Thursday, December 22, 2011

කලකට පස්සේ... ෂ්ෂ්ෂ්...

කොහොමද ඉතින් කලකට පස්සේ... කට්ටියට දැන් මන්තරකාරි මතකත් නැතිව ඇති. මා ඉතින් යන්න යනවා කිව්වා වගේම මා ගියා වගේ උනා නොවැ. මන්තරකාරිට මොනවා උනාද කියලත් හිතනවා ඇති. මන්තරකාරිට වැඩ ගොඩාක් තිබුනේ නෑ. අලුතෙන් කැම්පස් ගියේ නෑ. එක්සෑම් තිබුනේ නෑ. අලුත් රස්සාවකට ගියේ නෑ. ලෙඩ උනේ නෑ. එතකොට මන්තරකාරිට මොකද උනේ???

මේකනේ කේස් එක... මන්තරකාරි ඉතින් කැලයක් මැද පාළු බංගලාවක හැංගිලානේ ඉන්නේ. ඒ ඉතින් කවුරුත් මන්තරකාරි කව්ද කියලා දැන ගන්නවට කැමති නැති නිසා. මන්තරකාරි කව්ද කියලා කට්ටිය දැන ගත්තම මන්තරකාරිට ලියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. එහෙව් මන්තරකාරි කව්ද කියලා හොයන්න කට්ටිය විදින දුක දැක්කම ලියන්න කම්මැලි හිතුනා. නපුරු මන්තරකාරියෙකුටත් බය නැති හැටි... මේ වගේ වැදගත් ලස්සන නමක් අත ඇරලා වෙන නමකින් ලියන්න හිතුනෙත් නෑ. ඉතින් ඔන්න ඕකයි මන්තරකාරි අතුරුදන් උනේ...


දැන් ලෝකයා හිනා වෙනවත් ඇති මොකටද මෙච්චර හැංගෙන්නේ කියලා. එහෙම තමයි වැදගත් කට්ටිය. ඒත් මං ඇයි එක්කෙනෙක් නිසා ලියන එක නවත්තන්නේ... මං ආයිත් ලියනවා. ඔන්න මන්තරකාරි කව්ද කියලා උපකල්පනය කරපු, හොයා ගනිපු කවුරුත් කාටවත් කියන්න ඔට්ටු නෑ හරිද??? ප්‍රොමිස්???


10 comments:

හිතුවක්කාර කෙල්ල said...

අම්මියෝ... මෙන්න මන්තරකාරී අක්කා ඇවිල්ලා.. හුරේ!!! මම බැලුවා මොකක් වෙලාද කියලා..ඇත්තටම මම දන්නෙ නෑනෙ ඔයාව..:( :( අනේ මටත් කියන්නකෝ...:p

ආයෙත් ආව එක හොඳයි අක්කි, දිගටම ලියන්න

Raj said...

කොහොම හරි කමක් නෑ..ආයි ලියනව නේව...ජය

මාතලන් said...

Welcome back...!!!!

Dinesh said...

මම නම් මේ නපුරු මන්තරකාරිට බය නෑ...

හරී said...

මන්තරකාරියක් වුනාම ඔහොම ලැජ්ජා වෙලා පුලුවන්ද අප්පා...

මේ කියන්නකො ඔයා කවුද කියලා...කාටවත් කියන්න නෙමෙයි නිකං දැන ගන්න......හදිස්සියකට මන්තරයක් වුනත් ඉල්ලගන්න බැරියැ...

සංකල්ප said...

මම නම් ඔය මන්තරකාරිගේ පින්තූර හිටන් දැකලා තියෙනවා. කියන්න එපා කියලා ඉල්ලපු හන්දා මම් කියන්නේ නෑ.

ලැජ්ජ නපුරු මන්තරකාරියක් !!!

මම් හිතුවේ කොස්ස කඩාගෙන වැටිලා ලෙඩ ඇඳේ කියලා. හික්ස් :)

Podi Kumarihami said...

කවුරු උනාම මොකද මන්තරකාරියක් නම්...:D

Unknown said...

හලේ කවුරු වුනත් කමක් නෑ. ලියන්න අනේ.

අසරණයා said...

අපිටත් කියනවද මං ඔයාව අඳුරන්නේ නැහැ.දිගටම ලියන්න.

මන්තරකාරි said...

හැමෝටම ස්තූතියි ප්‍රතිචාරවලට. ඕං එහෙනම් මං ආයෙත් කියනවා ඈං?? :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .