කියලා හිතාගෙන තමයි ලිව්වේ. අපේ අම්මා කියනවා කළුවර කියලා. මං මේ බයේ හිටියේ ඇනෝලා ඇවිත් බනීවි කියලා...

හිතුවක්කාරි: ස්තුතියි නංගි...

Bindi said...

බැස ගියත් සඳ

කල් පුරා දවසක

අයෙමත් එන එක

නැහැ කිසිත් සැක

...ලස්සනයි පද පෙළ ..අමුතු ගතියක් තියෙනවා . තිමිර පට කිව්වම මිදුම තමා මටත් මතක් වෙන්නේ .අම්ම හරිද මන්ද . නැද්ද හරියටම දැන ගන්න විදියක්

jhothishalanka said...

මොකෝ අනේ පෝස්ට් දාලා මකන්නේ.අපිව රවට්ටනවට හිරේ දාන්න ඕන.

Raj said...

ලස්සන පද පෙල..හැබැට දැන් කෝ අර කලින් පොස්ටුව ඒක තිබ්බා කියල කාටවත් පුරස්නයක් නෑ..ඒකත් එක් මතකයක් නොවැ..නංගා

Anonymous said...

මුලු කවියටම ආසයි, මේ පැත්තේ ආව මුල් වතාව

ලහිරු said...

ම්ම්ම්...ලස්සන පදවැල් ටිකක්!

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .