Tuesday, February 22, 2011

පිපී හිනැහෙනු ආයෙත් මහද අරණේ...

සියපතට පෙම් කරන මිනිසුන් අතරේ
නිදිකුම්බා මලට පෙම් කරනවුන් සිටිති මෙලොවේ
ගෙනැවිත් රැන්දුවත් සියපතක් උකුලේ
නිදිකුම් මලම රැදුනෙ මහද ගැඹුරේ


කටු මලෙකි ඔබ කලත් වෛර නිබදේ
සේද යහනයි එය මාගෙ සසර ගමනේ
නෙලාගනු නොහැකිමුත් මෙභව කතරේ
නිවන් දකිනු පෙර පිපී හිනැහෙනු ආයෙත් මහද අරණේ

Friday, February 18, 2011

ආදරය...

පළමු බැල්මෙන් ඉපදී
ටිකෙන් ටික ගොඩ නැගී
පුංචි ඉඟියක් ලැබෙන තුරු බලා හිදි
ආදරය...
ලැබුනු ඉඟිය මහමෙරක් වී
හද තුටින් ඉපිලී
අහස් කුස සැරි සරද්දී
හොරු අරන් ගිය ආදරය...
ආ මග මග හරිද්දී
රවා සරදම් කරද්දී
වෙන ලොවකට පිය නගද්දී
නොගිය නැතිවී
ආදරය...
අමතක කරනු ලොව කියද්දී
හද පතුලෙ සැගවී
මතු භවයෙක ලැබෙවී
පෙරුම් පුරමී
ආදරය...

Thursday, February 17, 2011

කුමුදිනිය මම...

ඔය සිත් අහස මත
තරුවක්ව පායන්න
පිං මද කුමුදිනිය මම...
එළිය කරනට නොහැකිමුත්
හැකිය සුවඳ කරනට ලොව
පෙරුම් පුරමින
සඳ මඬළ වී
සිත් අහස සරසන්න...
එපා තරවටු කරන්න
හිරු කුමරු ගෙන එන්න
අහසට නෑ කරදර කරන්නෙ
කුමුදිය දුරින් ඉන්නෙ...

Saturday, February 12, 2011

මගේ හීන මට දෙන්න...

ජීවිතය පුරාම
පරිස්සමට එකතු කර ගත්ත
හීන ඔක්කෝම
මිරිගුවක් කර
අරන් ගිය වසන්තය...
මගේ හීන මට දෙන්න...
අතීතය අරන් යන්න...
 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .