Saturday, April 30, 2011

මිතුරු සුවඳ


    නිසොල්මනේ විකසිත වී
අරුණැල්ලේ මුකුලිත වූ
පෙති පොඩි වෙයි නෙලා නොගත්
සේපාලිකා මල් සුවඳට
තාමත් හිත ලෙංගතුයි...

පිපි කුසුමකට පෙම් බැද
ගැරහුම් ලද බඹර තුඩට
සවිය දුන් මිතුරු සුවඳ ඔබ
බෑ හඬවා පියඹ යන්න
එපා වැරදියට හිතන්න...

සිසිල් සුළඟේ මුසු වෙන්න
සිලි සිලි නඳ දෙන්න
එපා ඔබ පැමිණෙන්න
මා සිතේ දැවටෙන්න
මිතුරු සුළඟයි ඔබ මාහද...
 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .